තම හදවතේ පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  හැර දමා වෙනත් කිසිදු පක්ෂයකට නොයන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.


මහින්ද අමරවීර, දුමින්ද දිසානායක සහ ලසන්ත අලගියවන්න මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීමට තීරණය කිරීම සහ එම තීරණය වලක්වමින් අධිකරණය ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ පැවැති වැඩසටහනකදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රිලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන නොමඟ යවන ඩීල්කාරයන් පිරිසක් දැන් එතුමා වටා ඉන්න බව කී අමාත්‍යවරයා, එම ඩීල්කාරයන් සිරිසේන හිටපු ජනාධිපතිවරයාට විවිධ අසත්‍ය කරුණු ඉදිරිපත් කරන බව කීය.

"ඔබතුමා තමයි ජාත්‍යන්තරය ඉල්ලන නායකයා, ඔබතුමා රටේ ජනප්‍රියම නායකයා, ඔබට නැවත ජනාධිපති වෙන්න පුළුවන් වැනි අසත්‍ය තොරතුරු සිරිසේන ට ලබාදෙන කණ්ඩායමක් සිටින බව කී අමාත්‍යවරයා, මෙම ඩීල්කාරයන්  ඉදිරියේදී එතුමාට මොනවා කරයි ද කියන සැකය තමාට තිබෙන බව කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සභාපතිවරයා සමඟ ඉදිරි මැතිවරණ ජය ගත හැකි යැයි සිතනවාදැයි මෙහිදී මාධ්‍යවේදීන් විමසූ විට  ඊට පිළිතුරු නොදුන් අමාත්‍යවරයා සිනාසුණේය.

(lankadeepa.lk- අංජුල මහික වීරරත්න) 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්