leader s

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී 'අපේ ජන බල පක්ෂය' වෙත ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හේතුවෙන් හටගෙන ඇති 'සාදුලාගේ මන්ත්‍රී වලිය' දිනෙන් දින උත්සන්න වෙමින් මාධ්‍යයට

දවසින් දවස උණුසුම් පුවත් මවමින් තිබේ.

 මේ වනවිටත් එම පක්ෂයේ ලේකම්වරයා 'අතුරුදන්ව' සිටින අතර පසුගියදා එම පක්ෂයේ නායක හිමිනමක වන ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රකාශ කළේ ලේකම්වරයා, බින් ලාඩන් මෙන් සැඟවී සිට විටින් විට වීඩියෝ පට නිකුත් කරමින් සිටින බවයි.

මේ අතර එම පක්ෂයේ ඉදිරි පෙළ නායක භික්ෂූන්  වහන්සේ නමක් මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් පවසන්නේ පක්ෂ ලේකම්වරයා සඟවාගෙන සිටින්නේ වෙන කිසිවෙකුත් නොව අතුරලියේ රතන හිමි විසින්ම බවයි.

ඊයේ දිනයේ (අගෝස්තු 17) එම පක්ෂයේ තවත් ක්‍රියාකාරී හිමි නමක් වන පුජ්‍ය අරඹේපොල රතනසාර හිමියන්  කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය වෙත ගොස් එරට රැකවරණ ඉල්ලා ඇත. 

කොඩියේ මන්ත්‍රීකම ගන්න කඩු -තුවක්තු එලියට අදී!

තානාපති කාර්‍යාලයට මේ සම්බන්ධයෙන් ලිපියක් භාර දීම සඳහා පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සහ අපේ ජනබල පක්ෂයේ සභාපති වන වැලිසරගේ සමන් පෙරේරා නැමැති අය විසින් තමාව බලහත්කාරයෙන් පැහැර ගත් බවයි.

 කොළඹ අවට විහාරස්ථාන ඇතුළු ස්ථාන කිහිපයක රඳවාගෙන සිටිමින්, පක්ෂයේ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමි සිටින්නේ කොතැනද යන්න විමසමින් තමාට පහර දුන් බව ද රතනසර හිමි එහිදී පැවසුහ.

උන්වහන්සේ තවදුරටත් පැවසුයේ, තමන් වහන්සේ පැහැරගෙන ගොස් පිස්තෝලයතින් පහර දුන් බවත්, ඥානසාර හිමියන්ද කඩුවක් අතෙහි තබාගෙන තමන්ට පහරදුන් බවත්ය.

කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව මධ්‍යවෙත අදහස් දැක්වූ  අරඹේපොල හිමි.


කව්ද මේ අරඹේපොල රතනසාර හිමියෝ !

මෙසේ ඊයේ දිනයේ ජීවිතාරක්ෂාව පතා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ රැකවරණ ඉල්ලා සිටි පුජ්‍ය අරඹේපොල රතනසාර හිමියන් 'කලහකාරී සිද්ධීන්ට' ප්‍රසිද්ධ හිමිනමක් ලෙස ප්‍රකට වූ ස්වාමින් වහන්සේ නමකි. 

2017 සැප්තැම්බර් 26 වැනි දා ගල්කිස්ස ප්‍රදේශයේ දී මියන්මාර් සරණාගතයන් පිරිසකට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේ ද උන්වහන්සේය. එම සිද්ධියට අදාල අනෙක් සැකකාර ස්වාමින් වහන්සේ පුජ්‍ය අක්මීමන දයාරතන නායක හිමියන්ය.

උන්වහන්සේලා දෙනාම එදින ස්විට්සර්ලන්ත රජයට එරෙහිව උද්ඝෝෂණය කළ අතර එලෙස කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනයක් පැවැත්වෙද්දී පුජ්‍ය අරඹේපොල රතනසාර හිමියන් පොලිසියට කට්ටි පනිමින් දින කිහිපයක් සැඟව සිටියේය.

ගිහි පැවිදි හැඳුනුම් පත් තියාගත් 'අපූරු දේශප්‍රේමියා' !


id1            ජයාරූප -srilankabrief.org

මෙම රතනසාර හිමියන් එසේ රෝහින්ග්‍යා සරණාගතයින්ට පහර දීමට ගියේ රට ජාතික බේරා ගැනීමේ නාමයෙනි.

කෙසේවුවද සිද්ධියෙන් පසු පොලිසියට කට්ටි පනිමින් සැඟවී සිටි අරඹේපොල රතනසාර හිමියන්, එම වසරේ ඔක්තෝම්බර් 20 දා අලුයම  මහනුවර සිට කොළඹට යමින් සිටිය දී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ගිහි-පැවිදි හැඳුනුම්පත් දෙකක් ද සහිතව අත්අඩංඟුවට ගනු ලැබිය. 

නිට්ටඹුව පොලීසියේ ද සහය ඇතිව එසේ අත්අඩංගුවට ගත් උන්වහන්සේව අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

අරඹේපොල රතනසාර හිමියන් මෙසේ  හැඳුනුම් පත් දෙකකින් දිගින් දිගටම පෙනී සිට ඇති අතර, ඉන් එක් හැඳුනුම්පතක් ගිහි ජීවිතයට අදාළ එකක් වන අතර, අනෙක් හැඳුනුම්පත පැවිදි ජීවිතයට අදාළ හැඳුනුම් පතක් වෙයි. 

මෙමගින් සිය ආගමික ජීවිතයට නොගැලපෙන ක්‍රියාවන්හි යෙදීමට රතනසාර හිමියන්ට අවස්ථාව ලැබී ඇතැයි පොලිසියේ ප්‍රකාශකයින් මාධ්‍ය හමුවේ පවසා තිබිණ.

Rathanasara pic 18රතනසාර හිමියන්ගේ එක් හැඳුනුම්පතක සඳහන් වෙන්නේ අරඹේපොල රතනසාර හිමි, උපන් දිනය 1992. 12. 05, උපත කුරුණෑගල, ලිපිනය- අංක 226 පූර්වාරාම පාර කිරුලපන කොළඹ 05 යනුවෙනි. එම හැඳුනුම්පත නිකුත් කර ඇත්තේ 2011 දෙසැම්බර් මස 9 වැනි දින වෙයි.

රතනසාර හිමියන් විසින් භාවිත කර ඇති අනෙක් හැඳුනුම්පතේ සඳහන් වෙන්නේ තෙන්නකෝන් මුදියන්සේලාගේ චාමර තෙන්නකෝන්, දූව පන්සල පාර, කලුතර දකුණ යනුවෙනි. එහි සඳහන් උපන් දිනය ඉහත සඳහන් හැඳුනුම්පතේ උපන් දිනයම වෙයි. එම හැඳුනුම්පත නිකුත් කර ඇත්තේ 2017. 07. 05 දින වෙයි. සිද්ධියට මාස දෙකකට පෙර එම හැඳුනුම්පත නිකුත් කර තිබිණ.

 අත්අඩංගුවට ගත් රතනසාර හිමියන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී උන්වහන්සේ විසින් හැඳුනුම්පත් දෙකක් භාවිත කළ බව පිළිගෙන ඇත. 

හැඳුනුම්පත් දෙකක් භාවිත කිරීම බරපතළ වරදක් බව දැන දැනම රතනසාර හිමියන් විසින් මේ ආකාරයෙන් හැඳුනුම්පත් දෙකක් භාවිත කිරීම සඳහා එම හැඳුනුම්පත් සකස් කර දීමට ක‍ටයුතු කළේ කවුද? යන්න සහ මේ පිටුපස ක‍රගෙන යන අපරාධ මොනවාද යන්න ආදී වශයෙන් මේ සියලු වංචා සහගත සිද්ධීන් ඇතුළු සියලු දෑ අනාවරණය කර ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්මින් සිටියදී අතරමග දී එම පරීක්ෂණ කටයුතු නතරකර තිබිණ.

දෛවයේ සරදමක් !

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලට බලහත්කාරී ලෙස මැදිහත්වන බවට සහ රටට ‍එරෙහිව විවිධ කුමන්ත්‍රණ දියත් කරන බවට චෝදනා එල්ල කරන පුද්ගලයන්ට අවසානයේ එම තානාපති කාර්යාලයේම රැකවරණය පැතීමට සිදුවීම ‍එක් අතකින් දෛවයේ සරදමක් බව colomboxnews.com වාර්තා කර තිබේ.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්