ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති වශයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පත්කිරීමට එහි දේශපාලන මණ්ඩලය මීට සුළු වේලාවකට පෙර කටයුතු කළේය.


එහි වැඩ බලන ලේකම්වරයා ලෙස ජාතික සංවිධායක දුමින්ද දිසානායක තේරි පත් විය.

අද (08) උදෑසන එම පක්ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු ජ්‍යේෂ්ඨයින්ගේ ප්‍රධානත්වයෙන් දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් පැවැත්වූ අතර, එහිදී එම තීරණය ගෙන තිබේ.

 



කෙසේවෙතත් පක්ෂ ව්‍යවස්ථාවට අනුව දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීමට, තීරණයක් ගැනීමට හෝ ඉල්ලීමක් කිරීමට කිසිදු අයිතිවාසිකමක් හෝ බලයක් නොමැති බව නිදහස් පක්ෂ ප්‍රධාන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල පැවසීය.

මහින්ද, ලසන්ත සහ දුමින්ද නෙරපීමට එරෙහි වාරණය දීර්ඝ කෙරේ 

මේ අතර අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මකවීම වළක්වාලමින් නිකුත්කර තිබෙන වාරණ නියෝගය ලබන 24 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කර ඇත.

තමන්ව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව එම අමාත්‍යවරු විසින් ගොනුකළ පැමිණිලි අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම නියෝග නිකුත් කර තිබේ.

අදාළ පැමිණිලිවල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන, වැඩබලන මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

කිසිදු සාධාරණ විනය පරීක්ෂණයකින් තොරව තමන්ව පක්ෂයෙන් නෙරපීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එය බල ශූන්‍ය බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා අදාළ අමාත්‍යවරු විසින් මෙම පැමිණිල්ල දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබුණේය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්