leader s

නව මහ බැංකු පනත නිසා මින් ඉදිරියට රජයේ අයවැය හිඟය පියවීමට මුදල් අච්චු ගැසීම වැනි අහිතකර මූල්‍ය ක්‍රමවේදයන් භාවිත කිරීමට අවස්ථාවක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේය.


කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැති ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ (SLEA) වාර්ෂික ජාත්‍යන්තර සමුළුවේදී ප්‍රධාන දේශනය පවත්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මේ බව කියා සිටියේය

මුදල් අච්චු නොගැසීම නිසා දිගුකාලීන මිල ස්ථායීතාව සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සහතික කිරීමට හැකි වනු ඇතැයිද අධිපතිවරයා කියා සිටියේය.

 

රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය ඉදිරියටත් පවත්වා ගැනීම අතිශය තීරණාත්මක බවද නන්දලාල් වීරසිංහ පැවසීය. මෙහිදී අධිපතිවරයා පෙන්වා දුන්නේ මෑතකාලීන ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ගනු ලැබූ දැඩි මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් උද්ධමනය පාලනය කිරීමටත්, විදේශ සංචිත මට්ටම ඉහළ නංවා ගැනීමටත් හැකි වී ඇති බවයි.

 WhatsApp Image 2026 02 09 at 4.17.32 PM 1

 

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික පසුබෑමෙන් පසු ක්‍රමිකව ධනීය ආර්ථික වර්ධනයක් කරා ගමන් කිරීමට අඩිතාලම වැටී ඇති බව ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය ඇති කිරීම සඳහා විදේශීය ණය හිමියන් සමඟ සිදුකරන සාකච්ඡා සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවන් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අධිපතිවරයා මෙහිදී නැවතත් සිහිපත් කළේය.

දේශපාලන හෝ සමාජීය වෙනස්කම් මධ්‍යයේ වුවද, ආර්ථිකයේ මූලික මූලධර්ම සහ විනය ආරක්ෂා කර ගැනීම රටේ අනාගත සමෘද්ධිය සඳහා අනිවාර්ය සාධකයක් බව අධිපතිවරයාගේ අදහස විය.

 

ආර්ථිකය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව නොමැති බවත්, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ, අපනයන දිරිගැන්වීම සහ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම වැනි අංශයන්හි තවමත් විශාල අභියෝග පවතින බවත් අධිපතිවරයා පෙන්වා දුන්නේය.

 

WhatsApp Image 2026 02 09 at 4.17.34 PM 2

මහාචාර්ය විජිතපුර විමලරතන නාහිමියෝ

 

ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුර විමලරතන නාහිමියෝ ..

''ශ්‍රී ලංකාව ආර්ථික සෞභාග්‍ය ලගාකර ගැනීමටනම් අනිවාර්යයෙන් අපනයන ආදායම වැඩිකර ගත යුතුයි. ආනයන වියදම් අඩුකර ගත යුතුයි. ඒ හරහා ගෙවුම් ශේෂයේ හිඟය අඩු කර ගත යුතුයි. ජාතික අයවැය හිඟය අඩුකර ගත යුතුයි. ''

''අපනයන ආදායම වැඩිකර ගැනීමේදී කෘෂිකාර්මික අංශයේ දායකත්වය දැනට වඩා නව තාක්ෂණය හා මුසුවූ වානිජ කෘෂිකර්මාන්තයක් කරා අප පිවිසිය යුතුයි. කර්මාන්ත අංශයේ විශාල දියුණුයක් ඇතිකළ යුතුය. සේවා අංශයේ ඉහළ ආදායම් ලබන මට්ටමකට රැගෙන යායුතුයි.

එහිදි මානව සම්පත සතු නිපුනතා සහ කුසලතා වැඩිදියුණු කළ යුතුයි. ඒ සඳහා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වේගවත් කළ යුතුයි. ''

 

WhatsApp Image 2026 02 09 at 4.17.36 PM

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා

 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා,

''ශ්‍රී ලංකාවේ ආර්ථික විද්‍යා විෂය පථයේ දැවැන්තයා වන්නේ අභාවප්‍රාප්ත මහාචාර්ය ඒ.ඩී.වී ද එස් ඉන්ද්‍රරත්න මහතාය. එතුමාගේ දැනුම සහ මග පෙන්වීම මේ විෂය ක්ෂේත්‍රයේ බල ගැන්වීමට  ඉවහල් වුණා. එතුමා වැනි අයගේ ඇසුර ලැබීමත් සතුටක්. අද සංවර්ධනය පිළිබඳ කතා කිරීමේදී එක් එක් ක්ෂේත්‍ර මනාව සම්බන්ධීකරණය නොවී තිබීම විශාල ගැටලුවක් වී තිබෙනවා.

සරළ උදාහරණයක් ගෙන පැහැදිලි කළහොත් මාර්ගයක් කාපට් කොට පිළිසකර කර ටික දිනක් යන විට ජල යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට එහි කඩතොලු කරනවා. එය සිදු කොට ටික කළකින් විදුලිබල ආයතන නැතිනම් දුරකතන සමාගම් තමන්ගේ තමන්ගේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට එහි ඉදි කිරීම් කරනවා. මේ නිසා අවස්ථා කිහිපයකදීම අලංකාරව නිමවා තිබූ මාර්ගය කඩතොලු වෙනවා. එය මුදල්නාස්තියක් මෙන්ම සංවර්ධනයේදී බාධා සිදුවන්නක්. අපි මෙවැනි අඩුපාඩු ඇති නොවීමට වග බලා ගත යුතුයි.''


WhatsApp Image 2026 02 09 at 4.17.36 PM 2
ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ නව සභාපති මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක ද මෙහිදී අදහස් දැක්වූහ.

WhatsApp Image 2026 02 09 at 4.17.32 PM
ජාත්‍යන්තර මට්ටමේ ආර්ථික විද්‍යාඥයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික මාවත පිළිබඳව මෙලෙස වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට බඳුන් විය.

(සටහන | ජේ.මුණසිංහ)
fgtytu54564

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්