''මාතලේ විතරයක් නෙවෙයි, මුළු වනාතවිල්ලුවම කපලවා. අක්කර 100 කට වැඩිය ගිණි තියලා කපලා මොරටුවට පටවලා ඉවරයි.

සිංහරාජය කපනවා. කඩොලාන සුද්ද කරනවා. මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ ඉතුරු කැලෑ ටික කපලා, ඉතුරු වැලි, කබොක්, පස් ටික කපාගන්නයි. එහෙම නැතිව මාතලේ හරි රටේ හරි ප්‍රශ්න විසඳන්න නොවේ'' යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි, රෝහිණී කවිරත්න පැවසුවාය.

ඇය එබව සඳහන් කළේ උකුවෙල කිරිමැටියාවේ පැවති රැස්වීමක් අමතමිනි.

19 ටත් අත ඔසවා 20 ටත් අත උස්සන්නේ දේශපාලන ප්‍රතිපත්තියක් නැති අවස්ථාවාදීන් බව එහිදී අවධාරණය කර සිටි මන්ත්‍රීවරිය තවදුරටත් මෙසේද පැවසුවාය.

''ජනාධිපතිවරයා රජකෙනෙක් කරන්න ඡන්දය 18 වන ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දුන් 61 දෙනෙක් ජනාධිපතිගේ බලය පාර්ලිමේන්තුවට දෙන්න, ජනාධිපතිගේ බලය කොමිෂන් සභාවලට දෙන්න, තොරුතුරු අයිතිය තහවුරු කරන්න ඡන්දය දුන්නා.

 19 යේ තියෙන හොඳ ගැන පාර්ලිමේන්තුවේ කථා පවත්වපු අය අද, මහින්ද අගමැති ගේ බලය ගෝඨාභය ජනාධිපතිගේ අතට දෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනය හොඳයි කියලා වොයිස් කට් දෙනවා.  

Cartoon 2020''19 යේ තියෙන හොඳ ගැන පාර්ලිමේන්තුවේ කථා පවත්වපු අය අද, මහින්ද අගමැතිගේ බලය
ගෝඨාභය ජනාධිපතිගේ අතට දෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනය හොඳයි කියලා වොයිස් කට් දෙනවා.''  

 

‘ඔළු තුනේ බූරුවෝ'

18, 19 දෙකටම අත උස්සලා 20 ටත් අත උස්සන්නේ එදා ඇන්.එම්. පෙරේරා කිව්ව විදියට ‘ඔළු තුනේ බූරුවෝ'

එදා මෛත්‍රීපාල ජනාධිපතිවරයා ගේ බලතල අඩු කරන්න, ඡන්දය දුන්න අද අණ්ඩුවේ ඉන්න කැබිනට් ඇමතිවරු පහළොවකට වැඩිය දැන් ජේ.ආර්.ටත් වැඩිය දරුණු ව්‍යවස්ථාවක් හදන්න හදනවා.

යමපාලන ආණ්ඩුවේ හොඳම ටික භික්ති විඳපු මෛත්‍රීපාල සිරිසේන ගේ අනාථයෝ මහින්ද සමරසිංහ, රංජිත් සියඹලාපිටිය, එස්.බී.දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා, දුමින්ද දිසානායක ගැන කියන්න තියෙන්නේ ‘පව් අප්පා‘ කියල තමයි.  

තටු කපපු මේ සෙට් එකට දැන් ව්‍යවස්ථාව වෙනස් කරලා ඇමතිකම් දෙනවා කියලා ‘කැරට් අලයක්‘ දීලා තියෙනවා.

‘අනේ අපොයි‘ ඩිලාන් පෙරේරා වගේ අය දැන් ඇමතිකමක් බලාගෙන කරත්තේ අදිනවා ...

තිස්ස විතාරණ, ජී.එල්.පීරිස් ලාවගේ අයට ලඟ දැන් ප්‍රතිපත්තියක් තිබුණේ නෑ.  ඒ නිසා හැරෙන හැරෙන පැත්තට හෝයියා කියනවා.

17, 18, 19 තුනටම ඡන්දේ දීලා දැන් 20 ට ඡන්දේ දෙන්න බලාගෙන ඉන්න මන්ත්‍රීවරු 23 ක් ඉන්නවා.  

අද මාතලේ විතරක් නෙවෙයි, රටේම තියෙන්නේ මෙන්න මේ ලැජ්ජා නැති දේශපාලන අවස්ථාවාදය යි.

 මාතලේ මෙවර ඡන්දයෙන් විපක්ෂයට ඉන්නේ මම විතරයි.  ආණ්ඩුව හදන්න ඡන්දය ලැබුණු අය ඇමතිකම් හම්බවෙලා දැන්,  කොළඹට ගිහින් නිසා මම ඔබලා බලන්න ආවා.  

මම අහනවා, මේ මාතලේ ඉතිහාසයේ වැඩිම ඡන්ද ගණනක් පොහොට්ටුවට ඡන්ද දුන්නේ ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට එන්න ව්‍යවස්ථාව වෙනස් කරන්න ද?,  

මැතිවරණ කොමිෂන් සභාව අහෝසි කරලා, ආයේ වයඹ වගේ ඡන්ද තියන්න ද?

පොලිස් කොමිසම නැතිව ඇමතිවරුන්ට ඕන විදිහට පොලීසියේදීම නඩු අහන්ද? කියලා. ''

Rohini 1

Rohini 2

Rohini 3

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්