leader s

කුරුණෑගල දිස්ත්‍රීක්කයේ 'පොහොට්ටු' පක්ෂයේ බලධාරියා වන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ බලපෑම මත කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂ

ධුරයේ කටයුතු කරන ලද වෛද්‍ය සරත් වීර බණ්ඩාර වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මාරු කර තිබේ.

අදාල ස්ථාන මාරුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියගේ අස්සනින් යොමුකර ඇති අතර මේ වන විට රෝහලේ අධ්‍යක්ෂ ධූරයේ වැඩ බලන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන කැදන්ගමුව බවද වාර්තාවේ.

විමල් විරවංශ ගේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන මොහු මෙසේ ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ,  කොරෝනා මර්දනය සඳහා කුරුණෑගල රෝහල නිසි ලෙස කළමනාකරණය නොකරන බවට චෝදනා කරමිනි.

රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයෙන් පිරිසක් පසුගිය දා ඔහුට එරෙහිව විරෝධතාවයක් දියත් කළ අතර එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විභාගයක් සිදුකරන තෙක් මෙම ස්ථාන මාරුව ලබාදී තිබෙන බවද වාර්තාවේ.

කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කළ වෛද්‍ය සරත් වීර බණ්ඩාර මිට ඉහත දී ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්ව සිටියේ, එම රෝහලේ සේවය කළ වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහමඞ් සාෆිට එරෙහිව සිදුකල කුප්‍රකට මෙහෙයුම නිසාය.

Letter Kurunegalaස්ථාන මාරුකිරීමට අදාළ ලිපිය

 

ජෝනිට මල පැන්නේ නලින්ගේ නිවස බාර ගත් නිසාද ?

මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමක දී අනාවරණය වුයේ, කොරෝනා රෝගීන් වැඩි වීමත් සමග හිටපු රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර විසින් අප්‍රේල් මස  27 වන දා ඔහුගේ වෙල්ලන්ගොල්ලේ පිහිටි නිවස කුරුණෑගල රෝහලේ වෛද්‍යවරුන්ගේ නවාතැන් පහසුකම් සදහා ලබාදීමට ඉදිරිපත් වූ අවස්ථාවේදී, ප්‍රදේශයේ දේශපාලන බලධරයා ගෙන් නොවිමසා එම නිවාස බාර ගැනීම වෛද්‍ය සරත් වීර බණ්ඩාර කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කිරීමට බලපෑ මුලික සිද්ධිය බවයි.

nalin bandara homeනලින් බණ්ඩාර ඔහුගේ කුරුණෑගල වෙලන්ගොල්ල නිවස රෝහලට බාරදුන් අවස්ථාව ..

ඊට පසු දින ම එනම් අප්‍රේල් මස 28 වන දින ජොන්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ සමීපතම ගෝලයා වන කුරුණෑගල නගරාධිපති තුශාර සංජීව එම නිවස නිරෝධන මධ්‍යස්ථානයකට භාවිතා කරන බව කියමින් මාධ්‍ය හරහා ප්‍රදේශයේ ජනතාව බියගැන් වූ අතර මැයි 01 දා රෝහල් අධ්‍යක්ෂකට විරෝධය පාමින් මුහුණුපොත ඔස්සේද සටහනක් ලියා තිබිණ.

කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂක සරත් වීරබණ්ඩාර දුරකතය ඔස්සේ දිගින් දිගටම මරණිය තර්ජනය ලැබෙන්නේ ඒ අතරතුරය.

මේ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ උපදෙස් මත කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු වන වෛද්‍ය ඉන්දික රත්නායක රෝහල් අධ්‍යක්ෂකව ඉවත් කිරීම සඳහා පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නේ ඔහුගේ පියාගේ මළගෙදර පවා නොතකමිනි.

අනතුරුව වෛද්‍ය ඉන්දික රත්නායක මැයි 04 වන දා රෝහල් අධ්‍යක්ෂක සරත් වීරබණ්ඩාරට එරෙහිව සුළු පිරිසක් යොදාගෙන උද්ඝෝෂණයක් ද සංවිධානය කර තිබිණ. ඒ, නගරාධිපතිගේ ද සහය ඇතිවය.

මැයි මස 07 වන දින කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂක සරත් වීරබණ්ඩාරට ස්ථාන මාරුවක් ලැබෙන්නේ ඉන් අනතුරුවය.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්