අප්‍රේල් මාසයට අදාළ රාජ්‍ය සේවක වැටුප ලබන 10 වැනිදාට පෙර ලබා දෙන බව, මුදල් අමාත්‍යාංශය පවසයි.


මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ, අයවැය යෝජනාවට අනුව ඉහළ දැමූ රාජ්‍ය සේවක දීමනාව ද මෙවර වැටුපට එක් කරන බවයි.

ඒ අනුව මෙම මාසයේ රාජ්‍ය සේවක වැටුපට අමතරව එක් වන මුදල, රුපියල් දස දහසක්.

මේ අතර මෙම මාසයට අදාළ විශ්‍රාම වැටුප් ද අප්‍රේල් 10 වැනිදාට පෙර ගෙවා අවසන් කරන බව, රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ ය.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්