කොරෝනා වසංගතය හමුවේ සිය රට පැමිනීමට නොහැකිව අතරමං වී සිටින දසදහස් සංඛ්‍යාත මැදපෙරදිග ශ්‍රමිකයන්ට සහන සැලසීමට ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවට චෝදනා කරන වෘත්තීය සමිති විසි

දෙකක් ආණ්ඩුවේ ක්‍රියා කලාපය පිළිකුලෙන් හෙළා දැක තිබේ.

කෝවිඞ් 19 වසංගත තත්වය තුළ කුවේට් ඇතුළු මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රමිකයන් විශාල පිරිසක් ශ්‍රී  ලංකාවට ආපසු පැමිණීමේ අපේක්ෂාවෙන් ඉල්ලීම් කරමින් සිටින අතර, රජය ඔවුන් ගෙන්වා ගැනීමේ වගකීම මගහැර ඇති බවයි එම වෘත්තිය සමිති  පවසන්නේ.

"මෙරටට ගෙන්වා ගත හැකි ශ්‍රමිකයන් කිසියම් විධිමත් ක්‍රමවේදයක් යටතේ ගෙන්වා ගත යුතු අතර, එසේ නොකර ඔවුන් සඳහා පහසුකම් සැපයිය නොහැකි බව පවසමින් ඔවුන් මෙරටට ගෙන්වා නොගෙන සිටීම හා ඔවුන්ට සහන සැලසීමේ ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිකුලෙන් හෙළා දැකිය යුතු බරපතල තත්වයකි," යි  වෘත්තිය සමිති 22 ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

රජයේ වගකීමක්


කුවේට් රාජ්‍යයේ  පමණක්  19000 කට අධික  ශ්‍රමිකයන් පිරිසක් වසංගත තත්වය තුළ මේ වන විටත් අඩු පහසුකම් යටතේ බරපතල පීඩාවට ලක්ව සිටින බව පෙන්වා දෙන වෘත්තිය සමිති අවධාරණය කරන්නේ, වීසා අවසන්වී මේ වන විට නීත්‍යානුකූල නොවන ලෙස එම රටවල රැදී සිටින පිරිසට එම ආණ්ඩු විසින් ලබා දී ඇති සහන කාලය අවසන්වීමට පෙර ඔවුන් ගෙන්වා ගැනීම රජයේ වගකීමක් වන බවයි.

රැකියා සඳහා  ශ්‍රමිකයන් විදේශගත වීමේදී රජය විසින් ඔවුන්ගෙන් මුදලක් අය කරන අතර, එම මුදලින් විදේශ ශ්‍රමිකයන් සඳහා පවත්වාගෙන යන අරමුදලේ රුපියල් බිලියන ගණනක් වන බව පෙන්වා දෙන වෘත්තිය සමිති සිය නිවේදනය මගින් අවධාරණය කර ඇත්තේ විදේශ රැකියා වෙළඳපොළ තුළ මෙරටට විදේශ විනිමය සපයන මැදපෙරදිග ශ්‍රමිකයන් ලංකාවේ ආර්ථිකයේ වැදගත් සාධකයක් බවයි.

ඔවුන්ගේ ජීවිත අනතුරුදායක තත්වයකට වැටී ඇති මෙම අවස්ථාවේ ක්‍රමවත් වැඩපිළිවෙලක් සහිතව ඔවුන් මෙරටට ගෙන්වා ගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් හා වෛද්‍ය ප්‍රතිකාර සැපයීමත්, රෝගයට ගොදුරු වී සිටින ශ්‍රමිකයන්ට එම රටවල දී අවශ්‍ය වෛද්‍ය පහසුකම්  ලබාදීම හා නිරෝධායන කටයුතු සඳහා  මැදිහත් වී කටයුතු කිරීම රජය විසින් පැහැර නොහැර කළ යුතු කාර්යයක් බව වෘත්තිය සමිති රජයට අවධාරණය කර තිබේ.


100476564 1267792310278666 6431188770950742016 n
මාධ්‍ය නිවේදනය මගින් වෘත්තිය සමිති රජයෙන් ඉල්ලා ඇත්තේ මේ තත්වය තුළ විධිමත් වැඩපිළිවෙලක් යටතේ  මැද පෙරදිග ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට හා රෝගයට ගොදුරු වී සිටින ශ්‍රමිකයන් සඳහා පහසුකම් සලසා ඔවුන්ගේ ජීවිත වසංගත අවදානමෙන් මුදවා ගැනීමට කටයුතු කරන ලෙසයි.

ලංකා ගුරු සංගමය, ලංකා වෙළද කාර්මික හා පොදු සේවක සංගමය, ශ්‍රී  ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය, සමස්ථ ලංකා රාජ්‍ය කලමනාකරණ නිළධාරීන්ගේ සංගමය, දුම්රිය ස්ථානාධිපති සංගමය, වාරිමාර්ග පොදු සේවක සංගමය, ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනය, පළාත් කළමණාකරණ සේවා නිළධාරින්ගේ සංගමය, දුම්රිය සේවක සංගමය, දුම්රිය කම්කරු එකතුව, වානිජ හා කාර්මික සේවක සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, සමස්ත ලංකා විදුලි සංදේශ සේවක සංගමය, ජාතික තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය, රජයේ කර්මාන්ත ශාලා සේවක සංගමය, එක්සත් ජාතික තැපැල් සේවක සංගමය, එක්සත් තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය, ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සේවක වෘත්තිය සමිතිය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය, තොරතුරු හා විදුලි සංදේශ සියලූ සේවක සංගමය.  යන වෘත්තිය සමිති ඒකාබද්ධව මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබේ.

මැදපෙරදිග රැකියාවල නිරතව සිටියදී රෝගාබාධිතව පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ආණ්ඩු පක්ෂයේ හිටපු ඇමැතිවරයකු විසින් අවමානයට ලක් කිරීම නින්දිත යැයි සංඝ සමාජයේ හෙලා දැකීමට හේතුවී තිබුණි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්