leader s

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඊයේ  (02) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ඉදිරිපත් කෙරුණු කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කිරීමට ද අනුමැතිය හිමිවූ බව වාර්තා වේ.

එමෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය, ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තු ධුර කාලය වසර 5 කට සීමා කිරීම, ජනාධිපතිවරයාට තරඟ කළ හැකි වාර ගණන දෙවරකට සීමා වීම හැරුණු කොට 19 වන සංශෝධනයේ සෙසු සියලු කරුණු ඉවත් කිරීමට පනත් කෙටුම්පතින් තීරණය වී තිබේ.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේදී 2/3 බහුතරයකින් සම්මත කර ගත හැකි බවත් ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් නීතිපතිවරයා අධිකරණ අමාත්‍යාංශ ලේකම්ට ඊයේ දන්වා තිබිණ.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්