ශ්‍රී  ලංකා ටෙලිකොම් ආයතනයට අයත් මොබිටෙල් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී (වැඩබලන) ලෙස ශශික සෙනරත් පත් කිරීම දේශපාලන බලහත්කාරය මත සිදුව ඇත්තක් බව සඳහන් කරමින් එම සමාගම්

අභ්‍යන්තරයේ විරෝධයක් මතුව තිබේ.
වෘත්තීය සමිති ඇතුළු විරෝධය දක්වන පිරිස් මේ සම්බන්ධව තොරතුරු වාර්තා කරමින් පෙන්වා දෙන්නේ, ජනාධිපතිගේ  හා අගමැතිගේ සමීප ඥාතියකු වන ශශික සෙනරත් ශ්‍රී ලංකා මොබිටෙල් හී ප්‍රධාන අලෙවි විධායක -(වැඩබලන ) තනතුරට පත්වීමට දේශපාලන බලය හැරුනු විට සුදුසුකම් පාර්ශවයෙන් නම් ගව් ගණනාවක් ඈතින් සිටින්නෙකු බවය.

බංකොලොත් වීමේ අවදානමක් !

එසේම මේ වන විට ටෙලිකොම් සමූහයේ ලාභ දායකත්වයෙන් 50% ක පමණ කොටසක් ශ්‍රී ලංකා මොබිටෙල් දායකත්වයෙන් සැපයෙන බවත් එවැනි පසුබිමක පලපුරුද්දක්, අත්දැකීම් සහ සුදුසුකම් සැපිරූවන් පසෙක තබා දේශපාලන බලපුළුවන්කාරකම් මත තනතුරු ලබා දීම අවදානම් තත්ත්වයක් බවත් ඔවුන් පවසයි.

මෙහිදී ඔවුන් පෙන්වා දෙන්නේ, සමාගමේ ඉහළ තනතුරු අනවශ්‍ය ලෙස විශේෂයෙන් ම දේශපාලනීකරණය වීම හරහා සමාගමක් ලෙස වර්ධනය වනවා වෙනුවට බොහෝ රාජ්‍ය ආයතන මෙන් මූල්‍යමය වශයෙන් බංකොලොත් වීමේ අවදානමක් ඇති බව යි.

එසේම සමාගමක ඉහළ නිලයක් ලබා ගැනීමට හැකියාව පළපුරුද්ද වෙනුවට දේශපාලන බලපුළුවන්කාර කමෙන් ඉදිරියට ඒම එම සමාගමේ මානව සම්පත් ඵලදායිතාව සම්බන්ධව අහිත කර සංඥා වක් බව අමුතුවෙන් කිවයුතු නැත.

ඊට සාක්ෂි මේ වන විටත් අදාළ පත්වීම තුළ පෙන්නුම් කරමින් ඇති බවට තොරතුරු ඇත.

ඒ ශාශික සෙනරත් ශ්‍රී ලංකා මොබිටෙල් ප්‍රධාන අලෙවි විධායක (වැඩබලන) ලෙස පත් වීම ලබන්නේ ඔහුට වඩා ඊට සුදුසුකම් ඇති නිලධාරීන් පනහකට වැඩි පිරිසක්  සිටිය දී ය. 

සුදුස්සන් යටකොට ඇති අපූරුව !

එසේම ඔවුන් අතරත්  අවුරුදු 15 ට වැඩි කාලයක් අලෙවි අංශයේ  විශේෂී පළපුරුදු ඇති එනම් මෙකී පත්වීම වෙනුවෙන් නියමිත පරිසාධන මට්ටමේ සිටින ජේෂ්ඨ නිලධාරීන් සිටිති. ශශික සෙනරත් සතුව ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් - මොබිටෙල් හී වසර 5ක පළපුරුද්ද පමණි.

එහිදී ද ඔහු කටයුතු කර ඇත්තේ විකුණුම් අංශයේ මිස අලෙවි අංශයේ නොවේය. 

ඒ අනුව සේවක පිරිස් සහ වෘත්තීය සමිති නියෝජිතයන් පවසන්නේ අතිශය තරගකාරී ක්ෂේත්‍රයක් නියෝජනය කරන සමාගමක් සම්බන්ධව මෙකී පත්වීම කොහෙත්ම නොගැලපෙන්නක් බවය.

මොබිටෙල් සමාගම් අභ්‍යන්තරයේ මේ සම්බන්ධ විරෝධය තවත් ඉස්මතුව ඇත්තේ ශශික සෙනරත් දේශපාලන බලය උපයෝගි කරගෙන එක්වරම  ශ්‍රේණි 4ක් ඉහළට ගොස් අදාළ තනතුර ලැබීම පමණක් නොව නව තනතුරේ වැටුපට අමතරව තවත් ලක්ෂ 10ක දීමනාවක් ද සකසා ගෙන තිබීමය.

mobiසිකුරාදා නිවේදනය සඳුදා අවසන් දිනය : ඔන්න ඔහොමයි තනතුර හදාගත්තෙ !

මේ සම්බන්ධව අදහස් දක්වමින් තොරතුරු හෙළිකල පාර්ශවයක් මෙසේ පැවසීය.

"2020 පාස්කු සතියේ සිකුරාදා තමයි මේ තනතුරට ඇබෑර්තු දක්වලා ආයතන අභ්‍යන්තරයේ නිවේදනයක් ප්‍රසිද්ධ කරන්නේ. සඳුදා වෙනකොට  ඒ සඳහා ඉල්ලීම් කිරීමට තිබූ කාලය අවසන් වෙනවා. අවුරුදු 10 - 15 අලෙවි අංශයේ අත්දැකීම් බහුල අය විසිවෙනවා. ඇත්තට ම ජනාධිපතිගේ ඥාතියකු වීම හැර වෙන කිසිම අවස්ථාවක් ශශික සෙනරත්  ට නෑ.

 හැබැයි ඔය දීමනා වැටුපට ගන්න කොට තේරුම් ගන්න ඕන මෙච්චර කල් කෑව බිව්ව මේ ආයතනයෙන් කියලා. බාප්පා  අගමැති ලේකම් වුනහම තනතුරක් ගන්න බැරි නම්  වැඩකුත් නැහැ. ඒත් මේ සමාගම නියෝජනය කරන ක්ශේත්‍රය  ඊට තැන නෙවෙයි. ඔච්චරටම ඉහළ තනතුරක් ඕන්නම්, ඕන  තරම් අවස්ථාව නැද්ද වෙන තැනක ගන්න.. 

දැන් ප්‍රධාන විධායක නිලධාරී ආයතන  කාර්ය මණ්ඩලයට මේල් කොපි කරනවා අදාළ  තනතුරට අවශ්‍ය සහය දෙන්න කියලා.

එයාලටයි සහ මෙයාලටයි - ලැජ්ජාවක් තිබුණා නම් මෙහෙම වෙන්නේ නෑ !

ඇත්තටම මේ තනතුරු  දේශපාලන හයිය මත ගන්න පුළුවන් ඒවා නොවෙයි. මේවා අත්දැකීම් පළපුරුද්ද සුදුසුකම් දක්ෂතාව අනුව තමයි ලැබෙන්න ඕන. දේශපාලන  බලපෑම මත මේ වගේ තම තුනක් ගැනීම අනික් සහෝදර කාර්ය මණ්ඩල වලින් මුහුණ බලන්න බැරි තරම් ලැජ්ජ නැති වැඩක්. ඒත් ඒක වෙලා. 

නමුත් ශ්‍රී ලංකා ටෙලිකොම් - මොබිටෙල් කාර්ය මණ්ඩල මේ සම්බන්ධව කිසිම පැහැදීමකින් නෙවෙයි ඉන්නේ. බාප්පලගෙ බලය නැතිවුණ කාලෙක  අනිත් මිනිසුන්ගේ මූණ බලන්න කොහොමද කියලවත් හිතන්න තරම් පුළුවන් වුනා නම් නේද ?"

සේවක කොටස් සීරුවෙන් !

මේ අතර වැඩිදුරටත් වාර්තා වන්නේ මෙම තනතුර සඳහා පුරප්පාඩු කැඳවනවා නම් එය විධිමත් ලෙස සිදුකරන ලෙස සමාගම්  පරිපාලනය දැනුවත් කිරීමට ටෙලිකොම් සමූහයේ සේවක පිරිස් සහ වෘත්තිය සමිති කටයුතු කරමින් සිටින බවයි.

එසේ ම සාර්ථක ව පවත්වාගෙන යන රාජ්‍ය අනුබද්ධ ආයතන දේශපාලන බලහත්කාරය යොදා අවධානමේ හෙලන ආකාරයට තනතුරු පත්කිරීම සම්බන්ධව පක්ෂ විපක්ෂ  දේශපාලඥයින් දැනුවත් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.


[මූලාශ්‍රය : newstube.lk]

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්