පාස්කු ඉරිදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ඉන්සාෆ් අහමඩ්ට අයිති කොලොසස් (පුද්ගලික) වෙත ජනාධිපති කාර්යාලයේ හා ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන් ගෙන් මෙන්ම ශ්‍රී ලංකා

ටෙලිකොම් සමාගම ඇතුළු රජයේ ආයතන කිහිපයක විශේෂ අනුග්‍රහයක් ලැබී ඇද්දැයි බරපතල සැකයක් මතුව ඇත.

 බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක, එම්.ජේ.එම්. ෆායිස් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, නියෝජ්‍ය පොලිස්පති, නුවන් වෙදසිංහ වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇත්තේ, කොලොසස් (පුද්ගලික) සමාගමට වැඩි වැදගත්කමක් ලබා දී ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් ඇතුළු රජයේ ආයතන සහ ඉන්සාෆ් අහමඩ් අතර සෘජු හෝ වක්‍ර සම්බන්ධතා තිබුනේ ද යන්නත් එම අරමුදල් ත්‍රස්තවාදය සඳහා යොදා ගත්තේද යන්නත් විමර්ශනය කරන ලෙසයි.

2011 අප්‍රේල් 21 වන දින සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදු කරන ලද විමර්ශනවල ඇතැම් කරුණු සම්බන්ධයෙන් මතුවී ඇති බරපතල ගැටළු ඉස්මතු කරමින්  එම්.ජේ.එම් ෆායිස් විසින් නියෝජ්‍ය පොලිස්පති වෙත යොමුකර ඇති ලිපිය මගින් ,  ''මුල් අවධියේදී අදාල විමර්ශන කටයුතු සාධාරණ ලෙසට සිදු කළ නමුත් වර්තමානයේදී එම පරීක්ෂණ කටයුතු දේශපාලනීකරණය වී ඇති බව පෙනෙන්නට තිබෙන බවට'' සැක මතුකර තිබේ.

එම ලිපියේ මෙසේද සඳහන් වේ.

''සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් එක් අයෙකු වූ ඉන්සාෆ් අහමඩ් නමැති පුද්ගලයාට අයත් කොලොසස් (පුද්ගලික) සමාගමට අදාළව මේ වන විට අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ.

ඒ අනුව, 2017.10.27 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ඒ.එන්.ආර් අමරතුංග මහතා විසින්, කොලොසස් (පුද්ගලික) සමාගම විසින් ඒවා තිබු  ලිපියක් ද සහිතව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙත ලිපියක් යොමු කරමින් හිස් පිත්තල පතොරම් කොපු තොගයක් ලබා දීමට කටයුතු කරන ලෙසට දැනුම් දී ඇත.

WhatsApp Image 2020 07 13 at 7.59.19 PM                                     (ඇමුණුම I) 
හිස් තඹ පතරොම් කිලෝ 1000ක් !

ඉන්පසුව මෙම ලිපියට අමතරව, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක) විසින් 2018.02.05 වැනි දින කොලෝසස් සමාගමේ කළමනාකරු වෙත ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ, උක්ත කරුණ සම්බන්ධයෙන් තමන්ගේ අවශ්‍යතාවය මත හිස් තඹ පතරොම් කිලෝ 1000ක් කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ලබා ගන්නා ලෙසයි. 

WhatsApp Image 2020 07 13 at 7.59.18 PM                                     (ඇමුණුම II) 

එපමණක්ද නොව, 2018.06.06 වන දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර මහතා විසින් කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ, කොලොසස් (පුද්) සමාගම ඉල්ලුම් කර ඇති අබලි තඹ මෙට්‍රික් ටොන් 500 ක් ලබාදීමට අවශ්‍ය කටයුතු කර දෙන ලෙසයි. 

එසේම එම ලිපියේ සදහන් කර තිබුනේ කොලොසස් (පුද්ගලික) සමාගම විසින් කරගෙන යනු ලබන කර්මාන්ත වැඩිදියුණු කිරීම සදහා අතිගරු ජනාධිපතිතුමන් වෙතින් සහාය දෙන ලෙස ඉල්ලීමක්ද කර ඇත.

WhatsApp Image 2020 07 13 at 7.59.20 PM                                   (ඇමුණුම III) 

මෙට්‍රික් ටොන් 1000ක පමණ භූගත රැහැන් තොගයක්:

තවද ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් යැන්කි කන්ස්ට්‍රක්ෂන් සමාගම (Yanky Constructions Company) වෙත නිකුත් කරන ලද මෙට්‍රික් ටොන් 1000ක පමණ භූගත රැහැන් තොගයක්  කොලොසස් (පුද්ගලික) සමාගම වෙත ලබා දී ඇත. 

මේ සම්බන්ධයෙන් හුවමාරු වූ ලිපි කිහිපයක් අමුණා ඇත.

Doc 2020.07.13                             (ඇමුණුම IV)
එමෙන්ම මෙම ව්‍යාපෘති හරහා උපයාගත් අරමුදල් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා යොදා ගෙන තිබේද යන්න සැක සහිතය.

එබැවින්, මේ සිදුවීමට අදාළ සියලු ආයතන පිළිබඳව ගැඹුරින් විමර්ශනය කිරීමට මෙන්ම එම පරීක්ෂණ කටයුතු අපක්ෂපාතී ලෙස ක්‍රියාත්මක කිරීමට හැකි නම් එය බෙහෙවින් අගය කරනු ඇත. 

එසේම කොලොසස් (පුද්ගලික) සමාගමට වැඩි වැදගත්කමක් ලබා දී ඇති මෙම ආයතන සහ ඉන්සාෆ් අහමඩ් අතර සෘජු හෝ වක්‍ර සම්බන්ධතා තිබේද යන්නත් එම අරමුදල් ත්‍රස්තවාදය සඳහා යොදා ගත්තේද යන්නත් විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටිමි. තවද මෙම විමර්ශන ක්‍රියාවලිය වේගවත්  කරන ලෙසත් ඉල්ලා සිටිමි.

මේ කාරණය සම්බන්ධයෙන් ඔබ දක්වන කාරුණික සැලකිල්ල සහ මැදිහත්වීම පිළිබඳව මා බෙහෙවින් කෘතඥ වෙමි.

එම්.ජේ.එම්. ෆායිස් 
හිටපු පළාත් සභා මන්ත්‍රී 
බස්නාහිර පළාත් සභාව

Latter new 2020.07.13

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image