දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් "යුද්ධ හමුදා සාමාජිකයින් ඝාතනය කළ" බවට පසුගිය දා සිදු කළ ප්‍රකාශය පිළිබඳව පොලිස් අපරාධ

පරීක්ෂණ දෙපාර්තමේන්තුව (රහස් පොලිසිය) විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න 'බීබීසී සිංහල සේවය'ට ප්‍රකාශ කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විමර්ශනයක් පවත්වන ලෙසට පොලිස්පතිවරයා කළ නියෝගයක් අනුව පරීක්ෂණය ආරම්භ කළ බවය.

කෙසේ වෙතත්, මෙම විමර්ශනය අවසන් කිරීමට කොපමණ කලක් ගතවේ ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. 

කරුණා අම්මාන් මොනව ද කිව්වේ?

දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනායගමූර්ති මුරලිදරන් අම්පාර, නාවිදන්වැලි ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් ප්‍රකාශ කළේ, 'කොරෝනාවට වඩා තමන් භයානක බව කාර්තිව් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රකාශයක් කර ඇති' බවය.

"කාර්තිව් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කියලා තියෙනවා, කරුණා අම්මාන් කොරෝනාවට වඩා භයානකයි කියලා. එයා කියපු එක ඇත්ත. කොරෝනා ඇවිල්ලා මැරුණේ නව දෙනෙක් විතරයි. අපි එක රැයකින් අලිමංකඩදි 2000ක් 3000ක් විතර හමුදාව මරා දැමුවා. තේරෙනව නේ ද? එයා කියපු එක කිලිනොච්චිවලත් කී දාහක්ද?," කරුණා අම්මාන් එහිදී කළ එම ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ප්‍රධාන නාලිකාවල විකාශය කෙරිණ.

තමන්ට මෙවර ද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලබා දිය හැකි බවට මහින්ද රාජපක්ෂ දැනුම් දුන්න ද, මෙවර මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තු යාමට තමන් තීරණය කළ බව ද ඔහු එහිදී පැවසීය.

රාජපක්ෂවරුන්ගේ දේශප්‍රේමී කථා !

මේ සම්බන්ධයෙන් ට්විටර් ඔස්සේ අදහස් පළ කළ හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සඳහන් කර තිබුණේ, "රාජපක්ෂවරුන් ජාතිකත්වය සහ දේශමාමකත්වය පිළිබදව කතා කරද්දී ඔවුන්ගේ මිනිසුන් හමුදා සාමාජිකයින් ඝාතනය කළ ආකාරය පිළිබඳව පවසන" බවය.
Screen Shot 2020 06 22 at 8.53.04 PMවිනායගමූර්ති මුරලිදරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ රැසක සාමාජිකයින් අදහස් පළ කර තිබිණි.

ෆේස්බුක් ඔස්සේ අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ අපේක්ෂක පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළේ, "කරුණා අම්මාන් වහා අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු" බවය.

Screen Shot 2020 06 22 at 8.57.32 PM

ජාතික ජන බලවේගය පක්ෂයේ අපේක්ෂක වෛද්‍ය නලින්ද ජයතිස්ස ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබිණි.

"කරුණා ඡන්දෙ ඉල්ලනවා, ජනාධිපතිගෙ දෑත් ශක්තිමත් කරන්න. කරුණා අම්පාරේ නැගෙනහිර ගිහින් කියන්නෙ මොනව ද? එයාට ඡන්දෙ දෙන්න. එයා කොරෝනාවලට වඩා භයානකයි, එයා මැරුව අලිමංකඩදී හමුදාවේ 2000ක් 3000ක්. කිලිනොච්චියෙ දාස් ගාණක් මැරුව. හමුදාව මැරුව නිසා මට ඡන්දෙ දෙන්න කියනව. එයා ඒ ඡන්ද ටික අරගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ල ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙ දෑත් ශක්තිමත් කරනව. 

මෙහෙ ඉන්න කට්ටිය ඒ පත් කරපු ජනාධිපතිතුමාගෙ දෑත් ශක්තිමත් කරන්න ඡන්දෙ ඉල්ලනවා. ඒගොල්ලො කියන්නෙ මොකක් ද? අපි තමයි කොටි මැරුවෙ කොටි මරපු නිසා ඡන්දෙ දෙන්න. පුදුම වෙන්න එපා ඡන්දෙට කලින් සහින්දමර්දුවලට ගිහින් සහරාන් වෙනුවෙන් ස්මාරකයක් හදනව, ඒක නිසා අපට ඡන්දෙ දෙන්න කියල කිව්වත්. ඒකත් වෙන්න පුළුවන්."

'කරුණාට නීත්‍යානුකූල සමාවක් හිමි වෙනවා' -එස්.බී. 

සඳුදා (ජුනි 22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය එස් බී දිසානායක ප්‍රකාශ කළේ, "ඔහු යුද්ධයේදී අපේ පැත්තට උදව් කළා. ඒ නිසා ඔහුට නීත්‍යානුකූල සමාවක් හිමි වන," බවය.

මේ අතර, කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් අත්අඩංගුවට ගෙන දඬුවම් කරන්නැයි ඉල්ලා හමුදා නිලධාරීන් ඝාතනය කිරීම ගැන ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කළ බව ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සදුදා මාධ්‍ය වෙත පැවසීය.


103815650 1974733235994352 980531316508493616 o''කරුණාඅම්මාන්ගේ පාපොච්ඡාරණයට එරෙහිව රජය කටයුතු නොකළහොත් ලංකාවේ නීති පද්ධතියට බලවත් හානියක් සිදුවේවි'' -  ඕමල්පේ සෝභිත හිමි

"කරුණා අම්මාන් මේ සා විශාල දරුණු ක්‍රියාවක් කරලත්. සමාජ නායකයෙක් හැටියට වැජඹෙනවා. අදත් වී අයි පී කෙනෙක් හැටියට ආරක්ෂාව සපයන්නේ ආරක්ෂක හමුදාවෙන්," ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

කරුණා අම්මාන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද අදහස් පළ වී තිබිණි.

BBC news 06.22
(බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්