The Leader News
BREAKING
ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●
Top Ad
පුවත්

මෙරට නිල විදෙස් සංචිත වත්කම් සියයට 3.5කින් පහළට ! - මහ බැංකුව පවසයි

T

The Leader Desk

April 8, 2026 • 5:08 AM

මෙරට නිල විදෙස් සංචිත වත්කම් සියයට 3.5කින් පහළට ! - මහ බැංකුව පවසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙයට චීන මහජන බැංකුව යටතේ හුවමාරු ගිවිසුමෙන් ලැබුණු මුදල් ද ඇතුළත් වෙයි.
  • නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් මෙසේද සඳහන් කර ඇත.
  • මේ දින 40 කිසිදු ගැට­ලු­ව­කින් තොරව කට­යුතු කර­ගෙන යනවා.
  • මේක දරා ගන්න ඇතැ­මුන්ට නොහැ­කිව තිබෙ­නවා.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙයට චීන මහජන බැංකුව යටතේ හුවමාරු ගිවිසුමෙන් ලැබුණු මුදල් ද ඇතුළත් වෙයි.

rkt456546
''නිවැ­රදි මූල්‍ය කළ­ම­නා­ක­ර­ණ­යෙන් විදෙස් සංචිත ඩො.බිලි­යන 7.3ක් දක්වා ඉහළ ගිහින්'' -නියෝජ්‍ය ඇමැති චතු­රංග අබේ­සිංහ

 

NW37 chathuranga

නියෝජ්‍ය ඇමැති චතු­රංග අබේ­සිංහ

 

කෙසේවුවද කර්මාන්ත සහ ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන නියෝජ්‍ය ඇමැති චතු­රංග අබේ­සිංහ, ආණ්ඩුවේ  'දිනමිණ" පුවත්පතට අද (08) පවසා ඇත්තේ, නිවැ­රදි මූල්‍ය කළ­ම­නා­ක­ර­ණය හේතු­වෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ප්‍රමා­ණය අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 7.3 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් මෙසේද සඳහන් කර ඇත.

“ලෝකයේ අර්බු­ද­යක් තිබෙ­නවා. තර්ජ­න­යක් ඇතිව තිබෙ­නවා. අපිට එන්න පුළු­වන් අභි­යෝ­ගය සම්පූ­ර්ණ­යෙන්ම කළ­ම­නා­ක­ර­ණය කර තිබෙ­නවා. කිසිදු නිෂ්පා­දන ආය­ත­න­යක් වසා දමා නැහැ. ජන ජීවි­ත­යට, නිෂ්පා­ද­න­ව­ලට කිසිදු බල­පෑ­මක් එල්ල වෙලා නැහැ. රජය එය හොඳින් කළ­ම­නා­ක­ර­ණය කර තිබෙ­නවා. බල­ශක්ති සම්පා­ද­නය අඛ­ණ්ඩව සිදු­කර තිබෙ­නවා. මේ දින 40 කිසිදු ගැට­ලු­ව­කින් තොරව කට­යුතු කර­ගෙන යනවා. මේක දරා ගන්න ඇතැ­මුන්ට නොහැ­කිව තිබෙ­නවා. අප්‍රේල් සිට ජූනි මාසය දක්වා අපිට කිසිදු බල­ශක්ති ගැට­ලු­වක් නැහැ. 2025 වන විට අපි ශක්ති­මත් ආර්ථි­ක­යක් ගොඩ­නඟා තිබුණා. ඩොලර් බිලි­යන 7.3 ක සංචි­ත­යක් අපි ළඟ තිබෙ­නවා. ඩොලර් බිලි­යන 3ට වැඩි ණය මුද­ලක් ගෙවා තිබෙ­නවා. ඩොලර් බිලි­යන 1.7ක වාහන ආන­ය­නය කර තිබෙ­නවා. භාණ්ඩා­ගා­රය සතුව මුදල් තිබුණු නිසා මෙය නිවැ­ර­දිව කළ­ම­නා­ක­ර­ණය කරන්න හැකිව තිබෙ­නවා.

බදු කළ­ම­නා­ක­ර­ණය හොඳින් කර­ගෙන යනවා. දශ­ක­යක් කර­ගන්න නොහැ­කිවූ දේ අපි වස­රක් තුළ සිදු­කර තිබෙ­නවා. අසං­වි­ධිත දේ මේ වන විට සංවි­ධිත කර­ගන්න හැකිව තිබෙ­නවා. ආයෝ­ජන ගේන විට විනි­වි­ද­භා­ව­යෙන් කට­යුතු කර­නවා. ආයෝ­ජ­ක­යන්ට හිමි­වන බදු සහන ආදිය අපි සාකච්ඡා කර තිබෙ­නවා. මීට පෙර මුහුණ බලලා සාකච්ඡා කළේ. දැන් ආයෝ­ජ­ක­යන්ට ඇමැ­ති­ව­රයා හෝ ජනා­ධි­ප­ති­ව­රයා හමු­වී­මට අවශ්‍ය නැහැ. ආයෝ­ජන මණ්ඩ­ලය ආදිය සමඟ කට­යුතු කරන්න පුළු­වන්. බදු සහන සම්බ­න්ධ­යෙන් අපි දැනුම් දී තිබෙ­නවා. ඇතැම් ක්ෂේත්‍ර­වල ඒවා ක්‍රියා­ත්මක වෙනවා. ලංකා­වට එන ආකා­රය සම්බ­න්ධ­යෙන් ආයෝ­ජ­ක­යන්ට මේ වන විට පැහැ­දිලි අව­බෝ­ධ­යක් තිබෙ­නවා. රුපි­යල් මිලි­යන 75 ක පමණ ආයේ­ජ­න­යක් කර­නවා නම් පළමු වසරේ දී බදු සහන හිමි­වෙ­නවා.”

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...