ඉන්දියාවේ සංචාරයක නිරත 800ක පමණ පිරිසක් විශේෂ ගුවන් යානා මගින් මෙරට බලධාරීන් කටයුතු කර තිබුණි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොරෝනා මර්ධනය සඳහා සියලු පාර්ශව සඳහා පැවැති සාකච්ඡාවේදී මෙලෙස පිරිසක් ඉන්දියාවේ සිර වී සිටින බවත් ඔවුන්ව ගෙන්වා ගත යුතු බවත් අගමැතිවරයා ප්‍රකාශ කරන ලදී.

ඒ අනුවම ඊට පසු දිනම එලස මෙම පිරිස ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලද අතර ඔවුන් විශේෂ ගුවන් යානා මගින් මෙරටට ගෙන්වා ගන්නා ලදී.

එනමුත් මෙහිදී කිසිදු වෛද්‍ය නිර්දේශයක් නොමැතිව නිරෝධායන ක්‍රියාවලියකට ලක් නොකර මෙම සම්පූර්ණ පිරිස නිවෙස් බලා යැවීමට බලධාරීන් කටයුතු කර තිබුණි.

 

වගකීමකින් තොර ක්‍රියාවක් - වෛද්‍ය සංගමය

මෙම ක්‍රියාවලිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දැඩි ලෙස ප්‍රශ්න කර තිබුණු අතර, ඔවුන් ප්‍රකාශ කලේ මෙම තීරණය කිසිදු වගකීමකින් තොර ක්‍රියාවක් බවයි.

ඔවුන් දැඩි ලෙස ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේ මේ පිරිස නිරෝධායනය නොකර නිවෙස් බලා යැවීමට තීරණය කලේ කවුරුන්ද යන්නයි. ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කලේ මෙහි ප්‍රතිඵල තව දින 14කින් පමණ දැකිය හැකි වන බවයි.

අකුරණින් හමු වූ රෝගියා ඉන්දියාවේ සිට පැමිණි අයෙක් බවට වාර්තා වන බැවින් සහ මේ වන විට ඉන්දියාවේ කොරෝනා රෝගීන් ප්‍රමාණය ඉහළ යන බවට වාර්තා වන බැවින් එලෙස පසුගිය සති දෙක තුළ ඉන්දියාවේ සිට පැමිණි සියලුම දෙනාට ස්වයංව නිරෝධායනය වන ලෙස මේ වන විට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජයසිංහ ප්‍රකාශ කර ඇත.

රජය මේ තීරණය ගෙන ඇත්තේ ඉන්දියාවේ සිට පැමිණි පිරිස් සමග තවත් මහජනයා සම්බන්ධ වීම වළකා මෙම වෛරසය පැතිරී යාම වැළැක් වීම සඳහාය.

(aithiya.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්