leader s

රූපවාහිනී රියැලිටි වැඩසටහන් වලට සම්බන්ධ වූ දරුවන් රැසක් අපයෝජනයට ලක් කළායයි යයි කියන

 පුද්ගලයෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ කොල්ලුපිටිය පොලිසිය එක්ව ඊයේ (ජුලි 25) අත්අඩංගුවට ගෙන ඇතැයි 'ලංකාදීප' වාර්තා කරයි.

රුපවාහිනී පසුතල නිර්මාණ කරුවෙකැයි  කියන මෙම සැකකරු දිගු කලක් තිස්සේ මෙම අපයෝජන ක්‍රියාවලියේ නිරතව සිට ඇති බවට තොරතුරු ලැබී ඇත.

අපයෝජනයට ලක්වූ දරුවන් අතර ළමා නළුවන් සිටින්නේ යැයි ද අපයෝජන ක්‍රියා වීඩියෝ දර්ශන හැටියට නිර්මාණය කර ඇතැයි ද 'ලංකාදීප' පුවත් වාර්තාවේ සඳහන් වේ.

 සැකකරු ගෙන් හෙළිවූ කරුණු ඔස්සේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්