බලපෑමට ලක් වූ අවස්ථාවක දී හැර, නැවත මෙරටට පැමිණීමේ සැලසුම් පිළිබඳව යළි සිතා බලන ලෙස විදේශ ලේකම්

එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.

බලපෑම්වලට මුහුණ දී සිටින අය වෙනුවෙන් මෙම රජය විසින් මෙහෙයවනු ලබන සීමිත ගුවන් ගමන්වලින් ප්‍රයෝජන ගනිමින්, ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට සඳහා තීරණය කිරීමට පෙර, එසේ පැමිණීමෙන් ඔවුන්ගේ රැකියා හා අධ්‍යාපනය කෙරෙහි ඇතිවිය හැකි බලපෑම පිළිබඳව සියුම්ව සලකාබලන ලෙස විදේශ කටයුතු ලේකම් රවිනාථ ආර්යසිංහ සංක්‍රමණික ශ්‍රමිකයන්ගෙන් මෙන්ම ශිෂ්‍යයින්ගෙන් සහ දෙමාපියන්ගෙන් ද ඉල්ලීමක් කර තිබේ.

කොරෝනා වසංගත තත්ත්වය නිසා විදේශ රටවල් 143 ක සිටින තවත්  ශ්‍රී ලාංකිකයෝ 38,983 කට අධික සංඛ්‍යාවක් ආපසු මෙරටට පැමිණීමේ  අපේක්ෂාවෙන් සිටින  බව පෙරේදා (මැයි 16)  දින ශ්‍රී ලංකා රූපවාහිනියේ රාත්‍රී 9.00 ප්‍රවෘත්ති විකාශයට අදහස් දක්වමින් පැවසු විදේශ කටයුතු ලේකම්වරයා, ඉන්  28,000 කට ආසන්න සංඛ්‍යාවක් සංක්‍රමණික ශ්‍රමිකයන් වන බවත් සඳහන් කළේය.

තවද විදෙස් රටවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් 3,078 ක්, කෙටිකාලීන වීසා බලපත්‍රලාභීන් 4,040 ක්, සංක්‍රමණික ශ්‍රමිකයන් 27,854 ක්, ඔවුන්ගෙන් යැපෙන්නන් 3,527 ක් සහ ද්විත්ව පුරවැසියන් 484 ක් සහ වෙනත් අය ද ආපසු මෙරටට පැමිණීමේ  අපේක්ෂාවෙන් සිටින  බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර, පසුගිය අ‌ප්‍රේල් 21 වැනි දින සිට මේ දක්වා එතෙර රටවල් 15 ක සිටි ශ්‍රී ලාංකිකයන් 3,600 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති අතර, එම කණ්ඩායම බොහෝ දුරට විදේශවල අධ්‍යාපනය හැදෑරූ සිසු සිසුවියන්, පුහුණුව සඳහා යවන ලද රජයේ නිලධාරීන් හා ඔවුන්ගෙන් යැපෙන්නන් වන බවද විදේශ සබඳතා අමාත්‍යාංශය පෙන්වා දේ.

''කොරෝනා වසංගත තත්ත්වය නිසා විදේශ රටවල් 143 ක සිටින තවත්  ශ්‍රී ලාංකිකයෝ 38,983 කට අධික සංඛ්‍යාවක් ආපසු මෙරටට පැමිණීමේ  අපේක්ෂාවෙන් සිටියි.''

විදෙස් අමාත්‍යංශ ලේකම්වරයා විසින් පළකරන ලද අදහස් පහත දැක්වේ.

සති දෙකකට පෙර විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩලයීය පත්‍රයට අනුව, මෙම අවස්ථාවේ දී රජයේ ප්‍රමුඛතාවය වන්නේ ආපසු පැමිණීමට අවශ්‍යතාවය තිබෙන මෙන්ම, සමහර අවස්ථාවල දී පැමිණිය යුතුව තිබෙන, සංක්‍රමණික ශ්‍රමික කාණ්ඩය ආපසු රැගෙන ඒමයි.

ඔවුන් සතුව නීත්‍යානුකූලව එම රටවල රැදී සිටීමට අවශ්‍ය වීසා හා අනෙකුත් ලිපි ලේඛණ නොමැති වීම නිසා නීතිවිරෝධී සංක්‍රමණිකයන් බවට පත්ව ඇති අතර, ඔවුන් නීත්‍යානුකූල නොවීම හේතුවෙන් එම රටවල දී සෞඛ්‍ය පහසුකම් සහ වෙනත් කිසිදු පහසුකමක් ලබා ගත නොහැකි තත්ත්වයට මුහුණ දී සිටියි.

''විරැකියාව හේතුවෙන් නැවත මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන අය ඒ පිළිබදව නැවත සළකා බලන්න.''

එසේම රැකියාවෙන් නෙරපා හරින ලද බොහෝ දෙනෙකු ද එහි සිටිති. ඔවුන් බොහෝ දුරට අසරණ වී ඇත. මෙම පිරිස් පිළිබදව කටයුතු කිරීමෙන් අනතුරුව, අපට මෙහි පැමිණීමට අපේක්ෂා කරන, එහෙත් රැකියා තිබෙන අය සහ හුදෙක් කොරෝනා අවදානම වළක්වා ගැනීම සඳහා නිවාඩුවට පැමිණීමට අපේක්ෂා කරන අය පිළිබඳව සලකා බැලිය හැකිය.


විදෙස් හි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් :

sTUDENT
#  මීට ඉහත දී අප සිසු සිසුවියන් වෙතින් ඉල්ලා සිටියාක් මෙන්, මෙම සේවකයින් වෙතින් ද අප ඉල්ලා සිටින්නේ, ඔවුන් මෙහි පැමිණීමෙන් සිදුවිය හැකි රැකියා අහිමිවීම හෝ අධ්‍යාපන අවස්ථා අහිමිවීම හෝ විශාල ප්‍රමාදයන් පිළිබඳව ප්‍රවේශමෙන් හා සියුම්ව සලකාබලන ලෙසයි.

#   මක්නිසාද යත්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් ගත් කල, අපට විශේෂයෙන් පෙනී යන්නේ, සමහර ස්ථානවල, එක් දෙමව්පියන් පිරිසකට දරුවන් මෙහි පැමිණීම අවශ්‍ය වන අතර, තවත් දෙමව්පියන් පිරිසකට අවශ්‍ය වන්නේ දරුවන් එහිම රැඳී සිටිමින් විභාග අවසන් කිරීමයි.

#  එබැවින්, මේවා එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික තේරීම් බව මා දන්නා අතර, මෙහි දී යම් තාර්කිකත්වයක් ද තිබිය යුතු යැයි මම සිතමි.


මෙහි පැමිණෙන විට දින 21 ක් නිරෝධායනයට:

#  මක්නිසාද යත්, විදේශ අමාත්‍යාංශයේ දෘෂ්ටි කෝණයෙන් බලන කල, ඔවුන් නැවත ගෙන්වා ගැනීම සඳහා අද අපි ඉතා වෙහෙස වී කටයුතු කරන නමුත්, තවත් මාසයකින් හෝ දෙකකින් ඔවුන්ට ආපසු යාම සඳහා දුෂ්කරතා ඇති වන විට හෝ එක් අධ්‍යයන වාරයක් අහිමි වන විට, ශිෂ්‍යයන් වශයෙන් ඔවුන්ගේ තත්වය සමථයකට පත් කිරීමට උත්සාහ දරන ලෙස නැවත වරක් අප වෙතින් ඉල්ලා සිටිනු ඇති බව මම දනිමි. රැකියාව අහිමි වන අය සම්බන්ධයෙන් ද එය එසේම ය.

#  විදේශ අමාත්‍යංශය සහ රජය ජනතාව නැවත ගෙන්වා ගැනීමට උත්සාහ දරන අතරම, නැවත ආපසු පැමිණීමට අපේක්ෂා කරන මෙම පුද්ගලයින් කෙටිකාලීනව පැමිණීමට නොසිතා, ඔවුන්ගේ අත්‍යාවශ්‍ය අවශ්‍යතා පිළිබඳව ඉතා ප්‍රවේසමෙන් තක්සේරු කළ යුතුය.

#  මෙම සීමිත ඉඩ ප්‍රස්ථාව භාවිතා කිරීම සඳහා හොඳම කාලය මෙය නොවිය හැකි වන අතර, ඔවුන් මෙහි පැමිණෙන විට දින 21 ක් නිරෝධායනයට ද යා යුතුව තිබේ.

#  එහි නවතින අයට සහ විශේෂයෙන්ම වඩාත් අවදානමට ලක්විය හැකි අය සඳහා, ඔවුන් මුහුණ දෙන ගැටලු ඔවුන් සිටින තැනදීම කළමනාකරණය කිරීම පිණිස, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය ද නියෝජනය වන දූත මණ්ඩල 16 ඇතුළුව, විදේශවල පිහිටි අපගේ දූත මණ්ඩල 67 හි විවිධ ජාලයන් හරහා, වියළි සලාක ලබා දීමට සහ අවශ්‍ය විටෙක දී ඖෂධ ලබා දීම මඟින් හැකි තාක් දුරට උපකාර කිරීම සහතික කිරීමට අපි උත්සාහ දරන්නෙමු.


කෙටිකාලීන සංචාර සඳහා ගිය අය :

#  කෙටිකාලීන සංචාර සඳහා ගිය අය සම්බන්ධයෙන් ගත් කල, අප විසින් ඔවුන් නැවත මෙහි රැගෙන ආ යුතුව තිබේ. ඔවුන්ට යාමට වෙනත් තැනක් නොමැත. අප ඒ පිළිබඳව දැනුවත්ව සිටින්නෙමු.

#  යම් තරමකට ඇති දුෂ්කරතාවය වන්නේ, ඔවුන් සෑම තැනකම විසිරී සිටීම සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය, දැනට පියාසර කරන භාණ්ඩ ප්‍රවාහන යානා පවා, මෙම අගනගරයන් බොහොමයකට පියාසර නොකිරීමයි.

#  අප දැනටමත් ඔවුන් මෙහි පැමිණෙන ගුවන් ගමන් සමඟ ඒකාබද්ධ කරමින් පවතින අතර, ඔවුන් සියලු දෙනාම ආපසු රැගෙන එන්නේ කෙසේද යන්න, මේ මොහොතේ දී ඉහළම මට්ටම්වල දී සාකච්ඡා කෙරෙමින් පවතින කරුණකි.

(මූලාශ්‍රය - news.lk)

logo

 Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්