හම්බන්තොට, මිරිජ්ජවිල අපනයන සංවර්ධන කලාපයේ ක්‍රියාත්මක වෙමින් පැවති, කේන් ඇපරල් කම්හල එහි සේවයේ නියුතුව සිටි 400 ක් පමන වන සේවකයින්ට දැනුම්දීමකින් තොරවම වසා දමා ඇත.

ඇනවුම් ලැබෙන තෙක් යලි විවෘත කිරීමට හැකියාවක් නැතැයි එහි හාම්පුතුන් විසින් නිවේදනය කර ඇත.

වසංගතය හේතුවෙන් කම්හල වසා දමන විට, එම ආයතනය වෙනත් කර්මාන්තකරුවන්ගේ උප කොන්ත්‍රාත්කරුවෙකු ලෙස ටී ෂර්ට් සහ ස්කිනී නිෂ්පාදනයේ යෙදී සිටියේ ය. 

අදාල සමාගමේ තත්ව පරිපාලකයකු ලෙස වසර පහක පලපුරුද්දක් ඇති, අම්බලන්තොට බැරගම, දිලිත් නිපුන් පැවසුවේ, අප්‍රේල් 20 වැනි දා සියලු අපනයන කලාප වල කම්හල් විවෘත කරන බව ආණ්ඩුව නිවේදනය කල නමුත් කේන් ඇපරල් කම්හල විවෘත නොකල බවයි. 

අමු ද්‍රව්‍ය, නිමි භාන්ඩ හා වෙනත් භාන්ඩ කම්හලෙන් ඉවත් කරමින් සිටින බව නිපුන් ඇතුලු සේවකයින්ට දැනගන්නට ලැබී ඇත. ඒ පිලිබඳව හම්බන්තොට කම්කරු කොමසාරිස් කාර්යාලයට පැමිනිලි කලද ඉන් ප්‍රතිඵලයක් නො ලැබුනු බව ඔහු පැවසීය. පසුව, තම රැකියා සහ වැටුප් ආරක්ෂා කර දීමට මැදිහත්  වන මෙන් ඉල්ලා, කම්කරුවන් එකසිය තිහක් පමන අත්සන් තැබූ ලිපියක් ආයෝජන මන්ඩලය වෙත යොමු කර ඇත.

වන්දියක් ගෙවීම පවා ප්‍රතික්ෂේප කරයි :

ආයෝජන මන්ඩලය, කම්කරු කොමසාරිස් කාර්යාලය සහ කේන් ඇපරල් හාම්පුතුන්, 'සමතයක්' සඳහා, කම්කරු නියෝජිතයින් ලෙස කැඳවනු ලැබූ කිහිප දෙනෙකු සමඟ සාකච්ඡාවක් පවත්වා තිබූ අතර එහි දී සමාගම දැනුම් දී ඇත්තේ තමන්ට ඇනවුම් ලැබී නැති නිසා වන්දියක් ගෙවීම පවා කල නො හැකි බවයි.

මාර්තු මාසයෙන් පසු කම්කරුවන්ට වැටුප් හෝ වෙනත් කිසිදු දීමනාවක් නො ලැබී ඇති අතර මාර්තු මාසයේ දී ලැබී ඇත්තේ නියමිත වැටුපෙන් අඩක් පමනි.

ඒ කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් අනතුරු ව ආයෝජන මන්ඩලය විසින් මිරිජ්ජවිල ආයෝජන කලාපය කේන් ඇපරල් සේවකයින්ට තහනම් ප්‍රදේශයක් බවට පත්කර ඇත.

අර්ථ සාධක අරමුදල් බැර කර නැ !

කම්කරුවන් මුහුනදුන් මෙම තත්ත්වය වසන් කරනු ලැබූ මාධ්‍ය කෙරෙහි ද සේවකයින් තුල ඇත්තේ බලගතු විරෝධයක් බව කම්හලේ මැෂින් ක්‍රියාකරවන්නියක් ලෙස සේවය කල ජනුෂිකා පැවසුවාය. පසු ගිය වසරේ අගෝස්තු මාසයේ සිට කම්කරුවන්ගේ අර්ථ සාධක අරමුදල් බැර කර නැති බව ද ඇය සඳහන් කලාය.  


''අප්‍රේල් 20 දා අපනයන සංවර්ධන කලාප සහ අනෙකුත් තැන්වල ඇඟලුම් කම්හල් ගණනාවක් විවෘත කර ඇතත්, කේන් ඇපරල් මෙන්ම තවත් කම්හල් ගනනාවක් වසා දමා ඇත. ''

අප්‍රේල් 20 දා අපනයන සංවර්ධන කලාප සහ අනෙකුත් තැන්වල ඇඟලුම් කම්හල් ගණනාවක් විවෘත කර ඇතත්, කේන් ඇපරල් මෙන්ම තවත් කම්හල් ගනනාවක් වසා දමා ඇත. 

කොග්ගල අපනයන කලාපයේ කොග්ගල ගාමන්ට්, හික්කඩුව වෝග් ටෙක්ස්, යක්කල එවර් බෙස්ට් සහ හයිඩ්‍රාමනි නිදසුන් කිහිපයක් පමනි. 

ජුනි 02 මාධ්‍ය වාර්තා කලේ ඒ වන විට සේවයෙන් ඉවත් කිරීම, වැටුප් නො ගෙවීම, වැටුපෙන් කොටසක් ගෙවීම යන කරුනු වලට සම්බන්ධිත පැමිනිලි 15,000ක් කම්කරු දෙපාර්තමේන්තුවට යොමු වී කෙරී ඇති බව ය.


Untitled 1මිරිජ්ජවිල අපනයන සංවර්ධන කලාපය

දක්ෂින සංවර්ධන ව්‍යාපෘතිය යටතේ, කොළඹ නගරයෙන් පසු හම්බන්තොට ප්‍රධාන වානිජ මධ්‍යස්ථානය බවට පත් කිරීමේ සැලසුම් මහින්ද රාජපක්ෂ තන්ත්‍රය විසින් ප්‍රකාශයට පත් කලේ, රටේ ජාතික ආදායම වර්ධනය කිරීමේත්, ප්‍රදේශයේ විරැකියාව අතුගා දමා පෙර නො වූ විරූ සමෘද්ධියක් ලඟා කර දීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස පම්පෝරි ගසමිනි.

මිරිජ්ජවිල අපනයන සංවර්ධන කලාපය ඉහත ව්‍යාපෘතියෙහි ප්‍රධාන කොටසක් ලෙස 2012 දී ආරම්භ කෙරුනි. 

අක්කර දෙසිය විසිඅටක ඉඩම් ඒ සඳහා අත්පත් කර ගත්තේ ය. රුපියල් බිලියන 2.2 ක් වැය කරමින් යටිතල පහසුකම් සම්පාදනය කෙරුනි. ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම සඳහා අවුරුදු පහේ සිට විස්ස දක්වා බදු සහන සැලසී ය. යන්ත්‍ර හා උපකරන ගෙන්වීමේ දී ඒවා තීරු බදු සහ පිරිවැටුම් බදු වලින් නිදහස් කරන ලදී. 

ඩොලර් බිලියන ගනනක විදේශ ණය මත වරාය, ගුවන් තොටුපොල සහ මහා මාර්ග ඉදි කරමින් ඒවා දේශීය හා විදේශීය ආයෝජකයන් ගේ ආකර්ශනය දිනා ගනු ඇති බව කියැවිනි.

මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත, ඉදිකිරීම් වලට සම්බන්ධ  නිෂ්පාදන, ප්‍රවර්ධන (logistic) සමාගම්, සුවිසල් සන්නාමික වෙලඳශාලා (branded warehouse) සහ භාන්ඩ නිෂ්පාදන කර්මාන්ත ආරම්භ කිරීම අපේක්ෂිත විය.

එහෙත් පසුගිය අට වසර පුරා ම රාජපක්ෂ ආණ්ඩුවට සහ සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවට මෙම කලාපයට ආකර්ෂනය කර හැකි වූයේ ආයතන පහක් පමනි. එයින් කර්මාන්ත ශාලා තුනක් ම, කේන් ඇපරල් ඇතුලු ඇඟලුම් කම්හල් ය.

ආයෝජන මන්ඩලය යටතේ පාලනය වන සියලු ම ආයෝජන ප්‍රවර්ධන කලාප තුල කම්කරුවන් ගෙන් සියයට 30ක්  අවුරුද්දක් ඉක්මවා රැකියාව නො කරති. සියයට 46ක් සේවයේ යෙදෙන්නේ අවුරුදු තුනට අඩුවෙනි. එනම් සියයට හැත්තෑ හයක් අවුරුදු තුන ඉක්මවා සේවය නො කරති.

වර්තමාන අර්බුදයේ දී මුලින් ම රැකියා අහෝසි කෙරුනේ මාස හය නො ඉක්මවූ සේවකයන්ගේ ය. ඇඟලුම් කර්මාන්තයේ ලක්ෂ හතරකට රැකියා අහිමි වනු ඇති බව ගනන් බලා ඇත. බංග්ලාදේශය, ඉන්දියාව, වියට්නාමය ඇතුලු ආසියාව පුරා කම්කරුවෝ මෙම තත්වයට මුහුන දී සිටිති. 



( මූලාශ්‍රය wsws.org)



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්