leader s

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන් රැකියා අහිමි වී ජෝර්දානයේ සිරවී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසකට එරට පොලීසිය විසින් ඊයේ (ජුලි 27) දිනයේ කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

 ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඔවුන් සමග සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේ ගැටලුවට නිශ්චිත විසඳුමක් නැතැයි කියමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විරෝධය පළ කිරීමේ දී මෙම තත්වය ඇතිව තිබේ.

ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ රැකියා අහිමි වී සිටින ශ්‍රී ලාංකිකයින් 500 ට ආසන්න පිරිසක් රඳවා සිටින ස්ථානයේදී එම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ එම ශ්‍රී ලාංකිකයින්ගේ ගැටළුව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි.

ජෝර්දානයේ සිරවී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පවසන්නේ කොරෝනා වසංගත තත්ත්වය නිසා රැකියා අහිමි වී මාස කිහිපයක් ගතව ඇතත් ආපසු මව්බිමට යාමට නොහැකි වී කොටුවී සිටින බවයි. 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්