කොවිඞ් වසංගත තත්වය හමුවේ දැඩි අපහසුතා ගනනාවක් මැද රෝගී සත්කාරයේ නිරත වූ බස්නාහිර පළාතේ හෙද හෙදියන්ගේ දීමනා ගනනාවක්

කප්පාදු කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සමස්ත ලංකා හෙද සංගමය තීන්දු කර ඇත.

මෙසේ 'බලහත්කාරයෙන් දීමනා කපා ගැනීම ‘‘සුව විරුවන්’’ ලෙස නම් කල හෙද කාර්ය මණ්ඩලයට සිදුකල බලවත් අසාධාරණයක් බවත් එවන් තත්වයක් තුල මුදල් ලබාදීමට ලිඛිත කැමැත්ත පල කල හෙද නිලධාරීන්ගෙන් හැර අන් අයගෙන් මුදල් අය කර ගැනීමට ගන්නා උත්සාහයට තම සංගමයේ බලවත් විරෝධය පල කර සිටින බවත් යම් හෙයකින් එලෙස බලපෑම් කර මුදල් අය කිරීමට කටයුතු කලහොත් ඊට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී. මැදිවත්ත පැවසිය.

මේ සම්බන්ධව ඔහු විසින්  බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත ලිපියක් මගින් දැනුම්දීමක් ද කර ඇත.

බස්නාහිර පළාතේ සියළු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් හා පළාතේ සියළු රෝහල් ප්‍රධානීන් අමතා බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකවරයා විසින් ලිපියක් යවා ඇති අතර එම ලිපියට අනුව පළාත් සභාවේ රෝහල්වල සේවය කරනු ලබන සියළු හෙද නිලධාරීන්ගෙන් එක් දිනක වැටුප ලබාදීමට අකැමැති අයගෙන් ලිඛිත එකගතාව ලබා ගන්නා ලෙසත්, එකගතාව ලබානොදෙන නිලධාරින්ගෙන් ජූනි මස වැටුපෙන් දිනක වැටුප අය කිරීම සිදුකර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ගේ නමට ලියු චෙක්පතකින් 2020. 06. 30 දිනට පෙර එවන ලෙසත් දැනුම් දී ඇත.

මෙය සම්පුර්ණයෙන්ම නිති විරෝධී කටයුත්තක් බවද මුදල් ලබා දීමට අකැමැති අයගෙන් ලිඛිත එකගතාව ලබාගන්නා ලෙස දැනම් දීම හෙද කාර්ය මණඩලයට අනියමින් බලපෑමකට ලක්කර මුදල් ලබාගැනීමට තැත් කිරීමක් බවද සමස්ත ලංකා හෙද සංගමය පවසා සිටී.

WhatsApp Image 2020 06 21 at 9.47.48 AMබස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකවරයා විසින් යවා තිබු ලිපිය

සබැඳි පුවත් :

බස්නාහිර හෙද කාර්ය මණ්ඩලයට අනියමින් බලපෑමක් ! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්