දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට

ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා සඳහා කිසිවකු ඵරටට යවා නැතැයි තරුණයෝ පිරිසක් චෝදනා කරති.

රජය හරහා විභාගයකින් තොරව කොරියාවේ රැකියා දෙන බව පවසා එම දේශපාලනඥයා එක් තරුණයකුගෙන් රුපියල් 40,000 බැගින් තරුණයන් 500කගෙන් මෙසේ මුදල් ගෙන ඇතැයි පවසන මෙම තරුණයෝ රුපියල් 1500 බැගින් අයකර  පුහුණුවක් දුන් බව ද සදහන් කරති.

දින හයක් පැවැති කොළඹ මාකොළ ප්‍රදේශයේ දින හයක් පැවැති පුහුණුවට තරුණයන් හැට දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි කරවූ බව ද මෙම තරුණයෝ සඳහන් කළහ.

විභාගයකින් තොරව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ  රැකියා අවස්ථාව කඩිනමින් ලබාදෙන බවත් දිස්ත්‍රික්කයකට රැකියා පනහක් ලැබී ඇති බවත් එම දේශපාලනඥයා පැවැසූ බවද ඔවුහු කියති.

වතුකරයේ තරුණයන් කොරියානු රැකියා සඳහා පිටත් වුවහොත් දළු කැඩීමට බාධාවන හෙයින් වතුකරයට ලැබෙන රැකියා තිස්සමහාරාමයට ලබා ගැනීමට කටයුතු කළ බව දේශපාලනඥයා තරුණයන්ට පවසා ඇතැයි ද කියති.

පුහුණුවට ගිය සෑම තරුණයකුම පොලිස් වාර්තාව ඇතුළු ලියකියවිලි මෙම දේශපාලනඥයාට බාර දී මාස දෙකක් ගතවී ඇතත් තවමත් එක් තරුණයකු හෝ කොරියානු රැකියාව සඳහා යවා නොමැති  බැවින් වියදම්වූ මුදල් ලබා ගැනීමේ අවිනිශ්චිත තත්වයක් මතුවී ඇතැයි තරුණයෝ සඳහන් කළහ.

 (lankadeepa.lk - අමිල සම්පත් ශ්‍රී)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්