leader s

ඉරානය විසින් ඊශ්‍රායලය වෙත එල්ලවෙන ප්‍රහාරයන් හමුවේ අතිශය කල්පනාකාරීව කටයුතු කරන්නැයි ඊශ්‍රයාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල්

බණ්ඩාර සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.

ඉතාමත් අත්‍යවශ්‍ය හේතුවකට හැර තමා සේවය කරන නිවස, සේවා ස්ථානය, වගාබිම් හෝ තමන් පදිංචි ස්ථානයෙන් බැහැර නොයන ලෙසත්, රෝගී තත්ත්වයන් හේතුවෙන් ඖෂධ හා එන්නත්  ලබාගන්න පිරිස දින ගණනාවකට අවශ්‍ය බෙහෙත් රස කර තබා ගන්නා ලෙසත්, වියලි ආහාර හා බීමට අවශ්‍ය ජලය රැස්කර තබා ගන්නා ලෙසත් තානාපතිවරයා ශ්‍රි ලාංකිකයන්ට දන්වා ඇත.

 

වගකීම් විරහිතව සමාජ මාධ්‍යය ඔස්සේ ඡායාරුප, වීඩියෝ, විස්තර කථනයන් කිරීමෙන් වැලකි සිටින ලෙසත් සංවේදී වීඩියෝ හා ඡායාරුප සමාජ ගත නොකරන ලෙසත් තනාපතිවරයා ඉල්ලා සිටී.

 

ඇතැම්විට අන්තර්ජාල, දුරකථන සේවා, GPS  මග පෙන්වන සේවාවන් විටින් විට ක්‍රියා විරහිත් විය හැකි බැවින් අනවශ්‍ය ලෙස කලබලවිමෙන් වලකින ලෙසද ඔහු දන්වයි.

සෑම නිවසකම, වැඩබිමකම ආරක්‍ෂිත කාමර හා නිවස්නයන් තිබෙන බැවින් අනතුරු ගැන්වීමේ නලා හඬ ඇසුණහොත් ආරක්‍ෂිත ස්ථානයකට යාමට වග බලා ගන්නා ලෙසත්, වැඩිහිටියන් හා ආබාධිත පුද්ගලයන් රැක බලාගන්නා පිරිස හදිසියකදී ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව ද සැලකිලිමත් වීම වැදගත් බවත් තානාපතිවරයා සිහි කරයි.

පවතින තත්ත්වය පිළිබඳව තානාපති කාර්යාලය විසින් නිරන්තරව දැනුම්වත් කරන බව ද හදිසි ඕනෑම අවස්ථාවක ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් තානාපති කාර්යාලේ සේවය ලැබෙන බව ද තානාපති නිමල් බණ්ඩාර වැඩිදුරටත් දන්වා සිටී.

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්