අනුරාධපුර බන්ධනාගාරයේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය අද(22) සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පවසයි.


සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද ඔහු සදහන් කළේය.

මානව ඉතිහාසයේ පෙර නොවූ ආකාරයේ වසංගතයෙන් බේරීම පිණිස මුළු ලෝකයම විවිධ ප්‍රයත්නයන් දරමින් සිටියදී ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය හා බැඳුනු පළමු මරණය ඝාතනයක් වීම ඛේදවාචකයකි.

දෙවැනි සිරකරුවාද පසුව රෝහලේදී මියගොස් තිබුණි.

සිදුවීම ගැන කරුණු සොයා නොබලා, පොලිසියේ හෝ ආණ්ඩුවේ නිවේදන දේව වාක්‍ය ලෙස සලකමින් ජනමාධ්‍ය ඇතුළු බොහෝ දෙනා ඒ ඝාතන අනුමත කිරීම ඊලඟ ඛේදවාචකයයි.

කොවිඩ්19 ආසාදිත පුද්ගලයෙක් අනුරාධපුර බන්ධනාගාරයේ සිටින බවට පැතිරගිය රාවයෙන් පසුව පසුගිය සතියේ බන්ධනාගාර නිලධාරීන් විශාල පිරිසක් ද සේවයට වාර්තාකොට නොතිබිණ.

කොරෝනාවෛරසයෙන් සිය ජීවිත බේරා දෙන ලෙස ඉල්ලන්  ...

ඊයේ සිරකරුවන් වහලට නැග උද්ඝෝෂණයේ යෙදුණේත්, වාට්ටුවල බිත්ති කඩාගෙන පලායන්නට උත්සහ කළේත් කොරෝනාවෛරසයෙන් සිය ජීවිත බේරා දෙන ලෙස ඉල්ලමිනි.

එහෙත් ප්‍රධාන පෙලේ බොහෝ මාධ්‍ය එය වාර්තාකර තිබුණේ පොලිසිය විසින් සිරකරුවන්ගේ කැරැල්ලක් මැඩපැවැත්වීමේ සිදුවීමක් ලෙසිනි. 

“සිරකරුවෝත් මනුෂ්‍යයෝ” යයි කියන පාලකයන් අනුරාධුපර බන්ධනාගාරයේ රැඳවියන් කොරෝනාවෛරසයෙන් බේරාගැනීමට ගත් පියවර කුමක්ද?

ශ්‍රී ලංකාවේත් කොරෝනාවෛරසය පැතිරයාමත් සමඟ සිරකරුවන් රෝගයෙන් බේරාගැනීම පිණිස සුළු වැරදි සඳහා දඬුවම් ලබන සිරකරුවන් සහ රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින රැඳවියන් නිදහස් කරන මෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණි. 

බන්ධනාගාර තුළ රෝගය ක්ෂණිකව පැතිර යාමේ බරපතල අනතුර!

ඒ, නිසි සනීපාරක්ෂක පහසුකම් නොමැතිව විශාල පිරිසක් එක තැන ගාල්කර තබන බන්ධනාගාර තුළ රෝගය ක්ෂණිකව පැතිර යාමේ බරපතල අනතුරක් පවතින බැවිනි.

එහෙත් පසුගියදා වැලිකඩ බන්ධනාගාරයට ගොස් එහි තත්වය ද විමසා බැලූ ජනාධිපතිවරයා, එම ඉල්ලීමට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. 

කොවිඩ්19 වසංගතය පැතිර යාමත් සමඟ බොහෝ සිරකරුවන් නිදහස් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ බොහෝ ප්‍රාන්ත දැනටමත් කටයුතු කොට තිබේ.

අනුරාධපුර බන්ධනාගාරයේ රෝගියෙකු සිටියේ නම් බන්ධනාගාරයේ රැඳවියන් බහුතරයකට එය බෝ නොවනු ඇති බවට පාලකයන් දෙන සහතිකය කුමක්ද? එකවර විශාල පිරිසකට රෝගය පැතිරගියහොත් ඔවුන්ට ප්‍රතිකාර කිරීමට රටේ සෞඛ්‍ය සේවයට හැකියාව තිබෙන්නේද? බන්ධනාගාර බලධාරීන් සේවයට වාර්තා නොකළහොත් එහි පාලනය පවත්වා ගන්නේ කෙසේද?

ආණ්ඩුව මේ කරුණු ගැන වහාම අවධානය යොමු කළ යුතුව තිබේ.

සබැඳි පුවත් :

කොරෝනා පාලනය වෙනුවෙන් කළ උද්ඝෝෂණයට වෙඩිතබා 2ක් මරුට !
අනුරාධපුර බන්ධනාගාරය නොසන්නසුන්: ඇතුලේ ගින්නක් - වෙඩි තැබීමකින් අයෙක් මරුට! (Image)
#fightcorona : සිරකරුවන් නිදහස් කරන්න! - ඔවුන්ද මනුෂ්‍යයෝය!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්