leader s

ආචාර්ය දීපිකා උඩගම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ.

ලබන සැප්තැම්බර් 01 දා සිට එම ඉවත්වීම බලාත්මක වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ඇය විසින් එවා තිබූ ඉල්ලා අස්වීමේ ලිපියේ දැක්වේ.
 
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයනාංශයේ ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියදී ආචාර්ය දීපිකා උඩගම මෙම තනතුරට වර්ෂ 2015දී පත් කරන ලදී.
 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව එහි සභාපති 8 වන පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අතර එහිදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ තත්ත්වය ඉහළ නැංවීමට සභාපතිනිය ලෙස ඇය විසින් ඉටුකළ මෙහෙය බෙහෙවින් ඇගයීමට ලක්ව ඇත. 

පසුගිය කාලය තුළ ලොව අනෙකුත් මානව හිමිකම් කොමිෂන් සභා අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉහළ තත්ත්වයකට පත් වූ බවත්, ඒ සඳහා ආචාර්ය දීපිකා උඩගම විසින් ඉටුකළ කාර්යභාර්ය සුවිශේෂී බවත් සභාපති කරු ජයසුරිය සඳහන් කර ඇත.

එම රැස්වීම කරු ජයසුරිය සභාපතිත්වය දැරූ අවසාන ව්‍යවස්ථා දායක සභා රැස්වීම ලෙස ඉතිහාසයට එක්වීමට නියමිතය. ඒ ඉදිරි මහ මැතිවරණයෙන් පසු නව කථානායකවරයකු යටතේ ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත හෙයිනි.

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්