හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් ‘‘කරුණා අම්මාන්’’ මෙවර මහ මැතිවරණයේදී සිය පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයෙකු නොවන බව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය අවධාරණය කර සිටියි.


මහින්ද රාජපක්ෂ තමන්ට පොහොට්ටු පක්ෂයේ ජාතික ලයිස්තුවට එන ලෙස ආරාධනා කළ බවත් තමන් එක රැයකදී අලිං මංකඩදී හමුදාවේ 2000ක් 3000ක් මරා දැමු බවත් එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර හිටපු සන්නද්ධ අංශ නායක කරුණා අම්මාන් පසුගිය දා සිදුකළ ප්‍රකාශයත් සමග මැතිවරණ වේදිකාවේ දැඩි ආන්දෝලනයක් මතුව ඇත.

‘‘කරුණා අම්මාන්’’ මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී  ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග වදින අපේක්ෂකයෙකු ලෙසට ඇතැම් දේශපාලනඥයින් සිදුකර ඇති  ප්‍රකාශයන්ට ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කළේ, විනයාගමූර්ති මුරලිදන් මෙවර මහ මැතිවරණයට අම්පාර දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත්ව ඇත්තේ, ද්‍රවිඩ මහ සභා පක්ෂයෙන් බවයි.

හඬපටය 


ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප්‍රතිපත්තිවලට අනුගත විය හැකි පිරිස් පමණක් සිය සන්ධානයට එක්කර ගෙන ඇති බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

එමෙන්ම සිය සන්ධානය දේශද්‍රෝහී න්‍යාය පත්‍රවලට අනුගත වන පිරිස් සමග කටයුතු නොකරන බව ද සාගර කාරියවසම් පැවසිය.

 ආණ්ඩුවේ ස්ථාවරය වහාම රටට එළි කළ යුතුයි - ජවිපෙ  

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් ‘‘කරුණා අම්මාන්’’ සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද අදහස් පළ කර තිබිණ. එහිදී ඔහු කියා සිටියේ කරුණාගේ ප්‍රකාශය පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය වහාම රටට එළි කළ යුතු බවයි.

00000


කරුණා කියපු කතාව ජනතාවට රහසක් නෙමෙයි - ලක්ෂ්මන් යාපා

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් ‘‘කරුණා අම්මාන්’’ සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන අදහස් පළ කරමින් සඳහන් කළේ කරුණා අම්මාන් කළ ප්‍රකාශය රහසක් නොවන බව මෙරට සමස්ථ ජනතාවම දන්නා කරුණක් බවයි. 

කරුණා අම්මාන් පසුගිය රාජපක්ෂ පාලන සමයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රීලනිපයේ නායකයා ලෙස සිටී සමයේදී ඔහුව එම පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙසද පත් කරගන්නා ලදී.


සබැඳි පුවත් 
"ඔව් මම හුඟාක් දරුණු මිනිහෙක්" - කරුණා අම්මාන් 

කරුණා අම්මාන් ඇතුළු දේශපාලන පක්‍ෂ 10ක් පොහොට්ටුව සමඟ අවබෝධතා ගිවිසුමකට (2019 ජුලි 26 )  අත්සන් තැබු අවස්ථාව' The Morning 'වෙබ් අවඩිය වර්තා කළ ඇති අයුරු.

Morning 2020.06.21

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්