පළමු වරට එක් දිනක් තුලදී නව්‍ය කොරෝනා ආසාදිත රෝගීන් 152 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇත. සමස්ත රෝගීන් සංඛ්‍යාව

1469 ක් බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.

මෙලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 92 දෙනෙක් කුවේට් සිට පැමිණි පුද්ගලයින් වන අතර, 53 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් වේ.

අනෙක් රෝගීන් 05 දෙනා ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

 

ලාංකිකයන් 19,000කට කුවේටයෙන් පිට වන්නැයි දැනුම් දෙයි !

මේ අතර වලංගු වීසා කාලය ඉකුත් වී කුවේට් රාජ්‍යයේ රැදී සිටින සියලුම දෙනාට ඒ රටෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ලබා දී තිබේ. එම පොදු සමා කාලය මේ වන විට අවසන් දින කිහිපය ගෙවෙමින් පවතී.

ලක්‍ෂය ඉක්මවූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් නිත්‍යානුකූල ලෙස එහි රැදී සිටින අතර තවත් ලාංකිකයන් 19,000 කට ආසන්න පිරිසක් වීසා බලපත්‍ර අවලංගු වී තිබියදී එහි රැඳී සිටිති.

ඒ හේතුවෙන් පොදු සමා කාලයේදී ඔවුන්ගෙන් වැඩි පිරිසත් ශ්‍රී ලංකාවට ඒමට බලාපොරොත්තුවෙන් සිටිති.

එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට මේ වන විටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.

 

කුවේටය පිළිගත් සම්මුතීන් වලින් බැහැරව:

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ කුවේට් රාජ්‍යය විසින් කොරෝනා ලෝක වසංගත තත්ත්වයේදී ලෝකය විසින් පිළිගත් සම්මුතීන් වලින් බැහැරව කටයුතු කර ඇති බවයි.

ඔවුන් ශ්‍රී ලාංකික ඇතුළු විදේශ ශ්‍රමිකයන් පිටත් කර යැවීමේ දී නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර නැති බවත් ඉතා සමීපව කුඩා කුටි වලදී ඔවුන් රදවා ඇති බවත් සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය  කියා සිටියේය.

මේ නිසා එරටින් ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම දෙනාට කොරෝනා ආසාදනය වීමට වැඩි ඉඩක් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

එමෙන්ම ඉදිරියේදී එරටින් ලාංකිකයන් ගෙන්වා ගැනීමේ දී තවදුරටත් ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

=

ශ්‍රී ලාංකිකයින් ආපසු ගෙන්වා ගැනීමේ ක්‍රමය වෙනස් කෙරේ

=covid 19 kuwait

මෙම තත්ත්වය යටතේ විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් ආපසු ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, "එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 197 දෙනාගෙන් 22 ක් ආසාදිතයින් බව නිගමනය කෙරිණ. කුවේට් සිට පැමිණි 462 දෙනාගෙන් දැනට පීසීආර් පරීක්ෂණයට ලක් කළ 150 දෙනෙකු අතරින් 96 දෙනෙක් ම කොරෝනා රෝගීන් ලෙස හඳුනාගනු ලැබ ඇති," බවය.

මෙම තත්ත්වය සලකා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ආපසු ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් නව ක්‍රමවේදයක් සකස් කිරීමට බ්‍රහස්පතින්දා (මැයි 28) දිනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සබැඳි පුවත් :

'රට විරුවන්' කුවේටයේ අන්ත අසරණ වෙලා! - සජිත්, කුවේට් තානාපති හමුවෙයි (වීඩියෝ)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්