ඩිජිටල් හා මාර්ගගත ක්‍රම ඔස්සේ ණය ලබාදෙන මෙරට මූල්‍ය ආයතන කිහිපයකට එරෙහිව ද්වේෂ සහගතව සාවද්‍ය ලෙස හා නීති විරෝධි

ආකාරයෙන් අන්තර්ජාලයට තොරතුරු මුදාහරින්නේ යැයි චෝදනා එල්ලවී ඇති සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් තිදෙනකුට ලබන 22 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි යැවීමට අත්තනගල්ල දිසා විනිසුරු කේසර සමරදිවාකර නියෝග කළේය.

ඩිජිටල් ඕල්ටනේටිව් ලෙන්ඩින් ඇසෝසියේෂන් සමාගම විසින් පවරා තිබූ නඩු පහක් සලකා බැලූ දිසා විනිසුරුවරයා අංගම්පොඩිගේ තිවංක චතුරංග ලක්ෂ්මන් හෙවත් ටුටු, තරින්ද බණ්ඩාර තිස්සකුමාර හා වන්නිඅතපත්තු මුදියන්සේලාගේ නිලන්ත කුමාර යන තිදෙනාට එලෙස නොතිසි නිකුත් කෙරිණි.

විත්තිකාර සමාජ ක්‍රියාකාරීන්ගෙන් රුපියල් මිලියන 4250ක වන්දියක් අයකර දෙන ලෙසත් පෙත්සම්කාර සමාගම අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

රට තුළ පවත්නා නීතිරීතිවලට අනුකූලව තම සමාගම මාර්ගගත ක්‍රම ඔස්සේ ණය ලබාදීම සිදුකරන බවත්, විත්තිකාර සමාජ ක්‍රියාකාරීන් අන්තර්ජාලය ඔස්සේ සාවද්‍ය ලෙස හා ද්වේෂ සහගතව සිදුකරන ප්‍රකාශ නිසා සිය සමාගමට පිරිමැසිය නොහැකි හානියක් සිදුවී ඇති බවත්, සුදත් පෙරේරා නීතිඥ සමාගම මගින් ගොනු කළ එම නඩු මගින් එම සමාගම පවසා තිබේ.

(divaina.lk - ඒ.ජේ.ඒ. අබේනායක)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්