The Leader News
BREAKING
Top Ad
පුවත්

භාණ්ඩාගාරයට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් වසයි

Awara

Awara

November 4, 2026 • 11:59 AM

භාණ්ඩාගාරයට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් වසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දීර්ඝ කාලයක් තිස්සේ අක්‍රිය මට්ටමේ පැවැති සහ රාජ්‍ය භාණ්ඩාගාරයට දැඩි බරක් වූ තෝරාගත් රාජ්‍ය ව්‍යවසාය ඈවර කර වසා දැමීමේ කටයුතු මේ වන විට සක්‍රියව ක්‍රියාත්මක වන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
  • ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ අදාළ යෝජනාවට 2025 සැප්තැම්බර් මාසයේදී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ අතර, මෙම අක්‍රිය ආයතන අදියර දෙකක් යටතේ ඈවර කිරීමට තීරණය කෙරිණි.
  • ඒ අනුව, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙහෙයවීම සඳහා මුදල් අමාත්‍යාංශය යටතේ විශේෂිත ඈවර කිරීමේ ඒකකය (Special Liquidation Unit) 2026 මාර්තු මාසයේදී ස්ථාපිත කරනු ලැබීය.
  • මේ වන විට නැචුරල් රිසෝසස් (Natural Resources) සමාගම සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර, උසාවි නඩු සහ සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි නොවීම වැනි නෛතික ගැටලු හේතුවෙන් මුල් ලැයිස්තුවේ පැවැති ආයතන 18ක් තාවකාලිකව ඉවත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

දීර්ඝ කාලයක් තිස්සේ අක්‍රිය මට්ටමේ පැවැති සහ රාජ්‍ය භාණ්ඩාගාරයට දැඩි බරක් වූ තෝරාගත් රාජ්‍ය ව්‍යවසාය ඈවර කර වසා දැමීමේ කටයුතු මේ වන විට සක්‍රියව ක්‍රියාත්මක වන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ අදාළ යෝජනාවට 2025 සැප්තැම්බර් මාසයේදී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ අතර, මෙම අක්‍රිය ආයතන අදියර දෙකක් යටතේ ඈවර කිරීමට තීරණය කෙරිණි.

ඒ අනුව, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙහෙයවීම සඳහා මුදල් අමාත්‍යාංශය යටතේ විශේෂිත ඈවර කිරීමේ ඒකකය (Special Liquidation Unit) 2026 මාර්තු මාසයේදී ස්ථාපිත කරනු ලැබීය.

වසා දැමෙන ආයතන ලැයිස්තුව සහ නෛතික ගැටලු

විශේෂ ඈවර කිරීමේ ඒකකය මගින් ක්‍රියාත්මක කෙරෙන පළමු අදියර යටතේ ප්‍රධාන ආයතන රැසක් වසා දැමීමට නියමිතව තිබේ:

* ඒෂියන් ගේම්ස් (Asian Games Pvt Ltd)
* සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට්ස් (Selendiva Investments Ltd)
* ලංකා ලොජිස්ටික්ස් ඇන්ඩ් ටෙක්නොලොජීස් (Lanka Logistics and Technologies Ltd)
* කොමන්වෙල්ත් ගේම්ස් හම්බන්තොට 2018 (Commonwealth Games Hambantota 2018 Pvt Ltd)
*මාගම්පුර පෝට්ස් මැනේජ්මන්ට් (Magampura Ports Management Company Pvt Ltd)
* මිහින් ලංකා (Mihin Lanka Pvt Ltd)
* ටෙක්නෝ පාර්ක් ඩිවලොප්මන්ට් (Techno Park Development Company)
* මාධ්‍ය පුහුණු ආයතනය (Media Training Institute)
* ලංකා සිමෙන්ති (Lanka Cement PLC)
* එක්ස්ප්‍රස්වේ ට්‍රාන්ස්පෝට් (Expressway Transport Pvt Ltd)
* තුරුසවිය අරමුදල

වසර 10කට වඩා පැරණි මූල්‍ය වාර්තා පවා නොමැති, විවිධ අධිකරණ ක්‍රියාමාර්ගවලට ලක්වූ මෙම ආයතන රාජ්‍ය මුදල් නාස්ති වීමට ප්‍රධාන හේතුවක් වී තිබිණි.


මේ වන විට නැචුරල් රිසෝසස් (Natural Resources) සමාගම සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර, උසාවි නඩු සහ සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි නොවීම වැනි නෛතික ගැටලු හේතුවෙන් මුල් ලැයිස්තුවේ පැවැති ආයතන 18ක් තාවකාලිකව ඉවත් කර ඇත. ඒ අනුව ඉතිරි ආයතන 16 හි ඈවර කිරීමේ කටයුතු මේ වන විට කඩිනම් කර තිබේ.

සේවක වන්දි පියවීම සහ ක්‍රියාකාරී ආයතන ලැබූ ලාභය

මෙලෙස වසා දමනු ලබන ආයතනවල සේවකයින්ට දීර්ඝ කාලයක් තිස්සේ නොගෙවා පැවැති හිඟ වගකීම් පියවීම සඳහාද රජය පියවර ගනිමින් සිටී.

2026 අයවැය යෝජනාවලට අනුකූලව අදාළ සේවකයින්ගේ සේවක අර්ථසාධක අරමුදල (EPF), සේවක භාරකාර අරමුදල (ETF) සහ පාරිතෝෂික දීමනා ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය මගින් රුපියල් බිලියන 5ක මුදලක් වෙන්කර ඇත. ඉන් රුපියල් බිලියන 2.8ක මුදලක් 2026 අගෝස්තු මාසය අවසන් වන විට ගෙවා නිමකිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

අක්‍රිය ආයතන ඈවර කෙරෙන අතරතුර, ක්‍රියාකාරී මට්ටමේ පවතින ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය 51ක් 2026 වසරේ පළමු මාස හය තුළ රුපියල් බිලියන 259.3ක සැලකිය යුතු සමස්ත ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත.

මැදපෙරදිග කලාපීය ගැටුම් හේතුවෙන් අමුද්‍රව්‍ය ප්‍රවාහන වියදම් ඉහළ යාම, ගෝලීය සැපයුම් දාම බිඳවැටීම සහ වෙළඳ ඇණවුම් අවලංගු වීම වැනි දැඩි අභියෝග රැසකට මුහුණ දෙමින් මෙම ලාභය උපයා තිබීම විශේෂත්වයකි. එය 2025 වසරේ මුල් මාස හයේදී වාර්තා වූ රුපියල් බිලියන 227.8ක ලාභයට වඩා රුපියල් බිලියන 31.5ක වර්ධනයකි.

රඳවුම් සමාගමක් සහ නව නීතිමය රාමුව

රාජ්‍ය ව්‍යවසාය ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත්තේ, රාජ්‍ය ව්‍යවසාය 34ක් වසා දැමීම හෝ ඒකාබද්ධ කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි. පසුගිය ඔක්තෝබර් 23 වැනිදා පැවැති රජයේ මිනුම්දෝරුවන්ගේ සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මීට අමතරව, රාජ්‍ය ව්‍යවසාය පාලනය විධිමත් කිරීම සඳහා නව 'රාජ්‍ය වාණිජ ව්‍යාපාර පනත' (Public Commercial Business Act) හඳුන්වා දීමටත්, සියලුම රාජ්‍ය ව්‍යවසායයන් අන්තර්ගත වන පරිදි රඳවුම් සමාගමක් (Holding Company) පිහිටුවීමටත් රජය සැලසුම් කර ඇත.

(සටහන | ජේ.මුණසිංහ)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...