කොවිඩ් 19  වසංගත තත්ත්වය පාලනය වී රට සාමාන්‍ය තත්ත්වයට පැමිණ ජනතාවට එදිනෙදා ස්වකීය වැඩ කටයුතු ඉටුකරගත හැකි තත්ත්වයක් පවතී නම්,

 අප්‍රේල්, මැයි මාසවලදී ලබා දුන් රු 5000 බැගින් වූ මුල්‍යාධාරය ජූනි මාසයේ දී ද ලබාදීමේ සැබෑ අවශ්‍යතාවයක් තිබේද යන්න සලකා බැලීම අවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාවේ මතය වන අතර, එසේ කරන්නේ නම් එය ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතියක් නොවන බවට ප්‍රදර්ශනය වීම අත්‍යවශ්‍යවන බවද එම කොමිසම අවධාරණය කර සිටියි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා ආපදාවන්ට පත්වූ පුරවැසියන්ට සහන සැලසීම වස් අප්‍රේල්, මැයි මාසවලදී ලබා දුන් රු 5000 බැගින් වූ මුල්‍යාධාරය 2020 ජූනි මාසයේ දීද සිදු කිරීමේ රජයේ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින්, මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් එහි සභාපති මහින්ද දේශප්‍රිය විසින් ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර වෙත 2020 මැයි 17 දා යොමුකර ඇති ලිපියක එබව සඳහන් වේ.

අගමැති ලේකම් ගාමිණි සෙනරත්, අමාත්‍ය මණ්ඩල ලේකම් එස්. අමරසේකර, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිංහ, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල ඇතුළු රජයේ ඉහල නිලධාරීන් කිහිප දෙනෙකුට ද එම ලිපිය යොමුකර ඇත.

 

ආණ්ඩුවේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධන ව්‍යාපෘතියක් :

කොවිඩ් 19 වසන්ගත තත්ත්වය හේතුවෙන් එදිනෙදා ආදායම අහිමි වූ පුරවැසියන්ගේ පවුල් ඒකකවලට හා ආබාධිත/රෝගී හා වැඩිහිටි ජේෂ්ඨ පුරවැසියන්ට පසු ගිය අප්‍රේල් මාසයේ ලබා දුන් හා මැයි මාසය සදහා දැනට ලබා දෙන රු 5000 බැගින් වූ මුල්‍යාධාරය ලබාදීමේ ව්‍යාපෘතිය ආණ්ඩුවේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන ලෙසට පැමිණිලි ලැබීමේ ප්‍රවනතාව වැඩිවෙමින් පවතින බව මැතිවරණ කොමිසම විසින් යොමුකර ඇති ලිපියේ සඳහන් වේ.

Rs.5000ආණ්ඩුවේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධන ව්‍යාපෘතියක්...

තනි පුද්ගලයන් සිවිල් සංවිධාන පමණක් නොව තරග කරන දේශපාලනය පක්ෂ ලේකම්වරු විසින් ද මෙම කාර්යය දේශපාලනමය ස්වරූපයක් ගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇති බැවින්, මෙම මූල්‍ය ආධාර ලබා දීම හරහා කිසිදු ආකාරයක දේශපාලන පක්ෂ අපේක්ෂක ප්‍රවර්ධනයක් සිදු කිරීමට ඉඩ නොදෙන ලෙස අදාල සියලුම නිලධාරීන් වෙත දැනුම් දෙන ලෙසද එම ලිපිය මගින් අවධාරණය කර තිබේ.

එම ලිපිය මගින් තවදුරටත් අවධාරණය කර ඇත්තේ, මෙම මුල්‍ය ආධාරය ලබාදීම හරහා කිසිදු දේශපාලනමය ප්‍රවර්ධනයක් සිදු නොවිය යුතු බවට ජනතාව දැනුවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියා කරන බවයි.

එමෙන්ම මේ ආධාර ලබා දීමේ වැඩසටහන් වලින් ප්‍රාදේශීය හා ග්‍රාමීය දේශපාලනඥයින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසත්  එම ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් වලින් ග්‍රාම නිලධාරී ස්වේච්ඡාවෙන්ම ඉවත් වන සේ ක්‍රියා කර තිබීම පිලිබඳව ලද පැමිණිලි සම්බන්ධයෙන් ද නිසි අවධානය යොමු කරන්න ලෙසත් මැතිවරණ කොමිසම, ජනාධිපති ලේකම් ඇතුළු බලධාරීන් ගෙන් ඉල්ලා සිටියි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්