සිංහල අලුත් අවුරුදු උත්සව සමයේ බිත්තර මිල ඉහළ දැම්මේ තමන් නොව සිල්ලර වෙළෙඳුන් බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ

සංගමය පවසයි.

එහි ලේකම් එච්.එම්.බී. අලහකෝන් ප්‍රකාශ කළේ, තම සංගමය බිත්තර අලෙවි කළේ රුපියල් 40 – 41 තරම් මිලකට වන අතර උත්සව සමය යැයි බිත්තර මිල වැඩි නොකළ බවය.

තමන්ගෙන් ගන්නා බිත්තර සෑහෙන ලාභයක්ද තබාගෙන රුපියල් 46 – 48 කට අලෙවි කිරීමට වෙළෙඳුන්ට හැකියාව තිබූ බව හෙතෙම පැවසීය. එසේම කුඩා ප්‍රමාණයේ බිත්තරයක් නිෂ්පාදකයන් විකිණුවේ රුපියල් 30කට පමණ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 අලුත් අවුරුදු සමයේ බිත්තර රුපියල් 55 – 60 කට ඉහළ නැගීමක් පිළිබඳ තමා දැනුවත් වී නොමැති බව අවධාරණය කළ ලේකම්වරයා එසේ වැඩි මිලට විකිණුවා නම් එය සිල්ලර වෙළෙඳුන්ගේ ජාවාරමක් විය හැකි බව කියා සිටියේය.

 උත්සව සමයේ භාණ්ඩ මිල අත්තනෝමතික ලෙස ඉහළ දැමීම ඇතැම් කූඨ වෙළෙඳුන් කවදත් සිදුකළ දෙයක් බව පැවසු හෙතෙම, බිත්තර වැඩි මිලට අලෙවි කරනවා නම් ඒ පිළිබඳ පියවර ගැනීම රජය සතු වගකීමක් බවද පැවසීය.


(deshaya.lk - යසවර්ධන රුද්රිගූ)

 
බැනරය
වට්ස් ඇප් බැනරය පලකරන්න 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්