ජීවිතය කෙටියි. යෝ# සදාකාලිකයි.
ඉතාලියානු ශෘංගාර සිනමාවේ දෙවියන් මියගිය බවයි.
ටින්ටො බ්‍රාස් නොවැම්බර් 04 වෙනිදා මියගිය බව දැනගන්න ලැබුණා. මියයද්දි වයස අවුරුදු 93ක්. ඒ පුවත දුටු සැනින් මම ටින්ටොගෙ පැප්රිකා ආපහු බලන්න පටන් ගත්තා. ඒක හරිම අපූරු ආසාවක්. දැඩිව ආදරය කරපු කෙනෙක් මිය ගිය සැනින් ඉරොතික චිත්‍රපටියක් නරඹන්න හිතෙන එක. මරණය සාමාන්‍යයෙන් දුක්බර දෙයක් වුණත් ටින්ටොගෙ මරණය අනිවාර්යයෙන් උත්සවයක්. ටින්ටො බ්‍රාස් කියන්නෙ මරණය පවා ශෘංගාරකරණය කළ දෙවියෙක්.
කලාව සහ ලිංගිකත්වයේ සීමා බොඳ කළ සිනමාව
ටින්ටො බ්‍රාස්ගෙ චිත්‍රපටියක් බලද්දි අපිට ෆෙඩ්‍රිකො ෆෙලිනිව දකින්න පුළුවන්. පැසොලිනිව දකින්න පුළුවන්. සාද්ව දකින්න පුළුවන්. බර්ටොලුචිව දකින්න පුළුවන්. ටින්ටො බ්‍රාස්ගෙ පුරුෂ ලිංගයන් උත්ථානය කරන අධිමාත්‍ර ශෘංගාරය ඇතුළෙ මේ කලාත්මක සිනමාවෙ දැවැන්ත හෙවණැලිත් ඒ විදිහටම තියෙනවා.
ටින්ටො කියන්නෙ යුරෝපියානු සිනමාවෙ කලාත්මක සිනමාව, ලිංගිකත්වය සහ වාණිජ රසාස්වාදය පිළිබඳ සියලු සීමා බොඳ කරපු සිනමාකරුවෙක්. ඩයොනීසියානු සිනමාවක මැවුම්කරුවෙක්.
ටින්ටො බ්‍රාස්ගෙ චිත්‍රපටි ඇතුළෙ ලිංගිකත්වය කියන්නෙ ඉර එළිය තරම් ස්වභාවික දෙයක්. එය දිව්‍යමය සතුටකින් නැහැවෙනවා. ටින්ටො ලිංගිකත්වය මනුස්ස පැවැත්මේ කේන්ද්‍රය විදිහට ගන්නවා. ආදරය, ගැඹුරු මිනිස් සම්බන්ධතා තුළින් සීරියස් විදිහට ලිංගිකත්වයට එළඹෙනවා වෙනුවට ටින්ටො එයාගෙ සිනමාව ඇතුළෙ ඊඩ්න් උයනෙ ආදම් සහ ඒවා තරම් ඉනසන්ස් එකකින් ලිංගිකත්වය වැළඳගන්නවා.
සදාචාරය සහ දේශපාලනය නිරුවත් කිරීම
ඒ ලිංගිකත්වය පසුබිමේ දේශපාලනය කතා කරනවා. ලිංගිකත්වයේ මූලික සදාචාර සීමාවන් අභියෝගයට ලක් කරනවා. ටින්ටොගෙ ඉරොතික සිනමාව බරසාර නෑ. එය හාස්‍ය රසයෙන් පිරිලා. සිනහව උතුරා යන ලිංගික ප්‍රමෝදයක් වෑහෙන ස්වර්ගමය අත්දැකීමක්. ටින්ටො බ්‍රාස් සිනමාව ස්වර්ගමය රසයි කියල මං කියන්නෙ ඒකයි.
පැප්රිකා චිත්‍රපටියෙ තියෙන්නෙ ඉතාම තරුණ කෙල්ලෙක් ගණිකාවක් බවට පත්වෙන හැටි. ඇගේ පෙම්වතුන් විසින් ඇයව රවටන හැටි. නමුත් ඇගේ ශරීරයේ බලය අත්පත් කරගනිමින් ඇය කවුන්ට්වරියක් දක්වා ජීවිතය ජයගන්නා හැටි. ටින්ටො බ්‍රාස්ගෙ සිනමාවෙ ගැහැණු ලිංගිකත්වය හැමවිටම අසීමිත බලසම්පන්න එකක්.
‘මට නින්ද යන්නෙ නෑ. මට පියාඹන පුරුෂ ලිංගයන් පේනවා’
ගණිකාවක් ලෙස ජීවිතයේ පළමු රාත්‍රියේ පැප්රිකා කියනවා. එතනදී ඇය ජීවිතයේ පළමු වරට සමලිංගික අත්දැකීමක්ද ලබනවා.
‘මට දැන් මං පියාඹනවා වගේ දැනෙනවා’
ඇගේ සමලිංගික සතුටෙහි කෙළවර ඇය නැවත කියනවා.
පැප්‍රිකා සහ ගණිකා නිවාසයේ දේශපාලනය
පුරුෂ ලිංගයන්ගේ පීඩාව මකා දමන්න ස්ත්‍රීමය ලිංගික අත්දැකීමක්ද අවැසි බව ටින්ටො බ්‍රාස් යෝජනා කරනවා. ටින්ටොගෙ සිනමාව ඇතුළෙ ටැබූ කියන්නෙ ලොසින්ජර තරම් රස පැණි කඩුලු.
මේ පසුබිමේ 1958 ගණිකා නිවාස තහනම් කරමින් පැනවුණු මර්ලින් නීතිය ගැන කතාව එනවා. එක පැත්තකින්, කාන්තාවන් සූරාකෑමෙන් ආරක්ෂා කිරීමේ මුවාවෙන් මේ නීතිය ක්‍රියාවට නැගෙද්දි ගණිකාවක් වීම ගැන අභිමානයෙන්, නිදහසේ මුදල් උපයමින් වංශාධිපතිනියක් දක්වා ගමන් කරන පැප්‍රිකා අනෙක් පැත්තෙ ඉන්නවා.
එක වෙලාවක ගණිකා සොයුරියක් යම් අසනීපයක් නිසා මිය යනවා. වහාම දොස්තර කෙනෙක් කැඳවනවා. යාබද කාමරයක රති කෙළියේ යෙදෙමින් සිටි දොස්තරෙක් දුවගෙන එනවා. ඒත් ඇගේ මරණය පමා කරන්න හැකි වෙන්නෙ නෑ. ඇය දේවගැතිවරයෙක් මුණගැහෙන්න අවශ්‍ය බව කියනවා. තවත් කාමරයකින් ගණිකාවක් සමග හුන් පාදිලියෙක් එතනට දුවගෙන එනවා. නීති, සෞඛ්‍ය, ආගමික, දේශපාලන හැම අධිකාරියක්ම එකම ගණිකා නිවාසයක කාමර ඇතුළෙ නිරුවත් වෙනවා.
ගැහැණු පස්සක පැද්දිල්ල මත තැබූ සිනමාව
'ගණිකා නිවාසයක් කියන්නෙ ලොකු පවුලක්' ඒ නිවසේ හිමිකාරිය කියනවා.
පැප්රිකාගේ සැමියා වන වයසක කවුන්ට්වරයා ඇගෙන් මරණය තරම් කූටාප්‍රාප්ත ආස්වාදයක් ලබා වැතිර සිටියදී ඇය මෙහෙම කියනවා.
‘බස්තියානු, හැමදෙයක්ම වහගෙන යනවා. එක යුගයක් අවසාන වෙනවා’
මට හිතෙන්නෙ මේ බස්තියානු නම් ප්‍රභූවරයා කියන්නෙ ටින්ටො බ්‍රාස්ම තමයි කියල.
ටින්ටො බ්‍රාස් නික්ම ගිය පුවත මට දැනුනෙත් එහෙමයි.
අනුරාගයේ යුගයක් අවසන් වෙනවා.
ඒ තරම් නිර්භීතව, විනෝදකාමීව, සැහැල්ලුව, ස්ත්‍රී සිරුර මත අරගල කරපු, ඒ තරම් ලස්සනට ගැහැණු පස්සවල් දැකපු, ඒ ගැහැණු පස්සක පැද්දිල්ල මත සිනමාවේම බර තබන්න තරම් දඩබ්බර වුණු සිනමා අධ්‍යක්ෂවරයෙක් තවත් නෑ.
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)




