පාරිභෝගික අයිතීන් වෙනුවෙන් ජනතාව නැගී සිටිය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායකයා අවධාරණය කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසන්නේ තෙල්, ගෑස්, විදුලිය නොමැති අවස්ථාවේ ජනතාව අයිතිය වෙනුවෙන් නැගී සිටියත් වෙළඳපළ අසාධාරණයට එරෙහිව මෙතෙක් එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

එබැවින් අසාධාරණ ව්‍යාපාරික ක්‍රියාපිළිවෙතට එරෙහිව නැගී සිටීමට නිසි කල එළඹ ඇතැයි අප්‍රියෙල් 09 වැනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඔහු පැවසුවේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සිය ෆේස්බූක් ගිණුම ඔස්සේ සෑම සඳුදා දිනයක දීම ජනතාව වෙත ඉදිරිපත් කරන බවයි.

එහිදී ගොඩබෑමේ මිල, තොග මිල සහ සිල්ලර මිල ද දැනුම් දීමට පියවර ගැනේ.

ඒ ආකාරයෙන් භාණ්ඩ මිල සම්බන්ධව ජනතාව දැනුවත් කරන්නැයි හෙතෙම සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ද ඉල්ලා සිටියේය.

ෆේස් බුක් ඉදිරිපත් කිරීමට අමතරව රටේ සියලු ජනතාවගේ දැනගැනීම සඳහා මිල ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් ද සැකසෙනු ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.

තමා ඉදිරිපත් කළ තොරතුරු දත්ත මත පදනම් වූ බව ද එක්සත් ජනරජ පෙරමුණු නායකයා පෙන්වා දෙයි.

(චතුරංග මේදිස්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්