ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (ජුනි 14 වැනිදා) සිය ස්ථාවරය පැහැදිලි කරනු ලැබීය.


ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෲවර් ඒම පැහැදිලි කිරීම කරනු ලැබුවේ බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි.

ශ්‍රී ලංකාව සඳහා වූ විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි ඇගයීම සහ 'ආටිකල් iv' උපදේශනයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ නියෝජිත කණ්ඩායම අද (14) පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය.

පීටර් බෲවර් මෙහිදී පෙන්වා දුන්නේ ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගරු කරන බවය.

ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් IMF වැඩසටහනේ කාලය කෙරෙහි එය බලපාන බවත් අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර නැවත කාලරාමුවක් සකස් කරගැනීම සිදුවෙන බවද ඔහු තවදුරටත් පැවසීය.

“ඕනෑම රටක මැතිවරණ පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට අපි සම්පූර්ණයෙන්ම ගරු කරන අතර අපි එම ක්‍රියාවලියට අනුගත වෙනවා. එබැවින්, වැඩසටහනට අනුකූල වීම සහ ඉදිරියට යන ප්‍රතිසංස්කරණ සාකච්ඡා කිරීම සඳහා අප විසින් සිදු කරන අපගේ දූත මණ්ඩලවල කාලයට මෙය ටිකක් බලපායි. ඉතින් තවම මැතිවරණය කැඳවලා නැහැ. එබැවින් අපි එය බලාගෙන ඉන්නවා. ඉන්පසුව මැතිවරණය අනුව අපේ කාලසටහන සකස් කර ගන්නේ කෙසේද යන්න බලධාරීන් සමඟ සාකච්ඡා කරනවා” යැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර බෲවර් අවධාරණය කළේය.

වාහන ආනයනයට මාර්ග සිතියමක්

මෝටර් වාහන ආනයනය සඳහා වන සීමාවන් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් මූලික මාර්ග සිතියමක් සකස් කර ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනාවරණය කළේය.

ඒ අනුව 2024 තුන්වන කාර්තුවෙහි පොදු මගී ප්‍රවාහන සහ විශේෂ කාර්ය වාහන ආනයනය ආරම්භ වන අතර 2024 හතර වන කාර්තුවේදී භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය සහ 2025 දී සෙසු ආනයනය ආරම්භ කිරීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම (EFF) යටතේ තුන්වන ණය වාරිකය අනුමත කිරීමට පෙර එම අරමුදලේ විධායක මණ්ඩලය විසින් පැවැත් වූ සමාලෝචනය අවසන් කර ශ්‍රී ලංකාවට, තුන්වන ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 336ක් වෙත ක්ෂණික ප්‍රවේශය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මේ වන විට අනුමැතිය ලබා දී තිබේ.

 

(BBC සිංහල සේවය)


සබැඳි පුවත් :

IMF : කාර්ය සාධනය ශක්තිමත් නමුත් ආර්ථිකය තවමත් අවදානම් බවට අනතුරු ඇඟවීමක්

IMF වැඩසටහන: ශ්‍රී ලංකාව ඉටු කර නැත්තේ මොනවාද?

'අයි.එම්.එෆ් පොරොන්දු සියයට 25ක් ඉටු කර නෑ'

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්