leader s

2024 එක්සත් ජනපද මැතිවරණය 2024 නොවැම්බර් 5 අඟහරුවාදා පැවැත්වීමට නියමිතයි.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන්ගේ උප ජනාධිපති කමලා හැරිස් අතර ද්වන්ධ සටනක් බවට එය මේ වන විට පත්ව තිබේ.

තමන් ඇමරිකාවේ ජනාධිපතිවරණය සඳහා නැවත ඉදිරිපත් වන බව ඩොනල්ඩ්‍ ට්‍රම්ප් ප්‍රකාශ කරන විට ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කරමින් සිටියේ ජො බයිඩ්න් ය.

xdt34534
බයිඩ්න් ගේ වියපත් බව විසින් ඔහුගේ පාලන කාලයේ මේ ගෙවෙන අවසන් කාර්තුව පිළිබඳව සුබවාදී දැක්මක් තිබුණේ නැති අතර තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ ට්‍රම්ප් වෙත ක්‍රමානුකූල රැල්ලක් නිර්මාණය විය.

එහෙත් , 2024මැතිවරණයට රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස ජෝ බයිඩන් ඉදිරිපත්වීම ප්‍රතික්ෂේප කොට එම අවස්ථාවක් කමලා හැරිස්ට පැවරීමත් සමග ඩිමොක්‍රටික් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කලබල විය.

මීට පෙර ට්‍රම්ප්ට මුණගැසුනේ බැරක් ඔබාමගේ උප ජනාධිපතිවරිය ලෙස කටයුතු කළ හිලරි ක්ලින්ටන් ය.

අතිශය තියුණු තරගයකින් පසුව ට්‍රම්ප් එවර ජයග්‍රහණය කළ අතර දෛවයේ සරදමකට මෙන් මෙවරද ඔහුගේ ප්‍රතිවාදියා වී ඇත්තේ කාන්තාවකි.

aw3e423
සමේ පැහැය හෝ පසුබිම මත දේශපාලනඥයන් යම් ස්ථානයකට ලඝු නොකළ යුතු බව කමලා 2019 වසරේදී 'වොෂිංටන් පෝස්ට්' වෙත පවසා තිබිණි. අද ට්‍රම්ප් උපහාසයෙන් උලුප්පා දක්වන්නේ කමලාගේ ඉන්දියානු චොක්ලට් පැහැය ය.

එහෙත්, බොහෝ දෙනා ඇයව හඳුන්වන්නේ,"ආසියානු නෙළුම"ලෙසය.

"තමන් මෙවර ජයග්‍රහණය කොට පළමු කාන්තා ජනාධිපතිනිය වුවද, කාන්තාවක් ජනාධිපති වන අවසන් අවස්ථාව මෙය නොවනු ඇති බව" ඈ පවසා තිබේ.

මත විමසුම් වලින් හැරිස් සිය ප්‍රචාරක ව්‍යාපාරයේ මුල් සති කිහිපය තුළ ඇගේ ඡන්ද සංඛ්‍යාවේ ඉහළ යාමක් දුටු අතර අගෝස්තු අග වන විට සියයට හතරකට ආසන්න ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටියේය.

awr342
සැප්තැම්බර් සහ ඔක්තෝබර් මුල ඡන්ද විමසීම් සාපේක්ෂව ස්ථාවර වූ නමුත් තියුණු තරඟයක් බවට පත්ව ඇත.

එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 ක් ඇත. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සෑම විටම පාහේ එකම පක්ෂයට ඡන්දය දෙන බැවින්, යථාර්ථයේ දී අපේක්ෂකයින් දෙදෙනාම ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් ඇති ප්‍රාන්ත කිහිපයක් වෙයි.

එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50න් 38ක්ම 2000 සිට 2016 දක්වා එකම දේශපාලන පක්ෂයකට ඡන්දය දී ඇති බැවින්, ජයග්‍රාහකයා සෑම විටම පාහේ තීරණය වන්නේ "පැද්දීමේ ප්‍රාන්ත" අතලොස්සකිනි. නෙවාඩා, ඇරිසෝනා, ජෝර්ජියා, උතුරු කැරොලිනා, පෙන්සිල්වේනියා, මිචිගන් සහ විස්කොන්සින් යනු ඒවාය.

බයිඩෙන් තරඟයෙන් ඉවත් වූ දිනයේ ඔහු ට්‍රම්ප්ට වඩා සාමාන්‍යයෙන් සටන්කාමී ප්‍රාන්ත හතේ සියයට පහකට ආසන්න සංඛ්‍යාවකින් පසුපසින් සිටියේය. කමලා හැරිස් පැමිණි සැණින් එය සෑහෙන දුරකින් වෙනස් වූ නමුත්, කමලාට තරඟයට අවතීර්ණ වීමට සිදුව තිබුණේ අවාසි රේඛාවේ සිටය.

මේ වන විට ට්‍රම්ප් සහ කමලා හැරිස් අතර දෝලනය වෙමින් තිබෙන ප්‍රාන්ත කීපයක් වෙයි.

sr636f

ඇරිසෝනා, ජෝර්ජියා, නෙවාඩා සහ උතුරු කැරොලිනා හි, අගෝස්තු මස ආරම්භයේ සිට කමලා ඉදිරියෙන් සිටියද මේ වන විට ට්‍රම්ප් ඒ සියල්ලෙන් සුළු ඉදිරියකට පැමිණ සිටී.

මිචිගන්, පෙන්සිල්වේනියා සහ විස්කොන්සින් - හැරිස් අගෝස්තු මස ආරම්භයේ සිට, සමහර විට ලකුණු දෙකකින් හෝ තුනකින් පෙරමුණ ගෙන ඇත. ඡන්ද විමසීම් සැලකිය යුතු ලෙස දැඩි වී ඇති අතර ට්‍රම්ප්ට දැන් පෙන්සිල්වේනියාවේ ඉතා කුඩා ඉදිරියක් ඇත.

2016 දී ට්‍රම්ප් විස්කොන්සින් ජයග්‍රහණය කළේ සියයට 0.7කින් වන අතර 2020 දී, ජෝ බයිඩන් ප්‍රාන්තය පෙරළමින් ප්‍රතිශත ලකුණු 0.6 කින් ජයග්‍රහණය කළේය.

ට්‍රම්ප් 2016 දී ජනාධිපතිධුරය දිනා ගැනීමේ මාවතේ රිපබ්ලිකන් පක්ෂයේ  රතු පැහැයට හැරවීමට පෙර එම ප්‍රාන්ත තුනම ඩිමොක්‍රටික් බලකොටු විය. බිඩෙන් 2020 දී ඒවා නැවත ලබා ගත් අතර හැරිස්ට එය කළ හැකි නම් ඇය මැතිවරණය ජයග්‍රහණය කිරීමට නියමිත ය.

ට්‍රම්ප්ට මැතිවරණය ජයග්‍රහණය කිරීමට නම්, මිචිගන්, විස්කොන්සින් සහ පෙන්සිල්වේනියා යන “නිල් පවුර” ප්‍රාන්ත තුනෙන් එකක් හැරිස්ගෙන් පෙරළා දැමිය යුතුය.

කෙසේවෙතත් ඇමෙරිකානු ජනාධිපතිවරණයේ අතිශයින්ම තීරණාත්මක ප්‍රාන්තයක් වන ඇරිසෝනාවේ සටන මේ වන විට ආරම්භ වී තිබේ.

පසුගිය සති කිහිපය පුරාවටම බොහෝ ඇරිසෝනා ඡන්ද විමසීම්වලදී ට්‍රම්ප් හැරිස්ට වඩා වැඩි ප්‍රමුඛතාවයක් ලබා ඇති නමුත් සමීක්ෂණවලින් පෙන්නුම් කරන්නේ තරඟය තවමත් යුධ පිටියේ ඇදහිය නොහැකි තරම් සමීප බවයි.

“කමලා හැරිස් ඇමරිකාවේ පළමු කාන්තා ජනාධිපතිනිය වීමට තරම් එම ප්‍රාන්තවලින් ප්‍රමාණවත් තරම් ජයග්‍රහණය කර ඇති බව අපට පෙනී යයි,” ටයිම්ස් එක්සත් ජනපද සහකාර කර්තෘ ඩේවිඩ් චාටර් සිකුරාදා පැවසීය.

නවතම CNN මත විමසුමට අනුව හැරිස් මිචිගන් හි ඡන්දදායකයින් අතර ට්‍රම්ප්ට වඩා 48% සිට 43% දක්වා ඉදිරියෙන් සිටින අතර හිටපු ජනාධිපතිවරයාට, විස්කොන්සින් හි 51%-45% කින් ඉදිරියෙන් සිටී. 2016 දී එම ප්‍රාන්ත ට්‍රම්ප්ට පක්ෂව කැඩී ගිය නමුත් ජනාධිපති ජෝ බයිඩන් 2020 දී ඒවා ජයග්‍රහණය කළේය.

කෙසේ වෙතත්, මත විමසුම් සම්බන්ධව සියයට සීයක් නිවැරදි අදහසක් ඉදිරිපත් කිරීම අසීරුය. හිලරි ක්ලින්ටන් ද 2016 වසරේදී ජාතික මතවිමසුමකදී එම අගයෙන් ම ලකුණු පහකින් ඉදිරියෙන් සිටි නමුත් ජනාධිපතිවරණයේදී ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට පරාජය විය.

මෙවර ජනාධිපතිවරණයේදී කමලා හැරිස් ජයග්‍රහණය කළොත් එයින් එක්සත් ජනපද ඉතිහාසයේ පළමු කාන්තා ජනාධිපතිනිය බිහිවෙයි.

මීට සමීප අවස්ථාවකට ආවේ හිලරි ක්ලින්ටන් ය. හිලරි පළමු වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ බැරක් ඔබාමා සමගය. එවර කළු ජාතික ඔබාමා ජයග්‍රහණය කොට සුදු ජාතික හිලරි පරාජය වෙයි.

ser2345
මෙවර කළු ජාතික කමලා හැරිස්, සුදු ජාතික ඩොනල්ඩ් ට්‍රම්ප් සමග තරගවදී.

එය අතිශය තීරණාත්මක තරගකාරී මැතිවරණයකි.

යම් අපේක්‍ෂකයකු ජනාධිපති ධූරයට පත්වීමට නම් මැතිවරණ විද්‍යාල 270 ක් ජයග්‍රහණය කිරීම අවශ්‍ය වේ.

කෙසේවෙතත් මෙවර ඇමරිකාවේ ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ව එක් අයෙක් නිෂ්චිතව තෝරාගෙන සිටී. ඒ, ජෝයි නම් සුනඛයා ය.

Ranjith samarakoon(සටහන -රංජිත් කුමාර සමරකෝන්)
නිදහස් මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්