බන්ධනාගාරය තුළ කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම වැලැක්වීම වෙනුවෙන් බලකරමින් පවත්වන ලද උද්ඝෝෂණයකට

බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබීමෙන් දෙදෙනෙක් මරුමුවට පත් වී තිබේ.

අනුරාධපුර බන්ධනාගාරයේ ඊයේ (21) ඇතිවූ නොසන්සුන්තාවය හේතුවෙන් තවත් එක් රැඳවියක් ජිවිතක්ෂයට පත්වූ බව අනුරාධපුර රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය දුලාන් සමරවීර සඳහන් කළේය. මේ වන විට එම සිදුවීමෙන් රැඳවියන් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසිය.

මුළු දිවයිනටම ඇඳිරි නීතිය දමා ඇති අවස්ථාවක රැඳවියන් විසින් තමන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් පවත්වන ලද උද්ඝෝෂණයට වෙඩි තැබූවේ “විරෝධතාව පාලනය කිරීමට” ගිය බන්ධනාගාර නිලධාරීන් බව පොලිසිය විසින් තහවුරු කර ඇත.

“අද දින සවස් කාලයේ අනුරාධපුර බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් විසින් සිදුකරන ලද විරෝධතාවක් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් එය පාලනය කිරීමට යාමේදී නොසන්සුන්තාවක් හටගෙන ඇත,” යි පොලිස් මුලස්ථානය ඊයේ නිකුත් කළ නිවේදනයක දැක්වේ.

 

“විරෝධතාව පාලනය කිරීමට”

“එම අවස්ථාවේදී බන්ධනාගාර තුළ සිටි රැඳවියන් ඉන් මිදී පලා යාමට උත්සාහ කර ඇති අතර, එය වැලැක්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදු කර ඇත.”

ඉන් අනතුරුව රැඳවියන් පිටතට ඒම වැලැක්වීම සහ ආරක්ෂාව සඳහා පොලිසිය, විශේෂ කාර්ය සාධක බලකාය හා කැරලි මර්දන ඒකකය යොදවා තිබෙන බව පොලිසිය නිවේදනය  කර තිබේ.

අනුරාධපුර බන්ධනාගාරය තුළ ඊයේ (21) සවස ඇති වු නොසන්සුන්තාවය හේතුවෙන් කිසිදු රැඳවියෙක් බන්ධනාගාරයෙන් පැන ගොස් නැතැයි ද පොලීසිය පවසයි.

''වෙඩි තැබීම හේතුවෙන් රැඳවියන් 08 දෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ඔවුන් අතරින් රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් තියනවා'' යයි ද පොලිසිය සඳහන් කරයි.

 

'සුළු වැරදි මත රඳවා සිටින්නන්ට ඇප ලබා දෙන්න'  

කොරෝනා රෝගියකු බවට සැක කොට අනුරාධපුර බන්ධනාගාරයේ  රැඳවියකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව බියට පත්ව නිදහස ඉල්ලා සිටි උද්ඝෝෂකයන්ට වෙඩි තබන ලද බව සිරකාර අයිතිවාසිකම් සඳහා වන ලාංකික සංවිධානය කියා සිටී.  

ඇප ලබා දිය හැකි සිරකරුවන්ට හා සුළු වැරදි මත රඳවා සිටින්නන්ට සිරගෙදර තුලදී කොරෝනා රෝගය වැළඳීමේ අවදානම වලක්වා ගැනීම සඳහා ඔවුන්  කොන්දේසි මත හෝ නිදහස් කරන ලෙස රැඳවියන් කළ ඉල්ලීම ජනාධිපතිවරයාටත් ඉදිරිපත් කළ බව 'සිරකරු අයිතීන් සුරැකිමේ කමිටුවේ' සුදේශ් නන්දිමාල් පැවසිය.

"අනුරාධපුර හිරගෙදර හිටපු කෙනෙක් කොරෝනා කියලා සැක කරලා ඉස්පිරිතාලේ නවත්තලා තියෙනවා. අද අනුරාධපුර රෝහලෙන් කොරෝනා හැඳුන කීප දෙනෙක් හොයා ගත්තා අපි ජනාධිපති තුමාටත් කිව්වා නිදහස් කරන්න පුලුවන් අය ඕනෙම කොන්දේසියක් දාලා නිදහස් කරන්න කියලා. බන්ධනාගාරය පැතිරුනොත් පාලනය කරන්න බැරිව ලොකු විනාශයක් වෙනවා. දැනටත් හිරගෙදර ප්‍රමාණයට වැඩි අය දාලා තියෙනවා."

 

රැඳවියා කොරෝනා රෝග ආසාදිතයකු නොවේ

සෞඛ්‍ය බලධාරීන් විසින් පසුව දැනුම් දී තිබුනේ අනුරාධපුර බන්ධනාගාරයේ සිට රෝහල් ගතකරන ලද පුද්ගලයා කොරෝනා රෝග ආසාදිතයකු නොවන බවයි.

දිවයින පුරා පැතිර යන කොරෝනා රෝගය හේතුවෙන් සුළු වැරදිවලට සිරගතවූවන් සහ දඩ ගෙවා ගැනීමට නොහැකිව රඳවාගෙන සිටින පුද්ගලයන් නිදහස් කිරීමට කටයුතු කරන්නයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණි.

කොරෝනා ව්‍යසනය පැතිරීම වැලැක්වීම සඳහා ලොව පුරා රටවල් කිහිපයක් මේ වන විට සුළු වැරදි සම්බන්ධව බන්ධනාගාර ගතවුවන් නිදහස් කර දී ඇති ආදර්ශය අනුගමනය කරන ලෙස  තම සංවිධානය විසින් කරන ලද ඉල්ලීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ යහපත් ප්‍රතිචාරයක් දක්වා නැති අවස්ථාවක මෙසේ ඝාතන සිදුවීම කනගාටුදායක බවද සුදේශ් නන්දිමාල් වැඩිදුරටත් කියා සිටියේය.

 

සබැඳි පුවත් :

අනුරාධපුර බන්ධනාගාරය නොසන්නසුන්: ඇතුලේ ගින්නක් - වෙඩි තැබීමකින් අයෙක් මරුට! (Image) 

#fightcorona : සිරකරුවන් නිදහස් කරන්න! - ඔවුන්ද මනුෂ්‍යයෝය! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්