leader s

අනුරාධපුර බන්ධනාගාරයේ බරපතල උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර එහිදී සිදුවූ වෙඩි තැබීමකින්

එක් රැඳවියකු මියගොස් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි අනුරාධපුර රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය දුලාන් සමරවීර සඳහන් කර සිටියි.

බන්ධනාගාරය තුළ මේ වනවිට ගින්නක් හටගෙන ඇති අතර තත්ත්වය පාලනයට පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව කැඳවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවේ බන්ධනාගාරය තුළින් වෙඩි තැබීමක් සිදුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ප්‍රධානියකු ගෙන් කළ විමසීමකදී පැවසුයේ, අනුරාධපුර බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියකුට කොරෝනා අසාදනයවී ඇතැයි රාවයක් පැතිර යාමත් සමග මෙම නොසන්සුන්කාරී තත්වය හටගෙන ඇති බවයි.

කොරෝනා රෝගියෙකු බවට සැකකෙරෙන රැඳවූවෙකු මීට දින කිහිපයකට පෙර මෙම බන්ධනාගාරයෙන් හඳුනාගැනුණු අතර ඔහුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණි.

එම සිද්ධියත් සමඟ බන්ධනාගාරයේ රැඳවූවන් අද (21) උදැසන සිට නොසන්සුන්කාරී ලෙස හැසිරි තිබේ.

අද (21) දිනයේ කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් පස් දෙනෙක් සොයා ගැනීමට හැකිවූ අතර ඒ අනුව මේ වන විට මෙරටින් හමුවී ඇති මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 77 දක්වා ඉහළ ගොස් ඇත. කොරෝනා රෝගීන් සිව්දෙනෙක් අද දිනයේදී අනුරාධපුර රෝහලෙන් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටියි.

සබැඳි පුවත් :

#fightcorona : සිරකරුවන් නිදහස් කරන්න! - ඔවුන්ද මනුෂ්‍යයෝය!

Anuradhapura

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්