The Leader News
BREAKING
Top Ad
පුවත්

මහ බැංකු අනුපාතය පසෙකලා රේගුවෙන් ඩොලරයට රු.353.17 ක හුවමාරු අගයක් !

T

The Leader Desk

May 26, 2026 • 9:31 AM

මහ බැංකු අනුපාතය පසෙකලා රේගුවෙන් ඩොලරයට රු.353.17 ක හුවමාරු අගයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රේගු දෙපාර්තමේන්තුව සතිපතා ප්‍රකාශයට පත් කරන විනිමය අනුපාත ලේඛනයට අනුව මෙම පියවර ගෙන ඇත.
  • මහ බැංකුව අන්තර් බැංකු ගනුදෙනු හරහා ඩොලරයේ අගය කෘත්‍රිමව පහළ මට්ටමක පවත්වා ගැනීමට උත්සාහ කළද, රේගුව මෙලෙස ඉහළ අගයක් අය කිරීම ගැටලුසහගත බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පෙන්වා දෙයි.
  • සාමාන්‍යයෙන් රේගු අනුපාත තීරණය වන්නේ ඊට පෙර සතියේ පැවති වෙළෙඳපොළ සාමාන්‍ය අගයන් මත වුවද, පවතින නාමික අනුපාතයට වඩා මෙය පැහැදිලිවම ඉහළ අගයකි.
  • මෙම තත්ත්වය මෙරට අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ මිල කෙරෙහි සෘජුවම බලපාන බව 'ෆ්‍රී ලෝයර්ස්' සංවිධානයේ කැඳවුම්කරු, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කියා සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

රේගුවේ නව ඩොලර් අනුපාතය නිසා බඩු මිල ඉහළ යාමේ අවදානමක්; වහාම සංශෝධනය කරන්නැයි ඉල්ලීම්

"මහ බැංකු අනුපාතය නොතකා රේගුව ඩොලරයට වැඩි මිලක් අය කිරීම ගැටලුසහගතයි" - ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න



ශ්‍රී ලංකා මහ බැංකුව සහ වාණිජ බැංකු විසින් ප්‍රකාශිත නාමික විනිමය අනුපාතයන් නොතකා, ශ්‍රී ලංකා රේගුව මැයි 25 සිට 29 දක්වා කාලය සඳහා ඇමෙරිකානු ඩොලරයක රේගු හුවමාරු අගය රුපියල් 353.17 ක් ලෙස ඉහළ මට්ටමක නියම කර ඇතැයි 'ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි.

රේගු දෙපාර්තමේන්තුව සතිපතා ප්‍රකාශයට පත් කරන විනිමය අනුපාත ලේඛනයට අනුව මෙම පියවර ගෙන ඇත.

WhatsApp Image 2026 05 26 at 13.59.35
මහ බැංකුව අන්තර් බැංකු ගනුදෙනු හරහා ඩොලරයේ අගය කෘත්‍රිමව පහළ මට්ටමක පවත්වා ගැනීමට උත්සාහ කළද, රේගුව මෙලෙස ඉහළ අගයක් අය කිරීම ගැටලුසහගත බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පෙන්වා දෙයි.

සාමාන්‍යයෙන් රේගු අනුපාත තීරණය වන්නේ ඊට පෙර සතියේ පැවති වෙළෙඳපොළ සාමාන්‍ය අගයන් මත වුවද, පවතින නාමික අනුපාතයට වඩා මෙය පැහැදිලිවම ඉහළ අගයකි.

මෙම තත්ත්වය මෙරට අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ මිල කෙරෙහි සෘජුවම බලපාන බව 'ෆ්‍රී ලෝයර්ස්' සංවිධානයේ කැඳවුම්කරු, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න  කියා සිටියි.

පාරිභෝගිකයා පිට පැටවෙන මෙම පීඩනය වැළැක්වීම සඳහා මහ බැංකුවේ නාමික විනිමය අනුපාතයට ගැළපෙන සේ රේගු ගනුදෙනු අගයද වහාම සංශෝධනය කිරීමට බලධාරීන් පියවර ගත යුතු බව ඔහු අවධාරණය කරයි.

j67jj68j

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...