රිය අනතුරකින් පුද්ගලයකු මියයාමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද (06) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ශරීර ඇප දෙකක් හා රුපියල්

මිලියනයක ඇපයක් මත මුදාහැරීමට නියෝගකර ඇත. 

ඊයේ (05) අලුයම පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී ඔහු පැදවූ රියේ ගැටී පාපැදිකරුවකු මිය ගියේය. අලුයම 5 ට පමණ මෙම අනතුර සිදුව තිබුණි.

එම අනතුර සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබු අතර, අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබිණ.

මෙලෙස මිය ගියේ පානදුර ගොරකපොල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි දෙදරු පුද්ගලයෙකි. 

සිද්ධියෙන් පැයකට පමණ පසු ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පානදුර උතුර පොලිස් ස්ථානය වෙත පැමිණ බාර වී තිබුණි.

අනතුර සිදු වු අවස්ථාවේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ද කුසල් සමග එම රථයේ සිට ඇත. 

කුසල් ට මාලි දුන්න අවවාදය මෙන්න 


සිද්ධිය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති සමාජ ක්‍රියාකාරිකයකු වන ශෙහාන් මාලක ගමගේ මෙසේ සඳහන් කර තිබේ.

''ඊයෙ අළුයම 05.00 ට පමණ , ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පැදවූ මෝටර් රියේ ගැටී, පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී , 64 හැවිරිදි, නෙවිල් පීරිස් නැමති දෙදරු පියෙක් ජීවිතක්ෂයට පත් විය. 

සිද්ධිය සිදුවී, පැය කිහිපයක් ඇතුළත ඒ ගැන සොයා බැලීම සඳහා ක්‍රිකට් ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම සමඟ මා ද, අදාළ ස්ථානය වෙත ගියහ. 

එහිදී අපට දැන ගන්නට ලැබුනේ, දින දෙකක් තිස්සේ අඛණ්ඩව රිය ධාවනයෙහි යෙදී තිබීම නිසාත්, කුසල් ඉතා අවිවේකයෙන් පසුව තිබීම නිසාත්, ඔහුට නින්ද යාමෙන් මේ අනතුර සිදුව ඇති බවයි. 

අනතුර සිදුවන අවස්ථාවේ කුසල් සමග ආරම්භක පිතිකරු, අවිශ්ක ප්‍රනාන්දු ද රථයේ ගමන් කර ඇති අතර, ඔවුන් තවත් ක්‍රිකට් ක්‍රීඩකයකුගේ නිවසේ සිට නිවෙස් බලා එමින් සිටියදී අනතුර සිදුව ඇති අතර, ඔවුන් කිසිවකුට අනතුරින් හානියක් සිදුවී නොතිබිණි.

සිද්ධිය පාදක කරමින්, සමාජ මාධ්‍ය හරහා නොයෙකුත් අසත්‍ය ප්‍රචාර ලැව්ගිනි සේ හුවමාරු වනු දක්නට ලැබුණු අතර, නඩු කටයුත්තක් බැවින් ඒ ගැන කරුණු දැක්වීමෙන් වැළකී සිටිමි.

අප අදාළ ස්ථානයට යන විටත්, ශ්‍රීලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග, දනංජය සිල්වා ඇතුළු බොහෝ ක්‍රීඩකයින් පානදුර උතුර පොලිස් ස්ථානයට පැමිණ සිටි අතර කුසල් සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කණස්සල්ලෙන් හා වේදනාවෙන් පසුවිය. 

Lasith Malinga 20එහි දී, ලසිත් මාලිංග විසින් කුසල් ට හරි අපූරු අවවාදයක් ලබාදෙමින් මෙසේ පැවසිය.

''මල්ලි මේක ඇක්සිඩන්ට් එකක්. උඹ හිතලා හැප්පුවෙ නෑ කියලා අපි හැමෝම දන්නවා. ඒ මනුස්සයා වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් අපි හොයල බලලා කරමු. ඊට කලින් මේ හැම දෙයක්ම නීතියට අනුව වෙන්න දීපං.

 අරයට මෙයාට කියලා කෝල් කරන්නම්, උඹව එළියට ගන්නම් කියලා ගොඩක් අය මේ දවස් වල උඹට කතා කරයි. ඒ හැමෝටම කියපං මේක පොලීසියට කරන්න ඉඩ දෙන්න කියලා. මොකද එළියෙ ඉන්න මාධ්‍ය කාරයො කැමරා දික් කරගෙන ඉන්නෙ උඹට ගහන්න. 

කව්රු,  කොහොම කිව්වත් අපි හෙට උසාවි ගිහින්, නීතියට අනුව වැඩ ටික කරලා , ඒ දෙන දඬුවම බාරගමු. උසාවියත් දන්නවා මේකඇක්සිඩන්ට් එකක් කියලා, ඒක නිසා උඹ බයවෙන්න එපා.''


ඒ වනවිටත් කුසල් ගේ පාර්ශවය විසින් අනතුරින් මියගිය අයගේ ආදාහන කටයුතු සියල්ල සූදානම් කර දී තිබූ අතර, මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් කළහැකි ඕනෑම දෙයක් නොපිරිහෙලා ඉටුකරන බවද ප්‍රකාශ කළහ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්