සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට ගෙවන පොලී ප්‍රතිශතය සියයට 9 සිට සියයට 13 දක්වා ඉහළ දමන බවත් එම පොලිය ඉහළ දැමීම 2023 වසරේ සිට බලපැවැත්වෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.


රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය එබව කියා සිටියේ, යටියන්තොට ප්‍රදේශයේ පැවැති උත්සවයකදී ය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ගේ පොලිය සියයට 9 ක් දක්වා අඩු කළ බවත් සේවක අර්ථසාධක අරමුදල 2023 වසරේ ඉහළ ලාභාංශයක් ලැබීම හේතුවෙන් එසේ පොලී ප්‍රතිශතය ඉහළ දැමීමට තීරණය කල බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

එම අරමුදල නිසි ආකාරයට ආයොජනයේ යෙදවීමෙන් 2023 වසරේ ලාභාංශ ඉහළ ගොස් ඇති බවත් එම අරමුදලේ සාමාජිකයන් ලක්‍ෂ 27 කට මෙයින් ප්‍රතිලාභ හිමිවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

"සේවක අර්ථසාධක අරමුදල අපේ රටේ තියෙන දැවැන්තම අරමුදල, ලක්ෂ 27ක් සාමාජිකයෝ ඉන්නවා. අපි සූදානම් 2023 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදල ආයෝජනය කරලා උපයාගත් මුදල්වලින් සියයට 9 ක් නොවෙයි සියයට 13ක් ගෙවන්න. 9 තමයි අපි අවම වශයෙන් දියයුතු මුදල හැටියට තිබුණේ. නමුත් සියයට 13ක් දෙන්න රජය දැන් කටයුතු කරගෙන යනවා. මේක රජයේත් ජයග්‍රහණයක්, ඊට එහා ගියාම මේක සාමාජිකයින් විසිහත් ලක්ෂයේම ජයග්‍රහණයක්. ඒ අරමුදල ආයෝජනය කරලා ලබාගත්ත ලාභයෙන් සැබෑ කොටසක් සාමාජිකයින්ට යනවා." රාජ්‍ය අමාත්‍යවරයා කීය.

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්