ඇමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් සහ මෙරට ජාතික ආරක්ෂක උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි

සාගල රත්නායක අතර දුරකථන සංවාදයක් පසුගියදා සිදුවී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

එහිදී, ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බවට ඇමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක සලිවන් සහතික වී තිබේ.

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ස්වාධිපත්‍යය වෙනුවෙන් වන ඇමෙරිකානු සහාය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ශ්‍රී ලංකාවේ වැඩසටහනෙහි මූල්‍ය සහ පාලන අවශ්‍ය‍තා සම්පූර්ණ කිරීම සහ දෙරට අතර අනාගත සහයෝගීතාව වැනි ද්විපාර්ශ්වීය කරණු සම්බන්ධයෙන් දෙදෙනා අදහස් හුවමාරු කරගෙන තිබේ.

කලාපීය සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් දැනට ක්‍රියාත්මක පියවර උදෙසා ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කිරීමට ද ඇමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශකවරයා එම දුරකථන සංවාදයේදී එකඟතාවය පළකොට ඇත.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්