කලාපීය සූර්ය බලශක්ති සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, තිරසාර සංවර්ධනය තුළින් බලශක්ති සුරක්ෂිතභාවය අත්කර ගැනීමටත්
ශ්‍රී ලංකාව කැපවී සිටින බව අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය පැවසුවා ය.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ අද (16) කොළඹ ICT රත්නදීප හෝටලයේ පැවති ජාත්‍යන්තර සූර්ය බලශක්ති සන්ධානයේ (ISA) ආසියා සහ පැසිෆික් කලාපීය කමිටුවේ හත්වන සමුළුවෙහි දෙවන දිනයේ ප්‍රධාන ආරාධතයා ලෙස සහභාගි වෙමිනි.
"විවිධත්වයෙන් හා අවස්ථාවන්ගෙන් පිරි කලාපයක් හරහා සූර්ය බල ශක්ති සහයෝගීතාව ඉදිරියට ගෙන යෑම" යන තේමාව යටතේ පැවති මෙම සැසිවාරයේ මෙවර සම සභාපතිත්වය ශ්‍රි ලංකාව දැරීය .
ශ්‍රී ලංකාව සහ ISA කලාපීය කමිටුව අතර දේශීය හවුල්කාරිත්වය සනිටුහන් කරමින්, නිල මාර්ග සිතියම් රාමුවට අත්සන් තැබුණූ අතර, එය බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි වෙත පිළිගැන්වීම ද මෙහි දී සිදුවිය.
සූර්ය බලශක්තිය භාවිතය පුළුල් කිරීමේ රජයේ "සූර්ය බලශක්තිය සඳහා සටන"යන වැඩසටහන සහ 2030 වන විට 70%ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කය සපුරා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව මෙම අවස්ථාවට එක්වෙමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසීය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු සන්තෝෂ් ජා, ISA අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ආසියා - පැසිෆික් කලාපයේ නියෝජිතයින් ද, රටවල් 124ක සාමාජිකයින් ද මෙම අවස්ථාවට සහභාගී වුහ.








