ශ්‍රී  ලංකාවට අන්තවාදී තර්ජන එල්ල වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින වාර්තා සහ ප්‍රචාර සාවද්‍ය බව

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක ලේකම්වරයා ජනතාවට දැනුම් දෙන්නේ එවැනි අසත්‍ය ප්‍රචාර සහ පළවන වාර්තා පිළිබඳ විශ්වාසය නොතබන ලෙසයි.

ශ්‍රී  ලංකාව තුල අන්තවාදී තර්ජන එල්ල වන බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබී නොමැති බව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා අවධාරණය කර සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජය සියලූම බුද්ධි අංශ එක් ජාලයක් යටතට ගෙන ඇති අතර අභ්‍යන්තර හා බාහිර වශයෙන් ආරක්ෂාවට ඇති තර්ජන පිළිබඳ බුද්ධි තොරතුරු ලබා ගැනීම සඳහා බුද්ධි අංශ ශක්තිමත් කර තිබෙන බවද ඔහුගේ නිවේදනයේ සඳහන් වේ.

කොරෝනා වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා හමුදාවේ සහ පොලීසියේ සහය ලබාගැනීම තුළින් රටේ ජාතික ආරක්ෂාව කිසිඳු ආකාරයකින් නොසලකා හැර නොමැති බව ආරක්ෂක ලේකම්වරයා සිය නිවේදනයෙන් කියා සිටියි.

ජාතික ආරක්ෂාව ද පවත්වා ගනිමින් කොරෝනා වෛරසයේ පැතිරීම පාලනය කිරීම සඳහා රජය ගන්නා උත්සහයට සහය වීම සඳහා හමුදා සහ පොලිස් නිලධාරීන් යම් සංඛ්‍යාවක් යොදවා ඇති බව ද මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්