leader s

ජර්මනියේ ලොක්ඩවුන් නීති ලිහිල් කිරීමෙන් දින කිහිපයකට පසු කොරෝනාවෛරසය ආසාදනය වීම ඉහළ ගොස් ඇති බව එරට නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

මේ බව වාර්තා වන්නේ ලොක්ඩවුන් නීති සම්පූර්ණයෙන් ම ඉවත් කරන ලෙස මහජන ඉල්ලීම් පවතිද්දීය. ඒ සඳහා රජයට බල කරමින් දහස් ගණනක් ජනතාව සෙනසුරාදා වීදි බැස සිටියහ.

එරට ප්‍රාන්ත 16ක නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ලොක්ඩවුන් නීති සැලකිය යුතු ප්‍රමාණයකින් ලිහිල් කළ බව ජර්මනියේ චාන්සලර්වරිය වන අන්ගෙලා මර්කල් බදාදා (මැයි 06) නිවේදනය කළාය.

සියලුම වෙළඳසැල් යළි විවෘත කිරීමට අවසර ලැබිණ. සිසුන් ක්‍රමානුකුලව නැවත පාසල් වෙත ගෙන්වා ගැනීමටත් පාපන්දු ක්‍රීඩා තරග නැවත ආරම්භ කිරීමටත් අවසර ලැබිණ.

නමුත් මීට වඩා වේගයෙන් නීති ලිහිල් කරන ලෙස ඉල්ලා සෙනසුරාදා ජන විරෝධතා පැවැත්විණි.

වැඩිම කොරෝනාවෛරස් ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වූ රටවල් ලයිස්තුවේ හත්වන ස්ථානයට ජර්මනිය ලියැවී තිබේ.

ඉරිදා වන විට ජර්මනියෙන් වාර්තා වී තිබු කොරෝනාවෛරස ආසාදිතයන්ගේ ගණන 169,218ක් වන අතර කොවිඩ්-19 රෝගයෙන් ජර්මනිය තුළ 7,395ක් මිය ගොස් තිබුණි.

 112230108 whatsubject
ඇතැම් උද්ඝෝෂකයන් පාලනය කිරීමට පොලිසිය ගම්මිරිස් දියර සහිත ස්ප්රේ කෑන් භාවිතා කළේය.

R අගය - The reproduction number:

යම් රෝගයක් සමාජය තුළ පැතිර යා හැකි වේගය විද්‍යාත්මකව නීර්ණය කෙරෙන අංකය R අගය (The reproduction number) ලෙස හැඳින්වේ.

මෙය නියත අගයක් ලෙස නොපවතී. ජන ජීවිතයේ ස්වභාවය සහ සමාජය තුළ ක්‍රමයෙන් වර්ධනය වන ප්‍රතිශක්තිය මත එම අගය වෙනස් වේ.

යම් වසංගතයක දරුණුභාවය නිර්ණය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් සලකා බැලෙන දර්ශක තුනක් පවතී. ඉන් එකක් ලෙස මෙම R අගය භාවිතා වේ.

අනෙකුත් නිර්ණායක දෙක වන්නේ රෝග ලක්ෂණවල ඇති අසාධ්‍ය බව සහ වාර්තාවන රෝගීන් සංඛ්‍යාවයි.

ජර්මනියේ ජාතික සෞඛ්‍ය ආයතනය සෙනසුරාදා නිකුත් කළ වාර්තාවේ ඇස්තමේන්තු කර තිබුණේ මෙම R අගය 1.1ක පවත්වාගත හැකි බවකි. නමුත් ඉරිදා වන විට එය 1.13ක් දක්වා ඉහළ ගොස් තිබුණි. පසුගිය සති තුනක් පුරා මෙම අගය බොහෝ විට පැවතියේ 1ට අඩු මට්ටමකිනි.

R අගය ඉහළ යාම "යම් ආකාරයක අස්ථාවර බවක්" දනවන බවත් ඉදිරි දින කිහිපය තුළ මෙය හොඳින් නිරීක්ෂණය කළ යුතුව පවතින බවත් ජර්මනියේ ජාතික සෞඛ්‍ය සේවය පැවසීය.

මරණ සංඛ්‍යාව අඩුවෙන්:

 112230107 whatsubject                                                     ආසාදිතයන් තහවුරු කර ගැනීම සඳහා මහා පරිමාණයෙන් දියත් වූ පරීක්ෂණ

කොරෝනාවෛරස් වසංගතය පාලනය කිරීම සඳහා පියවර ගත් ආකාරය පිළිබඳව ජර්මානු රජය ප්‍රශංසාවට ලක් විය. ආසාදිතයන් තහවුරු කර ගැනීම සඳහා මහා පරිමාණයෙන් පරීක්ෂණ දියත් කළ අතර කල් තියා ලොක්ඩවුන් නීති ක්‍රියාත්මක කරවීය. මරණ සංඛ්‍යාව අඩුවෙන් තබා ගැනීම සඳහා එය ඉවහල් විය.

අනෙකුත් යුරෝපීය රටවල් හා සංසන්දනය කිරීමේ දී ජර්මනියේ සිදුවී ඇති කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ඉතා පහළ මට්ටමක පවතී.

නමුත් ප්‍රාන්ත නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව රටේ නායිකාව විසින් නීති ලිහිල් කිරීමට ගනු ලැබූ තීරණය ඇතැමුන්ගේ විවේචනයට භාජනය වී තිබේ.

යම් හෙයකින් ඉදිරියේ දී ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ ගියහොත් නැවත නීති සහ සීමා ප්‍රාදේශීය වශයෙන් පනවන ලෙසට ප්‍රාන්ත නායකයන්ට අවසරය ලැබී තිබේ.

ආපන ශාලා, හෝටල් සහ පාපන්දු තරඟ:


ජර්මනියේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යා හැකි බව අලුතින් ලැබී තිබෙන නිල සංඛ්‍යා ලේඛන අනුව පෙනී යනු ඇතැයි බර්ලින් නුවර සිටින බීබීසී වාර්තාකරු පවසයි.

ඔහු පවසන පරිදි මෙම තත්වය උදා වී ඇත්තේ ලොක්ඩවුන් නීති ලිහිල් කිරීම හේතුවෙනි. රෝගය බෝ වීමට වැඩි අවදානමක් සැපයෙන ක්‍ෂේත්‍ර වන ආපන ශාලා, හෝටල් සහ පාපන්දු තරඟ ආශ්‍රිතව පවතී නීති ලිහිල් වීම ඊට ප්‍රධාන වශයෙන් බලපානු ඇති බව බර්ලින් වාර්තාකරු සඳහන් කළේය.

ජර්මනියේ උද්ඝෝෂණ:

ලොක්ඩවුන් නීති ලිහිල් කිරීමට ජර්මනිය ඉක්මන් වූවා වැඩි යැයි ඇතැමුන් චෝදනා කරන අතරතුර එම නීති හා සීමා සම්පූර්ණයෙන් ම ඉවත් කළ යුතු බවට බල කෙරෙමින් ජර්මනියේ උද්ඝෝෂණ ද පැවැත් වේ.

මුලදී කුඩා ජන රාශි වීදි බැස සිටි නමුත් සෙනසුරාදා වන විට දහස් ගණනක් ජනයා බර්ලින්, ෆ්‍රරැන්ක්ෆර්ට්, මියුනිච් ආදී රට පුරා නගර ගණනාවක වීදි බැස සිටිනු දක්නට ලැබිණ.

සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීමේ චෝදනා මත විරෝධතාකරුවන් 30 දෙනෙකු පමණ බර්ලින් නුවර දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඇතැම් උද්ඝෝෂකයන් පොලිස් නිලධාරීන් වෙත බෝතල් දමා ගැසූ බව බර්ලින් බලධාරීහු පවසති.


(බීබීසී සිංහල සේවය)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්