වර්තමාන Covid-19 වසංගත තත්ත්වය ඉතා අයහපත් මට්ටමකට පත්වුවහොත් සියලු පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන නැවත නිවාඩු ලබා දෙමින් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට මැදිහත් වන බව අධ්‍යාපන

අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ නිවේදනයක එබව සඳහන් වේ.

එම නිවේදනය මගින් පවසන්නේ, අමාත්‍යාංශය පවසන්නේ තත්ත්වය ඉතා අයහපත් මට්ටමකට පත්වුවහොත් දිවයිනේ සියලුම පාසල්, පිරිවෙන් ඇතුළු අධ්‍යාපන ආයතන සඳහා නැවත නිවාඩු ලබාදෙමින් සියලුදෙනාගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට නොපැකිලව මැදිහත් වන බවය.

අධ්‍යාපන පද්ධතියේ සිසුන් ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනෙකුත් සියලු අධ්‍යාපන කාර්යය මණ්ඩලවල සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම පිළිබඳ  අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි අවධානයෙන් පසුවන බව එම අමාත්‍යාංශය පෙන්වාදෙයි.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ උපදෙස් පරිදි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරීන් සම්බන්ධ කරගනිමින් තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ද පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

1988 ක්ෂණික දුරකථන අංකය හෝ 0112 785 818 දරණ ෆැක්ස් අංකය සහ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනය වෙත අධ්‍යාපන බලධාරීන්ට තම සේවා ස්ථානය සහ ප්‍රදේශයේ කොවිඩ්-19 වසංගත තත්ත්වයට අදාළ තොරතුරු යොමුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

107893525 10223210444872538 1207452177482494498 o
කුඩා දරුවෙකුටත් කොරෝනා ආසාදනය වෙලා!

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් සමීපව ඇසුරු කළ පුද්ගලයින් 150 කට ආසන්න පිරිසක් PCR පරීක්‍ෂණ සදහා යොමුකර ඇත.

ඉන් 79 දෙනෙකු රාජාංගණය ප්‍රදේශයේ පුද්ගලයින්ය. P CR පරීක්‍ෂණ සදහා ඊයේ (11) දිනයේදී පුද්ගලයින් 40 කගේ සාම්පල ලබාගෙන තිබුණා අතර ඉන් 20 කගේ පරීක්‍ෂණ මේ වනවිට අවසන් කර තිබේ. එහිදී තහවුරු වී ඇත්තේ කාන්තාවන් තිදෙනෙකුට හා තවත් කුඩා දරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

අනුරාධපුර ප්‍රාදේශීය වසංගත රෝගවේද වෛද්‍ය තේජන සෝමතිලක කියාසිටියේ, කොරෝනා ආසාදිත උපදේශකවරයා සහභාගි වූ අවමංගල්‍ය උත්සවය සහ දානමය පුණ්‍යකර්මයේදී ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවයි.

රාජංගණය, යාය 5 සහ යාය 1 යන ප්‍රදේශවල පැවති මෙම අවමංගල්‍ය උත්සවය සහ දානමය පුණ්‍යකර්මයට 600 කට අධික පිරිසක් සහභාගි වී සිටි බව වෛද්‍ය තේජන සෝමතිලක පැවසිය.

රාජාංගණය ප්‍රදේශයේ සංචරණ සීමා පනවා ඇති බවත් ඉදිරි PCR ප්‍රතිඵල මත ඒවා දැඩි කිරීමට සිදුවනු ඇති බවත් අනුරාධපුර ප්‍රාදේශීය වසංගත රෝගවේද වෛද්‍ය තේජන සෝමතිලක වැඩිදුරටත් කියා සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්