ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා

ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

නැගෙනහිර පළාත තුළ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන හඳුනා ගැනීම එහි ප්‍රධාන කාර්යයි. එසේ හඳුනා ගත් ස්ථාන හා පුරාවස්තු සංරක්ෂණය කරමින් ඒවා කළමණාකරණය සඳහා සුදුසු වැඩපිළිවලක් හඳුනා ගැනීම මෙන්ම ක්‍රියාත්මක කිරිම ද මෙම බළකායට පවරා ඇත.

මෙම කාර්ය සාධක බළකායේ සභාපති ලෙස පත්කර ඇත්තේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්නයි. එහි සෙසු සාමාජිකයින් මෙසේය.

  1. එල්ලාවල මේධානන්ද හිමි
  2. පනාමුරේ තිලකවංශ හිමි
  3. ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක
  4. ඉඩම් කොමසාරිස්, චන්ද්‍රා හේරත්
  5. මිනුම්පති, ඒ.එල්.එස්. සී. පෙරේරා
  6. මහචාර්ය රාජ් සෝමදේව
  7. මහාචාර්ය කපිල ගුණවර්ධන
  8. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
  9. නැගෙනහිර ඉඩම් කොමසාරිස් එච්.ඊ.එම්.ඩබ්.ජී. දිසානායක
  10. දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර

ජනාධිපතිවරයා මෙවැනි ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර ඇත්තේ,  නැගෙනහිර පළාතේ සිංහල - බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානවල අන්‍යාගමික පිරිස් පදිංචි වෙමින් ඒවා විනාශ කරමින් සිටින බවට ඉකුත් සමයේ සිංහල සංවිධාන හා දකුණේ බොහෝ මාධ්‍ය දිගින් දිගටම තොරතුරු අනාවරණ කරමින් සිටිය දිය.

එම බලපෑම් යටතේ නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට පත්කර ඇති කමිටුවට දෙමල හෝ මුස්ලිම් ජාතිකයින් කිසිවකුත් ඇතුලත් කර නොතිබීම සුවිශේෂී කාරණයකි.

සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක සහ නීති ගරුක  සමාජයක් පිහිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්  තවත් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ. එය සමන්විත වන්නේ සිංහල යුද නිලධාරීන් සහ පොලිස් නිලධාරීන්ගෙනි. මේ අනුව ගුණ ගරුක සමාජය ක් ඇති කිරීම ද දැන් මිලිටරියට බාරදී තිබේ.

එහි සිටින එකම සිංහල නොවන නිලධාරියා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරල් සුරේශ් සාලි පමණි.

 

කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘගේ සටහන:

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට පත්කර ඇති කමිටුවට සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ උවිඳු කුරුකුලසූරිය මෙසේ සඳහන් කර ඇත.

''ජයවේවා, පුරාවිද්‍යා ටාස්ක් ෆොස් එකට දිලිත් ජයවීරව පත් කරල. මම ඇහැව්ව දිලිත් ගෙන් ඒ ගැන, එයා කිව්ව එයා පොඩි කාලෙ ඉඳන් පුරාවිද්‍යාවට කැමතියි කියල. මම නම් ෆුල් සපෝර්ට්, ඔය පොලව යට තියෙන තියෙන ඒව හාරල ගන්නවට. මාත් පොඩි කාලෙ ඉඳන් පුරා විද්‍යාවට කැමතියි. හැබැයි මට පෙන්නෙ ලොකු ජාතිවාදයක් අදින්න යන්නෙ නැගෙනහිර පාදක කරගෙන, ඒක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්ණය

Uvindu STF

සබැඳි පුවත් :

ජනපති ගෝඨාභයගේ මිලිටරි හා පොලිස් බලකාය ගැසට් කරයි !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්