සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ශ්‍රී ලංකාභිමාන්‍ය, ආචාර්ය ඒ.ටී.ආරියරත්න ගේ අභාවය සම්බන්ධව 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සිය ශෝකය පළ කර තිබේ.


පෙරදිග සාර දර්ශනයන් පදනම් කරගනිමින් මානව වර්ගවයාගේ සුබ සෙත අරමුණු කරගත් සමස්ත ලෝකයෙහිම ගෞරවයට පාත්‍ර වූ සමාජ ව්‍යාපාරයකට නායකත්වය දුන් ශ්‍රී ලාංකික සුජාත පුත්‍රයෙකු වූ එතුමන්ගේ අභාවය මහත් සංවේගයක් ඇති කරවන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරය පවසන්නේ.

මහත්මා ගාන්ධිතුමන්ගේ අධ්‍යාත්මික හා දාර්ශනික උරුමය ඉදිරියට ගෙන ආ විනෝබා බාවේ තුමන්ගේ පරහිතකාමි දැක්මෙන් උත්තේජනය ලද ශ්‍රී ලාංකේය තරුණයකු තුළ හටගත් අධිෂ්ඨානයක ප්‍රතිඵලයක් ලෙස සර්වෝදය ව්‍යාපාරය වු බව ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසුරිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මානව ගරුත්වය හා සාර සමාජයක් සඳහා වන නිවහල් දැක්මකින් පොහොසත් සර්වෝදය ව්‍යාපාරයේ දර්ශනය රටට හඳුන්වා දෙමින් හා ඒ අනුව තම ජීවිත කාලය පුරාම කටයුතු කරමින් ආචාර්ය ඒ.ටී. ආරියරත්න, ශ්‍රී ලංකා සමාජයට සිදු කර ඇති සේවය අනභිබවනීය බව එම ව්‍යාපාරය අවධාරණය කරයි.

එමෙන්ම එතුමන්ගේ දර්ශනය අනාගත යහපත් ශ්‍රී ලංකාවක් පිළිබඳ අභිප්‍රායකින් යුතුව කටයුතු කරන ලාංකේය සුධීමතුන්ට බොහෝ මඟ ලකුණු දක්වනු ඇති බවට ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විශ්වාසය පළ කරයි.

“ශ්‍රී ලංකාභිමාන්‍ය, ආචාර්ය ඒ.ටී. ආරියරත්න මැතිතුමාගේ අභාවය හේතුවෙන් බලවත් සංවේගයට පත්ව සිටින ශ්‍රී ලාංකික ජන සමුහය සමඟ එක් වන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය එතුමන්ගේ ආදරණීය භාර්යාව වන නීතා ආරියරත්න මැතිණියට ද විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න, චාරිකා, ජීවන්, සදීවා, දියත්, නිම්නා යන දූ දරුවන් ඇතුළු පවුලේ සැම වෙත ද අපගේ බලවත් ශෝකය පළ කරන අතර එතුමන්ට අමා මහ නිවන් සුව අත්වේවායි! ප්‍රාර්ථනා කරන්නෙමු. “ යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

(චතුරංග මේදිස්)

සබැඳි පුවත් :
ඒ.ටී.ආරියරත්න මහතාගේ අවමගුල් උත්සවය සෙනසුරාදා


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්