ජනපතිගේ නම අවභාවිත කරමින් රජයේ ටෙන්ඩර් හා වෙනත් මුල්‍ය කටයුතු වලට අනිසි ආකාරයෙන් මැදිහත්ව ඇති ආණ්ඩුවේ දේශපාලනඥයින් හා නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් රජයේ
බුද්ධි අංශ විසින් ජනාධිපතිවරයා වෙත බාරදී ඇතැයි ඉතා විශ්වාස වන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
මේ අතර ජනාධිපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, ඇතැම් කූට පුද්ගලයන් වංචනික අභිප්‍රායයන් ඉටුකර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නම භාවිත කරමින් රාජ්‍ය ආයතනවලට කරන බලපෑම් කිරීම් පිළිබඳ වහාම දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ ඒ පිළිබඳව ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ( අභ්‍යන්තර පාලන) විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.බී. එගොඩවෙලේ වෙත දන්වන ලෙසයි.
ඒ පිළිබඳව දැනුම් දීමට 011 235 44 79 හෝ 011 23 54 354 යන අංකයන් විවෘතව පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.
ඇතැම් පුද්ගලයන් වංචනික අභිප්‍රායන් ඉටුකර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නම, ව්‍යාජ ලෙස සැකසූ අත්සන, ව්‍යාජ ලිපි ශීර්ෂ භාවිත කරමින් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට කරන විවිධ බලපෑම් ගැන දිගින් දිගටම වාර්තා ලැබෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.