leader s

කොරෝනා තත්වය හේතුකොටගෙන දැඩි රැකියා අවදානමකට ලක් වීමට ඉඩ ඇති පෞද්ගලික අංශයේ ලක්ෂ ගණනක සේවකයන් වෙනුවෙන් විසඳුමක් සෙවීමට වහාම ජාතික කම්කරු උපදේශන සභාව රැස්කළ යුතු බව

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත පවසයි.

භාරකාර ආණ්ඩුවේ කම්කරු අමාත්‍යවරයා පෞද්ගලික අංශය සඳහා වගකිව යුත්තා වන බැවින් ඉදිරි මාස කිහිපය තුළ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් මිලියන ගණනකට වැටුප් අහිමිවීම යන කාරණය සම්බන්ධයෙන් මැදිහත් විය යුතු බවද ලාල්කාන්ත පෙන්වා දෙයි.

ඒ අනුව විදේශ සබඳතා, කම්කරු සහ වෘත්තීය සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනත්, හාම්පුතුන් වෙනුවෙන් ක්‍රියාත්මක හාම්පුතුන්ගේ සංගමයත් පෞද්ගලික අංශයේ වෘත්තීය සමිතිත් යන පාර්ශ්ව තුනෙන් සැදුම්ලත් ජාතික කම්කරු උපදේශන සභාව රැස් කර මෙම ප්‍රශ්නයට තුලනාත්මක පිළිතුරක් සෙවිය යුතු බවද වෘත්තීය සමිති නායකයකු වන ලාල්කාන්ත වැඩිදුරටත් සඳහන් කරයි.

කොරෝනා හමුවේ විදේශගත ලාංකිකයන් මුහුණ දෙන ගැටළු !

74609605

මේ අතර කොරෝනා වෛරසය හෙවත් Covid-19 වසංගත තත්වය මත විදේශගත ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳව දැනුවත් කිරීමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම 'එතෙර අපි' සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති විසින් විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනව දැනුවත් කරමින් ලිපියක් යොමු කර තිබේ.

විදේශ ගත රැකියාවන්හි නිරත වන ශ්‍රී ලාංකිකයන් ද බොහෝ අපහසුතාවයන්ට මුහුණ දෙමින් සිටින බව පවසන හිටපු ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ඒ අතරින් පහත ගැටලු ඉතා ප්‍රමුඛ අවශ්‍යතා ලෙස කටයුතු කරන්නැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගෙන් ඉල්ලා සිටියි.

01-  විදෙස්ගත රැකියාවක නිරත වන අයෙකු යම් අයුරකින් කොරෝනා රෝගී තත්ත්වයට ගොදුරු වුවහොත් එම පවුල්වල සාමාජිකයන් පිළිබඳ සොයා බැලීම සහ ඔවුන්ගේ මානසිකත්වය නගාසිටුවීමට ඉක්මන් වැඩපිළිවෙළක් සකස් කිරීම.

02-  විසා කාලය අවසන් වී එහෙත් ගුවන් ගමන් නැවැත්වීම නිසා ශ්‍රී ලංකාවට යාමට නොහැකිව සිටින පුද්ගලයන් පිළිබඳව නීතිමය සත්‍ය සොයාබැලීම සහ තානාපති කාර්යාල හරහා ඊට අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීම.

03.  සංචාරක සහ ව්‍යාපාරික කටයුතු වලට විදේශගතව එහෙත් ශ්‍රී ලංකාවට ආපසු යාමට නොහැකි වී සිටින පුද්ගලයන් පිළිබඳව සංගණනයක් ලබාගැනීම සහ ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම.

04.  නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් බලා යන පිරිසට සමානුපාතිකව විදෙස් රටවලින් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින පිරිස් සුදුසු ප්‍රමුඛතා පදනම මත නිරෝධායනය ට යටත්ව ගෙන්වා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කිරීම.

05.  විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මගින් විදේශගත ශ්‍රමිකයන් සඳහා නිකුත් කරන ලද රක්ෂණාවරණයන් මේ අවස්ථාවේ ලබා ගත හැකි සහන පිළිබඳව දැනුවත් කිරීම.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil