යාපනයේ සංගානෙයි හි 35 හැවිරිදි බාලසිංහම් බාස්කරන් මෙසේ පවසයි” එලවලු අස්වැන්න ලබා ගත නොහැකි බැවින්

සතුන් සඳහා ආහාර ලෙස ඒවා ලබා දෙන බවයි. “ඇඳිරි නීතිය අපේ ජීවිත පෙරලලා. අපි බොහෝ බලාපොරොත්තු ඇතිව වගා කලේ. නමුත් අපට ලැබුනේ විනාශය විතරයි.”

තව දුරටත් ඔහු සඳහන් කරේ ලක්ෂ එකහමාරක් වියදම් කොට වගා කල මාලු මිරිස් අස්වැන්න නෙලා ගත හැකි වූයේ එක් වතාවක් පමනක් නිසා ලක්ෂ නමයක පමන පාඩුවක් සිදුව ඇති බවයි. අස්වනු විකිනීමේදී සිදුවන දුෂ්කරතා ගැන ඔහු මෙසේ විස්තර කලේය:

“අක්කර කාලක තක්කාලි වත්ත අතහැර දැම්මා. අක්කර භාගයක මිරිස් වගාව මම අතහැර දැම්මෙ දේශීය වෙලෙන්දෝ ඒවා රුපියල් 15 කට හෝ 20 කට මිල දී ගන්න නිසා. මම බැංකුවට රුපියල් දෙලක්ෂයක් නයයි. ඔක්කොම ගත්තම, මට ලක්ෂ 25 කට වඩා පාඩුයි. මගේ බිරිඳගේ රත්තරන් බඩු රුපියල් ලක්ෂ 6 කට උකස් කරලා තියෙන්නේ. ඒක ගෙවන්නත් අමාරුයි. මෙම රජය අපට වන්දි ගෙවීම ගැන විශ්වාස නැහැ. කලින් නෙලාගත්ත වී ටිකෙන් දැනට ආහාර ටික පිරිමහ ගන්නවා. තත්වය දිගටම පැවතුනොත් ඒ වී ඉවර වුනොත් මොනවා කරන්නද?”

අනෙකුත් ගොවීන්ගේ දුක්ඛිත තත්වය පැහැදිලි කරමින් බාස්කරන් මෙසේ පැවසීය.

“කොරෝනා නිසා ඔක්කොටම අමාරුයි. දැනට සමහරු ලූනු සිටුවීමට සූදානම් වෙනවා. නමුත් බීජ ලූනු වල මිල ඉහල ගිහින් තියෙන්නෙ. බීජ හොන්ඩරයක් රු 15,000 ක්. අක්කර භාගයක වගා කරන්න බීජ හොන්ඩර 12 ක් ඕනි. වෙලඳපල පහත වැටීම නිසා කිසිම විශ්වාසයක් නැති තත්වයකදී ගොවීන් විශාල වියදමක් දරා වැපිරීමට පසුබට වෙනවා. දැනටමත් වපුරන ලද බීජ නිසා ඇතිවූ පාඩුව හේතුවෙන් ගොවියො ආයෝජනය කල යුත්තේ කොතැනදැයි හිතාගන්න බැරුව ඉන්නේ. සත්තුන්ට දෙන ආහාර වල මිල වැඩි වී ඇති නිසා සත්තු ඇති දැඩි කිරීමට පවා නොහැකියි. මා දන්නා ගොවීන් 35 ක් හෝ 40 ක් පාඩුවෙලා ඉන්නේ. හැමෝම බැංකුවට ණයයි. ”

ආන්ඩුව සම්බන්ධයෙන් විරෝධය පලකරමින් ඔහු “අප අපගේ භාන්ඩ විකුනන කොට රජයට බදු ගෙවනවා නමුත් බඩු විනාශ වුනොත් රජය අපිට වන්දි ගෙවන්නේ නැහැ” යැයි පැවසීය.

chilly

චිත්තන්ගේන් හි තවත් මිරිස් නිෂ්පාදකයෙකු වන 42 හැවිරිදි මහලිංගම් නිත්‍යාරාජා ද සිය අතහැර දැමූ මිරිස් වගාව යථා තත්ත්වයට පත් කිරීමට අදහස් කරගෙන සිටි බව කීවේය.

“හදිසියේම දාපු ඇඳිරි නීතිය නිසා අක්කර කාලක බටු වත්ත බන්ඩක්කා පැල සහ මාලු මිරිස් වගාවන් විනාශ වුනා. අතහැර දැමූ මිරිස් වත්ත නැවතත් දලු දාපු නිසා වතුර ඉහිනවා. කෙසේ වෙතත්, තත්වය දිගටම යන නිසා මෙම මිරිස් විකුනන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. අපට දැන් ආදායමක් නෑ. ඒ හින්දා ආහාර පවා මිලදී ගන්න අමාරුයි. අපි පෞද්ගලික ආහාර ද්‍රව්‍ය සමාගම් කිහිපයක් සමඟ කටයුතු කලා. ආදායමක් හොයාගන්න වෙලඳපොලේ වෙලඳුන් සමඟ සහායකයකු ලෙස කුලී වැඩ කරා. අපිව ආරක්ෂා කිරීමෙදි රජය මුලුමනින්ම අපොහොසත්.”

ගෙදර කුලියට මාසෙට දෙදාහක් ගෙවිය යුතු බවත් සමෘද්ධියෙන් ලැබෙන රුපියල් 5,000 ප්‍රමානවත් නොවන බවත් ඔහු පැවසීය.  

ඔහු මෙසේ ද පැවසීය: “යුද්ධයෙන් මේවා විනාශ වෙනකොට පවා අපට රජයේ උදව්වක් ලැබුනෙ නැහැ. මෙම රෝගය නවතින්නේ කවදා දැයි කියන්න බෑ. මෙම විනාශයට අනිවාර්යෙන්ම රජය සහන ලබා දිය යුතුයි. දෙමල දේශපාලනඥයන් අප වෙත ආවෙ නැහැ”

තන්ගානෙයි 74 හැවිරිදි සී නවරත්නම්ට ණය ගෙවීමට සහ ජීවත්වීමට ආදායමක් සොයා ගැනීමට සඳහා කුලී වැඩ කිරීමට බල කෙරී ඇත. “මම අක්කර භාගයක බටු වගා කලා. ඇඳිරි නීතිය නිසා බලන්න වුනේ නැති හින්දා සත්තු හානි කරලා. වෙනත් වතු වලට හානිය පැතිරීම වලක්වා ගැනීම සඳහා සමතලා කරා. ඒ නිසා මට පනස්දහසකට වඩා පාඩු වුනා. අස්වැන්න නෙලා ගත්තා නම් වටිනාකම රුපියල් ලක්ෂයක්” යැයි ඔහු කීය

නවරත්නම් මෙසේ ද පැවසුවේය: “මම අතමාරුවට ආයෝජනය කරේ. නැවත ඒක දෙන්න විදියක් නෑ. මේ නිසා මම වෙනත් වතුවල කුලී වැඩ කරනවා. ඊට අමතරව වතුයාය තියෙන ඉඩමට කුලියක් ගෙවන්නඕනේ. උදේ 9 ට රැකියාවට ගියහොත් අලුයම 1 වන තෙක් වැඩ කරන්නෝනි. පඩිය රුපියල් 800 යි. අපේ බිරිඳට සහ මට ප්‍රමානවත් තරම් ආහාර පවා නැහැ. විදේශයන්හි වෙසෙන සමහර පුද්ගලයින් සහල් කිලෝග්‍රෑම් 5 ක්, පිටි කිලෝග්‍රෑම් 5 ක් සහ සීනී ලබා දුන්නා. ඒකත් කොච්චර කාලෙකට ප්‍රමානවත් වෙයිද? ” ඔහු ප්‍රශ්න කලේය.

('කොරෝනා වසංගතය හේතුවෙන් ලංකාවේ උතුරු නැගෙනහිර ගොවීහු දැඩි අර්බුදයකට මුහුන දෙති නම්' ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පළ වූ ලිපියකින් උපුටා ගන්නා ලදී.)

(srilankabrief.org)

subscribeYT

නවතම පුවත්

ඇට මැස්සා