The Leader News
BREAKING
Top Ad
පුවත්

ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍ර නඩුව ජූලි 24 දක්වා කල් යයි

T

The Leader Desk

May 25, 2026 • 11:43 AM

ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍ර නඩුව ජූලි 24 දක්වා කල් යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචන් වරුසවිතාන ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එම අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකාර ශෂී වීරවංශ අධිකරණයේ පෙනී සිටියාය.
  • මීට පෙර නඩු වාරයේදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම නඩුවේ සාක්ෂි මෙහෙයවීමට පෙර නඩුකරයට අදාළ පරිගණක උත්පාදිත ලේඛන (Computer-generated documents) අඩංගු පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට තමන්ට අවස්ථාව ලැබිය යුතු බවයි.
  • සාක්ෂි ආඥා පනත යටතේ තමන්ට එවැනි ප්‍රවේශයක් මේ දක්වා ලබාදී නොමැති බැවින් නඩුව ඉදිරියට විභාග කළ නොහැකි බව නීතිඥවරයා තර්ක කර තිබුණි.
  • ඔහු අධිකරණයට පෙන්වා දුන්නේ අදාළ ලේඛන පරිගණක උත්පාදිත ලේඛන නොවන බවත්, මුල් ලේඛන ස්කෑන් (Scan) කර දත්ත පද්ධතිය තුළ ගබඩා කර තැබීම පමණක් සිදුකර ඇති බවත්ය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචන් වරුසවිතාන ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එම අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකාර ශෂී වීරවංශ අධිකරණයේ පෙනී සිටියාය.

මීට පෙර නඩු වාරයේදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම නඩුවේ සාක්ෂි මෙහෙයවීමට පෙර නඩුකරයට අදාළ පරිගණක උත්පාදිත ලේඛන (Computer-generated documents) අඩංගු පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට තමන්ට අවස්ථාව ලැබිය යුතු බවයි. සාක්ෂි ආඥා පනත යටතේ තමන්ට එවැනි ප්‍රවේශයක් මේ දක්වා ලබාදී නොමැති බැවින් නඩුව ඉදිරියට විභාග කළ නොහැකි බව නීතිඥවරයා තර්ක කර තිබුණි.

කෙසේ වෙතත්, නඩුව අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා විත්තියේ තර්කය ප්‍රතික්ෂේප කළේය. ඔහු අධිකරණයට පෙන්වා දුන්නේ අදාළ ලේඛන පරිගණක උත්පාදිත ලේඛන නොවන බවත්, මුල් ලේඛන ස්කෑන් (Scan) කර දත්ත පද්ධතිය තුළ ගබඩා කර තැබීම පමණක් සිදුකර ඇති බවත්ය.

එසේ වුවද, විත්තිය ඉල්ලා සිටින ආකාරයට අදාළ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රවේශය ලබාදීම සඳහා, සාක්ෂි විශේෂ විධිවිධාන පනත යටතේ වන නොතීසිය අද දින අධිකරණයට භාරදෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් විත්තියේ නීතිඥවරයා කියා සිටියේ මීට අදාළව ඉදිරියේදී මෝසමක් මාර්ගයෙන් කරුණු දැක්වීමට තමන් අපේක්ෂා කරන බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, නඩුවේ වැඩිදුර විභාගය එළඹෙන ජූලි මස 24 වනදා දක්වා කල් තැබීමට නියෝග කළේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...