මෙරට ප්‍රසිද්ධ ටයර් නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 26 කට අධික දඩ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ.


මෙම දඩ මුදල නොගෙවීම නිසා එම සමාගමට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

ටයර් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමු ද්‍රව්‍ය ආනයනය කිරීම වෙනුවෙන් රේගුවට ගෙවිය යුතු බදු වශයෙන් මුලදී රුපියල් කෝටි 800 කට ආසන්න බදු මුදලක් පනවා තිබූ නමුත් පසුව එම මුදල රුපියල් විසි හයකෝටි දසලක්‍ෂයක (රුපියල් 261,000,000) දඩයක් දක්වා අඩු කළ බව ද ඔහු කීය.

පසුගිය මාර්තු 18 වැනිදා පැනවූ එම දඩය පවා සමාගම ගෙවීම මඟහරිමින් සිටින බව ද එම නිලධාරියා කීය.

මෙරටට ටයර් ආනයනය අත්හිටුවීමෙන් පසුව අදාළ සමාගම ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දැනුවත් කිරීමකින් තොරව රුපියල් කෝටි 500 ක් පමණ වටිනා ටයර් දේශීය වෙළෙඳපොළේ අලෙවි කර ඇති බව ද ඔහු කීය.

2021 වසරේ මෙම සමාගම එහි සම්පූර්ණ නිෂ්පාදනයම දේශීය වෙළෙඳපොළට යොමුකර අති විශාල ලාභයක් ලබා ඇති බව ද ඔහු කීය.

එම සමාගමට එහි නිෂ්පාදනවලින් සියයට 20 ක් පමණක් රේගු බදු ගෙවීමෙන් පසුව දේශීය වෙළෙඳපොළට නිදහස් කිරීමට නීතියෙන් අවසර ඇති බව ද ඔහු සඳහන් කළේය. 

ඒ පිළිබඳව ලැබුණු පැමිණිල්ලකට අනුව රේගු දෙපාර්තමේන්තුවේ පශ්චාත් නිෂ්කාශන හා විගණන අංශය විධිමත් පරීක්‍ෂණයක් කළ බවත් එහිදී එම සමාගම රුපියල් කෝටි 500 කට අධික වටිනාකමින් යුත් නිෂ්පාදන දේශීය වෙළෙඳපොළේ අලවි කර ඇතැයි හෙළි වූ බවත් එම නිලධාරියා කීය.

lankadeepa.lk -යොහාන් භාසුර)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්